මාලබේ තලාහේනේ පිහිටි පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර ඔවුන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචන පෙත්සම් මාර්තු01 වැනිදා විභාගයට ගැනීමට අභියාචානාධිකරණය අද තීන්දු කළේය.

පෙත්සම විභාගයට ගන්නා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඥානසාර හිමියනට  නොතීසි නිකුත් කෙරිණි.

මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන විනිසුරුවරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.

නීතිපති විසින් ගොනු කරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.