2009 ඡන්ද සමයේ ‘මහජරා ආණුඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද‘ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරන බැනරයක් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තංගල්ල පොලීසිය ඔහුගේ මූලික අයිතිය කඩ කර ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් 20,000 ක වන්දි ඔහුට ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(5)තීන්දු කරන ලදී.
අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව දුන්නේය .
ඩැනිස්ටර් ගුණසේකර ඇතුළු තංගල්ල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තංගල්ල පොලිස් ස්ථානාධිපති , හිටපු පොලිස්පති , ජයන්ත වික්‍රමරත්න නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.
පෙත්සම්කරු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරන "මේ මහ ජරා ආණ්ඩුවක්" යනුවෙන් සඳහන් බැනරයක් තම නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කළ බවයි. ජවිපෙ නීත්‍යනුකූල ඡන්ද කාර්යාලයක් සන්ධානයෙන් ගිනි තබා වැනසීමට විරෝධය පළකරමින් එසේ කර ඇත.
අනතුරුව තංගල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ එම බැනරය කපා දමා තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පවසන ඔහු එමගින් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වී ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සමින් ඉල්ලා සිටී.
පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය කියා සිටියේ තංගල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ පුද්ගලයාගේ මූලික අයිතීන් කඩ කර ඇති බවයි.ඒ අනුව ඔහුට රුපියල් 20,000ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජවිපෙට 20,000ක් ගෙවන්න තංගල්ල පොලිසියට නියෝග
සමිත් Thursday, 05 November 2015 02:15 PM
මේ මනුස්සයා ලක්ෂ ගණනක් වියදම් කරන්න ඇති නඩුවට. නීතිඥ ගාස්තු, දවස් ගණන් රස්තියාදුවීම, රැකියාවේ නිවාඩු කීයක් ගන්න ඇද්ද? පොලිසිය තුළ මේවා නිරන්තරයෙන් සිදුවන බැවින් මහජනයාට සාධාරණයක් ඉටුවිය යුතුයි. (නි)
සුනිල් Thursday, 05 November 2015 09:12 AM
ඔන්න යහපාලනය. ඉස්සර මෙහෙම වුණාද? නීතිය අද හැමෝටම එකක්. (නි)
බුවනෙක Thursday, 05 November 2015 09:45 AM
අනේ මන්දා! අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)