ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද අත්පත්‍රිකා බෙදා හැරියේය.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.
ටිල්වින් සිල්වා පැවසුයේ ‘මෙම ගිවිසුම අපේ රටේ ආර්ථිකයට බරපතල ලෙස හානි කරනවා. ඉන්දියාවේ භාණ්ඩ බදු රහිතව ලංකාවට පැමිණෙන නිසා දේශීය නිෂ්පාදනය බරපතල කඩාවැටීමකට ලක් වෙනවා. ඉන්දීය ශ්‍රමිකයන් ලංකාවට ඒමෙන් ලංකාවේ රැකියා ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. මෙම ගිවිසුමෙන් ලංකාවට කිසිම වාසියක් නැහැ අගමැතිතුමා කියනවා රටේ ආර්ථිකය වැටිලා කියලා එසේ කියද්දී තවම මේ ගිවිසුම අත්සන් කරන්නේ ඇයි? ලංකාවේ ආර්ථිකය බිදවැටි ඇත්නම් තියෙන්නේ රටේ නිෂ්පාදන වැඩි කිරීමයි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ විරෝධ දැන් අපි පිළිගන්නේ නැහැ (නි)
කාගේ කොන්ත්‍රාත්තුවක්ද මේ කරන්නේ? (නි)
ජවිපෙ බොරු විරෝධයට හසු නොවනු. අයවැයෙන් පඩි වැඩි නොකළ විට කලක් මෙන්, පොහොර ආධාර නොදුන් වෙලාවේ කලක් මෙන්, ජවිපෙ මේ කරන්නේ ජනතාවගේ සැබෑ උද්ගෝෂණ ජවිපෙ යටතට ගෙන උපක්‍රමශීලිව දියකර හැරීමයි. යහපලනයේ පාර්ශවකරුවකු ලෙස දැන් ජවිපෙට පවරා ඇති රාජකාරියයි. (බ)
මෙයාලා තමයි දැන් රටේ වෙමින් පවතින විනාශයට වගකියන්න ඕනෑ (නි)
මහින්ද මහතාගේ පොහොර සහනාධාර, පෞද්ගලිකරන නඩත්තුව, යුද්ධය අවසාන කිරීම, මාර්ග පද්ධතිය මතකද? ජවිපෙ ප්‍රධාන ඉල්ලීම් තමයි මේවා. දැන් ඔක්කොම අමතකයි (නි)
හෙට්ටිආරච්චි මහත්තයෝ, කේන්ති ගන්න එපා. යහපාලනය වේවා රාජපක්ෂ වේවා කළ හොඳදේට ඇහුන්කන් දෙන්න. නරක දෙයට විරුද්ධ වන්න... (නි)
සරත් ජේ වී පී එක ගැන කතා කොරන්න එපා ඒගොල්ල විරුද්ධ වන එක හොඳද නැද්ද කියල කතා කරන්න. (බ)
කරුණාකරලා හැමෝම සුජීව මහතාගේ අදහස ගෙන හිතා බලන්න.(හේ)
ඉන්දියාව මේ යෝජනාව ගෙනාවේ ඒගොල්ලන්ගේ මිනිසුන්ට රැකියාවල් දෙන්න මිසක් අපේ මිනිසුන්ට එහේ රැකියාව දෙන්න නොවෙයි. මෙහාට බුරුතු ගණන් දකුණු ඉන්දියානුවන් පැමිණේවි. අපිට ඉන්දියානුවන් පළාතකටවත් එපා අපේ ළමයින්ට රැකියාවල් ටික ඉතුරු කරන්න. අපේ ළමයි දසදහස් ගණනින් විශ්ව විද්‍යාලවලින් පිටවෙනවා. (හේ)
අපිට පෙනෙන්නේ ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසඳගන්න ගහපු ගැටයක් කියලා. එට්කා ගිවිසුම එලියට දාලවත් නැතිව ඔබ කොහොමද එහි හොන්දපැත්ත දකින්නේ. අපි නරක පැත්ත ගැන කතා කොරන්නේ ඉන්දියාවේ අයි ටී රැකියාවල් නැතුව ඉන්න ප්‍රමාණය ගැන අවබෝධයක් තිබෙන නිසාත් ඔවුන් අඩු පඩියකට වුනත් රැකියා කරන්න සූදානම් නිසාත්ය. ඇමරිකාවෙන් මෙහි රැකියාවලට අවට කමක් නැත ඒ ඔවුන් ඉල්ලන වැටුප් දීමට අපේ මිනිසුන්ට නොහැකි නිසාය.(හේ)
ඉන්දියානු ව්‍යාප්ත වාදය නතර කළ යුතුයි.(හේ)
ජවිපෙ කවදද හොඳක් කියලා තියෙන්නේ? මොන ආණ්ඩුව හොඳක් කළත් ඒ අය වැරදියි කියලයි කියන්නේ. ඒක ඒ අයගේ පුරුද්ද. දැන්වත් හැදෙන්න (නි)
ජවිපෙට ජය! (නි)
රටේ මිනිස්සුන්ට මොලේ පෑදෙනකන් ජවිපෙට කරන්න වෙන්නේ වැරදි කරනකොට විරුද්ධ වෙලා ඔවුන්ව ගෙදර යවන එක විතරනේ. (ර)
හෙට්ටිආරච්චි මහතාගේ කතාව හරියට හරි. මහින්දවාදින්ට ජවිපෙ නයාට අඳුකොළ වගේ. ජවිපෙට ජයවේවා!
