ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේ දී බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 16 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

සන්ධ්‍යා මහත්මිය එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවේ සාක්කිකාරියක බවත්, අපරාධ වින්ධිතයන් ආ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සාක්කිකාරයකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු කීහ.

එම පනත සම්බන්ධයෙන් ගැටළු ඇති නිසා ඒ ගැන ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපර්ශ්වයටම නියෝග කැරිණි. ඒ වන තෙක් ඥානසාර හිමි රිමාන්ඩ් කරනු ලැබීය.

IMG_1447 IMG_1451 IMG_1457(1) IMG_1457

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

වීඩියෝ - ලහිරු හර්ෂණ