වැලිගම ඥානරතන අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකායේ මහා නා හිමියෝ (101) අපවත්වූහ. අමරපුර නිකායේ විවධ පාර්ශ්ව ඒකාබද්ධ කිරීම සඳහා මහා පරිශ්‍රමයක් ගත් ඒ හිමියන් අතින් ලියැවුණු බෞද්ධ ධර්ම හා ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රමාණය සියයකට අධිකය.
මියන්මාරයේ පැවැති හය වැනි ධර්ම මහා සංඝායනාවට ඒ හිමියෝ සහභාගී වූහ.
1947 සිට ගුවන් විදුලියෙන් ධර්ම දේශනා කළහ. පාලි ශබ්දකෝෂය සිංහලට පරිවර්ථනය කිරීමේ උපදේශක තනතුරද හෙබවූහ.
ශ්‍රී දේහය රත්මලාන මල්ලිකාරාමයේ තැන්පත් කර ඇත. ආදාහන පූජෝත්සවය බදාදා (22) පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දිල්)
ඔබ වහන්සේ බුද්ධ සාසනය වෙනුවෙන් කරපු දෑ ඔබ වහන්සේට නිවන් සුවය ලැබීමට හේතු වේවා!
ගරුතර මහ නාහිමියන්ට නිවන් සුව පතමි.(නදී)
ගරුතර අපේ නාහිමියන්ගේ අපවත්වීම රටටම විශාල පාඩුවකි. මෙවන් හිමිවරු නැවත කෙසේවත් දකින්නට නොලැබේවි. මම දැනට ලංකාවේ නොමැති නිසා අවසන් කටයුතු සදහා පැමිණීමට නොහැක. අප්‍රිකා මහාද්වීපයේ සියලුම අයගේ සෝකය ප්‍රකාශ කරන අතර උන් වහන්සේට උතුම්වූ නිර්වාන සුවයම පාර්ථනා කරමි. (නදී)
ගුණයෙන්, දැනුමෙන් හා සත්පුරුෂ කමෙන් පිරුණු ඉතාමත් ගෞරවනීය මහා නායක හිමි නමක් අපේ නායක හාමුදුරුවෝ. කවුරු නමුත් මහලු වෙනවා, මෙලොවෙන් සමුගන්නවා. අපේ මහනායක හාමුදුරුවොත් එම ධර්මයට යටත්. අපට වඩාත් ම දුක, මෙවැනි උතුම් යතිවරුන් අපවත් වූ පසු එම හිදැස පුරවන්න ඉන්න හිමිවරු තුල එවැනි උතුම් ගුණයන් තිබෙනවාද යන්න සිතෙන විටයි.. නිවන් දකිනා තුරු අපේ මහනායක හිමිපාණන් අප රටේම උපදින්න ලැබේවා. (නදී)
ගරුතර හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
අති ගෞරවණීය මහා නායක මාහිමිපාණන් වහන්සේ වර්ෂ දශක නවයකට ආසන්න කාලයක් උතුම් වූ කාසාය වස්ත්‍රය දරා ගෙන සම්බුද්ධ ශාසනයටත්, රටටත්, සිංහල ජාතියටත්, සාහිත්‍යටත් කරන ලද අනුපමේය සේවය ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ස්වර්ණ වර්ණ වූ අක්ෂරයෙන් සටහන් කර තැබීම උන්වහන්සේට පිදිය හැකි ශ්‍රේෂ්ඨතම වුද විශිෂ්ඨ තම වුද අතිමහත් ගෞරවයක්ම වන්නේය. නායක මාහිමිපාණන් වහන්සේට නිර්වාණ සැප සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා!(නදී)
පොත් ලියා ශාසනයට සේවය කළ යතිවරයන්ගේ අවශ්‍යතාවය වෙනුවට පොලු මුගුරු අතට ගෙන ශාසනය රකින්න හදන "මුනි වරුන්" දැන් දැන් රටේ වැඩිවීගෙන එනවා. සිවුරට අපහාස නොකර රට දැය සමය රකින්න ගිහියන් ලෙස එහෙත් නීති ගරුකව වැඩ කරන්නේ නම්, පශ්චාත් සිරි සංඝබෝ යුගයක් නොව දුටු ගැමුණු යුගයක් නැවත උදා කර ගන්න පුළුවන්. අපවත් වූ මේ හිමියන් ට මොක් සුව ලැබේවා! (නදී)
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සැබෑ මෙහෙවරක් කල ,රට දැයට පඬිවරුන් උගතුන් රැසක් දයදකල ඔබවහන්සේට නිවන්සුව ලැබේවා ! (නදී)
සම්බුද්ධ සාසනයේ උන්නතිය සඳහා අනුපමේය සේවයක් කල මහා නාහිමියන්ට නිවන්සුව අත්වෙවා. (නදී)
නිවන් සුව පතමි! (නදී)