ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ තිබී ඡන්දය සළකුණු කළ ඡන්ද පත්‍රිකාවක් හමුවී ඇත. උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කැර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. ජනතාවිමුක්ති පෙරමුණේ අපේක්ෂක රත්න ගමගේ මහතා පවසන්නේ මේ පත්‍රිකාවේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය සළකුණු කැර ඇති බවයි. එම ස්ථානයට පැමිණි සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ හමුවී ඇති ඡන්ද පත්‍රිකාව මුද්‍රා තබා රැගෙන ගොස් පරීක්ෂා කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්දර සයිමොන්, ඒකට තමා පොලිසියෙන් බලාගෙන ඉන්නේ ඡන්ද පොලට වෙලා.(නදී)
මේ පාර දකුණේ ඡන්ද අඩුවෙලා.(නදී)
ජනතා විමුක්ති පෙරමුණ කුණු කූඩයට දැමීම ඇමෙරිකන් කුමන්ත්‍රණයක් බව මනාව පැහැදිලි වේ. ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී උපවාස කරමුද? (නි)
මේක ඉතින් හැමදාම වෙන එකක්නේ? (නි)
හැබැයි ඉතින් වංචාවක් කරන එකා හැමෝටම අහු වෙන්න ඕවා තැන තැන දාන්නේ නැහැනේ කවදාවත්... (නි)
මේ ඔක්කොම බටහිර කුමන්ත්‍රණ. බටහිර රටවල් මේකට වග කිව යුතු බව අපි තරයේම කියන්නෙමු. (ස)
ඔතන කිසියම් හොර වැඩක් උනානම් චන්ද නියෝජිතයෝත් වග කියන්න ඕන. සියලුම පක්ෂවල නියෝජිතයෝ ඔතන හිටියා සවස 4 වෙනකම්. ඒ අය ඕක දැක්කේ නැත්ද අවසානදීවත්. පොලිසියත් හිටියා. කිසි කෙනෙකුට නිකම් ඉන්න දුන්නෙත් නැහැ ඇතුලේ. (අ)
චන්ද පත්‍රිකාව පෙට්ටියට දමනවා බැලීම ඡන්ද ස්තානදිපතිගේ වගකීමක් . නිකුත්කළ ඡන්ද පත්‍රිකා ගණනට පෙට්ටියේ ඇති පත්‍රිකා ගණන සමානවිය යුතුයි .(අ)
ඡන්ද පෙට්ටිය සීල් තබා ඡන්ද පත්‍රිකා ගිණුම සකස් කරනු ලබයි. එහිදී නිකුත් කල සහ නොකළ පත්‍රිකා එකතුව ජෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත නිකුත් කර ඇති පත්‍රිකා ගනනට සමාන විය යුතුය. (අ)
මේක ආණ්ඩුවට මඩ ගහන්න හිතාගෙන කරපු වැඩක් උනාට ඕන කෙනෙකුට පේනවා ගොන් පාට් එකක් කියලා..! (අ)
සමන්තිගෙ අදහසට මමත් එකඟයි. ඡන්දදායකයා වෙත නිකුත්කළ ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දමනවාදැයි විමසිලිමත්වීම එම ස්ථානය භාර නිලධාරීන්ගේ වගකීමකි. මෙය ව්‍යාජ නොවන ඡන්ද පත්‍රිකාවක් නම්, එම සිද්ධියට මධ්‍යස්ථානය භාර බිලධාරීන් වගකිව යුතුයි. (අ)
"ඔන්න කනෝ පිනුම්" කිව්වලු! (දී)
ලකුණු කරපු චන්දෙ බිමටනේ දාල තියෙන්නේ! (දී)