නාමල් - නිව්යෝර්ක් කියන දේ කරන්න. එයා මාර බුද්ධිමතෙක්. එයා ලංකාව වෙනුවෙන් නාසා එකේ රොකට් යවන්න ඇමෙරිකාවේ ඉන්නේ. ඇඟ හැමතැනම මොළේ. (නි)
ජවිපෙට ජයවේවා! (නි)
ප්‍රසන්න, ඔබේ අදහස හරියටම හරි (නි)
අගමැතිතුමාට රට කරන්න ඉඩ නොදුන්නොත් ඔයවගේ නෙමෙයි අපි පාරට එන්නේ දහස් ගණනින්. (කෞ)
වැඩිපුර වෘත්තිකයෝ ඉන්නේ ජවිපෙ එක්ක තමයි. මේ ප්‍රශ්නෙදි රටට ආදරේ මිනිස්සු හැමෝම එක්විය යුතුයි. (නි)
මහින්දට කඩේ යන ඇම්බට්ටයින් කීපදෙනෙක්ම දාලා තියෙන අදහස් දැක්කහම අපිට හැඟෙන්නේ මරුවිකලෙන් දොඩනවා වගේ. ගොවි ශිෂ්‍ය හෝ වෙනත් ඕනෑම අරගලයන්ට නායකත්වය දුන්නෙත් දෙන්නෙත් ජවිපෙ බව අතීතය මතක, කුහක නැති හැම දෙනාම දන්නවා. ජවිපෙට ජය වේවා! (නි)
හැමදාම පුරුදු විදියට විරෝධතා දක්වමින් ඉන්නේ නැතුව රට හදන්න හරි සැළැස්මක් හදා ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරන්නකෝ. (නි)
දැනට කරපු ගොවි උද්ඝෝෂණ හැම එකම සාර්ථකයි. ඒවාට නායකත්යව දීපු ජේවීපි එකට ජය වේවා .. ඒකාබද්ද විපක්ෂේ දෙවිවරු හොයද්දි මිනිසුන්ගේ ඔලුව පාදන දෙවිවරු ඔබ තුමන්ලා ... ජය වේවා !!! (අ)
ඉස්සරනම් උද්ඝෝෂණයක් වර්ජනයක් එත්නම් එහි අරඹය ජේ.වී.පී. දැන් නම් දොස්තරලා ගොවියෝ කම්කරුවෝ රටපුරා වැඩ පටන්ගත්තට පස්සේ අන්තිමට තමයි ජේවීපී අය එන්නේ...(කෞ)
එට්කා ගිවිසුමෙන් ලංකාවට වෙන හොඳ තේරෙන භාෂාවෙන් කියන්න ඔය එක මහත්තයෙකුට පුලුවන්ද..? (බ)
කඩේ ගිහිල්ලා දැන් බොරුවට උද්ඝෝෂණ කරනවා. (නි)
මේ තියෙන ප්‍රතිචාර දිහා බලපුවම හිතෙනවා පහුගිය චන්ද වලදී මේ මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ වැඩපිළිවෙලවල් හොඳට අධ්‍යයනය කරලා හොඳ නරක කිරල මැනලාම තමයි කියල.පහුගිය අවුරුදු 60 තිස්සෙම එහෙම චන්දෙ දුන්න නම් මේ රටට මෙහෙම වෙනවද.(කෞ)
ජවිපය තමයි පසුගිය හැම ආණ්ඩුවක්ම හැදුවේ ,එය ඉන්දියානු ගිවිසුම කාලයක් තිස්සේ වෙන වෙන නම් වලින් ඉදිරියට ආපු එකක්,රනිල්ට මහින්දට කඩේ යන වෙලාවට මේවා අමතකයි, ඊයේ පෙරේදා මෙම විරෝධය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති වල එකමුතුවෙන් ඉදිරියට ආ විට ජවිපය ඒකට බය වුණා. සම්ප්‍රදායික ජවිපයේ ඉන්දියානු විරෝධය වෙන කෙනෙකුට යයි කියල ,දැන් ජවිපය ඒක එයාලගේ අතට ගන්න යන බව තමා මුහුණු පොතෙත් එයාල කියල තිබුනේ, චීනය ලංකාවත් සමග ගසපු ගිවිසුම්, සහ වැඩි පොලියට ණය දෙනකොට ජවිපය නිශ්ශබ්දයි,චීනයට විරුද්ධව ජවිපය ඉදිරියට එන්නේ නැත්තේ ඇයි? අයිඑම්එෆ් එකට විරුද්ධව ජවිපය ඉදිරියට එන්නේ නැත්තේ ඇයි? (බ)
ඔයගොල්ලො කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්.. ජවිපෙ අලුත් තියරිය.(කෞ)
කෙසේ හෝ ඉන්දියන් ශ්‍රමිකයින් අප රටට පැමිණිය හොත්, දැනට පවතින වැටුප් තල බොහෝ සෙයින් අඩු විය හැක. (බ)
එට්කා කියන්නේ මොකක්ද කියලා ජනතාව දැනුම්වත් කරන්න.(හේ)
ජනතාවනි, රටට ආදරේ නම් දුර්වල ආණ්ඩු පෙරළා දැමිය යුතුමය. නැත්නම් රට බරපතල අනතුරක! (නි)
මේ ගිවිසුම රටට වාසිදායකයි. ඉන්දියාවෙන් එන්නේ ඉහළ සුදුසුකම් ලත් වෘත්තිකයෝ පමණයි. ඒ වගේම අපේ අයටත් ඉන්දියාවේ සමාගම් වල රැකියා ලැබෙනවා (නි)
රනිල් මැතිතුමා කවදාවත් රටට අහිතකර දෙයක් කරන්නෙ නැහැ. (ර)