සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී තර්ජනය කිරීමෙන් උසාවියට අපහාස කර නිලධරයන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (10) හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
ජායාරූප - ළහිරු හර්ෂණ
වීඩියෝ - බුද්ධික කුමාරසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාක්‍රමබාහු රජතුමා, කුඹුරු කොටන්න යවන්න නියමකලේ මේවගේ දුශ්ශීල චීවර ධාරීන්වය්. (කෞ)
හිමි නමකට ඔබින දේවල් නෙමේ කරලා තියෙන්නේ , එකයි මේ සිවුරු දාගෙන බන්දනාගත වෙන්නේ (කෞ)
මේ මොහොතේ නීතියේ සහ අධිකරණයේ ගෞරවය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අප සියල්ලන්ගේම ගෞරවය සහ ප‍්‍රණාමය හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට පුද කළ යුතුය. එය ජාතික වගකීමක් බව අප වටහා ගත යුතුය. (ම)
අපේ හාමුදුරුවනේ ,මගේ අදහස ,මේ ආගම ,ජාතිය ,කුලය සියල්ලම මිහිපිටින් ,අතුග දාන්න ඕන ,අන්න ඒ සඳහා කතිකාව ගොඩ නගන්න (ම)
බුද්ධ චීවරයේ ගෞරවය රැක්කනම් මෙහෙම දේවල් වෙන්නේ නැහෙ අපේ හමුදුරුවනේ. දේශපාලකයින්ට දේශපාලනේ කරන්න කියල ඔබවහන්සේ බුදුන් ගිය මග යන්න උත්සහ කරන්න. ඔබවහන්සේට තෙරුවන් සරණයි (බ)
නිමල් රාජපක්ෂ. ඔබ අර මොකක්ද හංගගෙන තව එකකින් වැඩේ කරන්න හරිම දක්ෂයි නේද? (බ)
අදත් උසාවි දැම්මට වැඩක් වෙන එකක් නෑ.(හේ)
පහුගිය ආණ්ඩුවෙන් ජඩ වැඩ කරනකොට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා දැන් බොරුවට දගලනවා රට ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න ඔය ප්‍රශ්නේ විතරද තියෙන්නේ මත්ද්‍රව්‍ය ගව ඝාතන වෙනුවෙන් අරගල කරානම් අපි හැමෝම ඔබවහන්සේ සමගයි එත් ඔය ඔක්කොම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන දේවල්.මගේ දැක්මනම් බොදුබලේ හා රාවණා බලුකායයි තහනම් කළ යුතුයි (හේ)
මෙන්න අර ඒ දවස්වල කියපු අර ලිච්ජවී රාජ්‍ය පාලනය!! මම මේ කල්පනා කරන්නේ උපුල් වැනි පුද්ගලයනට සත්‍ය නොවැටහෙන්නේ උපන් ගෙයි මෝඩකම නිසාද, නැත්නම් ඇහේ දාගන ඉන්න පාට කන්නාඩිය නිසාද කියල,,, (බ)
නිමල් ඔබට ඕනේ ගලගොඩඅත්තේ හිමිගේ ආගමද. අපිට ඕනේ ගෞරවය ලැබිය යුතු භික්ෂුන්ලා. (බ)
නීතිය හැමෝටම එක හා සමාන විය යුතුයි. හිමිනමක් නිසා විශේෂ වරප්‍රසාද ලබාදෙමින් විලංගු නොදමා උසාවියට ඉදිරිපත්කිරීම අසාධාරණයි (බ)
හරි අපිට එක තේරෙනකොට සිංහලයාට රටක් නැතිවෙලා ඉවරයි.(අ)
රට, ජාතිය, ආගම, වැඩක් නෑ හාමුදුරුවනේ. ඒ ගැන කතා කරන්න ගිහින්නේ ඔබ වහන්සේට මෙහෙම වුණේ (බ)
උපුල් වැනි පුද්ගලයන්ට අබසරණ පතමි .....(බ)
සමන්ත ලිච්ජවී රාජ්‍ය පාලනය කියන්නේ වැරදිකරුවන්ට නිදහසේ ඉන්න දෙන එක නෙමේ, සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක කිරීමත් එහි අන්තර්ගතයි (බ)
සමන්ත සහ ගුණවර්ධන උගත් මිතුරනි" ශ්රද්ධාව සහ බුද්ධිය අතර වෙනස බුදුන් වහන්සේ තරම් අවධාරණය කළ වෙනත් ශාස්තෘවරයෙක් නැත. තමාගේ ධර්මය ශ්‍රද්ධාවෙන් අවබෝධ කරගත නොහැකි බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ වෙනුවට බුද්ධියෙන් කරුණු විමසන්නැයි දේශනා කළ සේක. ජාතියක් වෙනුවෙන් විනාශයට නොයා යුතු යම් දහමක් වෙත් නම් ඒ බුද්ධාගමයි. සතා සීපාවාගේ පැවැත්ම පවා එක සේ සලකන බුදු දහමේ සාරයම, ජන්ම වර්ගීකරණයක් වන ජාතිය ප්‍රතික්ෂේප කිරීමකි. ජාතිය ප්‍රතික්ෂේප කරන ආගමක්, ජාතිවාදය ඊටත් වඩා ප්‍රතික්ෂේප කරයි. (බ)