ඒ කියන්නේ මෙතන වංචාවක් සිද්ද වෙලා තියෙනවා (දී)
සමහර අයට කාලයක් කථාකල හැකි හොඳ මතෘකාවක්!!!! (දී)
පිරිසකට රිදිලා තිබෙනවා.ඒකනේ බයිලා කියන්නේ.ඕනෑ කෙනෙකුට තේරෙනවා මෙතන වරදක් සිද්ධ වෙලා කියලා (නි)
අන්තර්ජාතික කුමන්ත්‍රණයක් වගේ (දී)
මම සිතන්නේ නුවණැති ඡන්දදායකයෙක් එය දැමිය යුතු තැනට දමලා. ෆොන්සේකා මහතා ජේවීපි යේ තැන අරන් 3 වැනි බලවේගය වෙලා. (නි)
ඉදිරියේදී ජ.වි.පෙ. රජයක් එයි.සමහර තැන්වල අවස්ථාවාදියෝ ඉන්නවා. ඔවුනුත් එළවන්න ඕනෑ. (නි)
කවුද මේ වගේ වැඩ කරන්නේ ? ඒ ඡන්දේ සෙනසුරාදා හවසම ගණන් කරන්න යැව්වා නං අද දකුණු පළාත් සභාව ජනතා විමුක්ති පෙරමුණ බලය අරගෙන නේ. (නදී)
ඕක ජාතිද්‍රෝහී, දනවාදී විජාතික කුමන්ත්‍රන කරුවන්ගේ බලලෝභී වැඩක්.(නදී)
මේක කරලා තියෙන්න ඇමරිකන් කාරයෙක්. ෂුවර් එකට මේක ජිනිවා වල වැඩක්. (නදී)
ඡන්දෙ දුන්නට පස්සේ අදහස වෙනස් වෙලා කුනුගොඩට දන්නා ඇති. (නදී)
මේක චන්දෙකින් පස්සේ පැරදුන කෙනා භාවිතයට ගන්න ප්‍රසිද්ද උපක්‍රමයක්.. ලකුණු කල චන්දෙ පෙට්ටියට නොදා ඒක හංග ගෙන ඇවිත් ඒ විදියට කීපයක් එකතු කරලා තැන තැන දානවා. චන්දෙන් වැලේ වැල් නැතුව ගියත් පහුවද මාධ්‍ය සාකච්චාවක් කැදවල මෙන්න මේ වගේ චන්ද දුෂණ සිදු වෙලා තියෙනවා කියල ඒ නිසයි අපි පැරදුනේ කියල රටට කියනව.. වංචාවක් කරන එකා හැමෝටම අහු වෙන්න ඕව තැන තැන දාන්නේ නැහැනේ කවදාවත්.. (දී)
මයිනෝ කෑගසති. මේ වෙන වැඩ දන්නෝ දනිති. (නදී)
ඡන්දය දාපු පත්‍රිකාවක් ඕන කෙනෙකුට කොහේ හරි දමලා පසුව අරගෙන පෙන්නන්න පුළුවන් මෙන්න ඡන්ද පත්‍රිකා හොර කරලා කියලා. ඕවා මඩ. පරාජය පිළිගන්නට බැරි වුනාම මේ වගේ දේවල් කරනවා.(නදී)
චන්ද පත්‍රිකාව ලකුණු කරාට පස්සේ එක පෙට්ටිය ඇතුලට දානකම් තියෙන්නේ ඡන්ද දායකයාගේ අතේ. ඒක තිබුනේ බිමනම් ඒක ඡන්ද දායකයාගේ වැරැද්ද. එහෙම නැත්නම් ජේ.වී.පී එකට දාන්න ගෙනාපු හොර ඡන්දයක්.(නදී)
ජවිපෙ ඡන්දය ඊට සුදුසු තැන වන කසල ගොඩට දමා ඇත. බුද්ධිමත් ඡන්ද දායකයෙක්.(නදී)
ඡන්දය සලකුණු කරන්න යන්නේ රහසේ. නමුත් ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දාන්නේ කාටත් පෙනෙන්න. එහෙමනම් පාසල් භූමියෙන් කොහොමද පත්‍රිකා හමුවන්නේ. මේවා පිලිබඳ බැලුවේ නැතිනම් මිනුස්සුන්ට ඡන්දය පිලිබඳ විස්වාසය අවසන් වේවි.(නදී)
ඔය අපහසුතාවයට පත්කරන්න කරපු දෙයක් (නදී)
හොර ඡන්ද දාන්නේ ඉස්සර වගේ නෙවෙයි කියලා සමහරුන්ට තේරුම් ගිහින් නැහැ.(නදී)