අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනට භාවිතා කරන වාහන වසර 10ක් පමණ පැරණි නිසා හා එහ වාහන නඩත්තුව සඳහා මසකට රුපියල් ලක්ෂ 5කට වඩා වැයවන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අගමැති ආරක්ෂක අංශය රුපියල් මිලියන 128ක් වටිනා වාහන දෙකක් ඇනවුම් කර ඇති බවත් ඉතිරි මිලියන 444ම බදු මුදල් බවත් අගමැතිවරයාත් වාහනයක් ගන්න විට ආණ්ඩුවටම බදු ගෙවන බවත් ඇමැතිවරයා කීවේය.
හරිහැටි කරුණු කාරණා සොයා බලන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරන බවත් ඒ ගැන කනගාටුව පළකරන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරගම පිලික රෝහලට ස්කෑනර් එකක් නැතුව ලෙඩ්ඩු පවු දුක් විඳිනවා, ස්කෑනර් යන්ත්‍රයක් කෝටි 20. ඒවාට සල්ලි නෑ ආණ්ඩුවට. කෝටි 60 ගානේ වාහන දෙකක්ම! චාමර මටත් ගහපන්කෝ පොල්ලකින්! (අ)
කෝ මේ අර නිව්යෝක් වල චතුරි එහෙම. පත්තරෙන් වත් දැකලා නෑ වගේ (අ)
මේ රජයත් ගෙදර යවන්න වෙයි වගේ (අ)
29 වතාවට ජනාධිපතිවරණ කීයද ? මහා මැතිවරණ කීයද ? පළමු ජනපතිවරණය දිනන්න කීයක් වියදම් කරද ? (ම)
ජාතිවාදය වපුරපු අය ඉන්නේ අද යහපලානේ අපේ අය රැවට්ටුවා (බ)
දිය කිරට බල්ලලුත් සාක්කි (ම)
දැන් කොහොමත් සිරිකොතෙන් ජවිපෙට හැම තිස්සෙම ලියුම් යවනවා. ජවිපෙ ඒ අනුව කටයුතු කරනවා (ම)
ආණ්ඩුවටම බදු ගෙවන්නේ මහන්සියෙන් උපයගත් මුදලින් වෙන්නැති (ම)
අපි ගන්න වාහන වල මිල කියන්නෙත් බදුත් එක්ක තමයි (ම)
මෙච්චර ගානක වහනයක් මොකටද.? (ර)
පිළිතුරක් කෝ? වැල්වටාරම්නේ කියන්නේ. ලක්ෂ 48ක් නඩත්තුවට පමණක්? ඒ ගොල්ලොම ගෙනා රජයේ ඇස්තමේන්තුට වඩා අඩුයි කියලා බේරෙන්න බැහැ. ටෙන්ඩර් වලින් ගහන්නෙත් ඔය තර්කයම ගෙනල්ලා තමයි . අද රෑට හෝ හෙට රෑට පිළිතුරු බලාගන්න පුළුවන් වෙයි (නි)
වෙන රටක නිෂ්පාදන වියදම් දරල හදල පොඩි ලාබයක් තියන් විකුණන වාහනයකින් අපේ රට කිසි වියදමක් නොදරා බදු වශයෙන් ශුද්ධ ලාබයක් හොයනවා .. අපේ රටට ගෙන්වන සියලුම ආනයන වලින් ආණ්ඩුව ලාබ ලබන්නේ මේ වගේ ප්‍රතිශත වලින් තමයි . නමුත් රටේ ආර්ථිකය කරන්නේ ණය වෙලා. (ර)
දේශපාලකයන් ගැන රටට කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් තරම් දුෂණ වංචා, පගා, මැරකම්, හොරකම් කරන තවත් පුද්ගලයන් නොමැත. රටට සේවය කරන්න අවශ්‍ය නම් පාපැදියක් වූවත් සෑහේ. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඉතා කුඩා පිළිකා සෛල නිරීක්ෂණය කරන යන්‍ත්‍රය ගන්න මුදල් එකතු කරනව. දේශපාලකයෝ සැප වාහන වලට වියදම් කරන කෝටි ප්‍රකෝටි මුදලෙන් එම යන්ත්‍රය ගත නොහැකිද? (නි)
මගේ අම්මෝ කෝටි 60 ක වාහනයක් !! කජු ඇටද කොස් ඇටද?? (ම)
මෙයා මෙහෙම අනුරට බැන්නට මේකත් මෙයාලගේ රග පෑමක්.(ම)
යහපාලනේ ගෙනෙන්න සමහරු වින්ඳ දුකක්...? අයියෝ සල්ලි! (නි)
ලක්ෂ 1280 වටින වාහන දෙකක්? ඇමෙරිකාවේ ජනාදිපති වත් මෙච්චර වටිනා ඒවා පාවිච්චි කරන්නේ නෑ. (ර)