ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වූ එස්.මායාදුන්නේ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිම්ල් රත්නායක මහතා පත්කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රිික්කයෙන් තරඟ කළ බිමල් රත්නායක මහතාට ජය ගැනීමට හැකිවූයේ නැත. මැතිවරණයෙන් මන්ත්‍රීධූර හතරක් ලැබුණු ජවිපෙට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙකක් ද හිමිවිය. ජාතික ලැයිස්තුවේ අනෙක් මන්ත්‍රීධූරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරඟකර ජයගත නොහැකි වූ සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කැර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගි පෙන්නලා අක්කා දීම කියන්නෙ මේවටද? (අ)
ලාල්කාන්ත කියන්නේ අනුර වගේම ජ්‍යෙෂ්ටයෙක් . ඔහුට නායකත්වයට පවා සුදුසුකම් තියෙනවා. මොකද්ද මේ කැපිල්ල. මේ දේ වෙන්න දෙන්න එපා. (අ)
තරග කර පරාජය වූ අයව නැවත ගැනීම සදාචාර සම්පන්න නැත (අ)
දැන් කාලේ පාර්ලිමේන්තුව කියන්නේ ජනතාව පත් කරපු අයම ඉන්න තැනක් නොවේනේ. ජනතාව ප්‍රතික්ෂේප කලත් එතනට යන්න පුළුවන්. ඉතින් මජහනතවගේ නියෝජිතයන් එතෙන ඉන්නවා කියන්න බැහැ.(අ)
ඕකට තමා තෙපරබෑවේ (අ)
ඇයි සමන්ත හරි වසන්ත හරි රට ඇතුලේ දක්ෂ කෙනෙක් දැම්මොත් නරකද (බ)
ඕකට තමයි පිට පොට ගැහැව්වෙ. අනුන්ට බණ කියන අයගෙ වැඩි බණ. (අ)
බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සිටියයයුතු කෙනෙක්. තමන්ගේ වැටුප පවා පක්ෂයට පරිත්‍යාග කරන, හොරකම් නොකරපු, උගත්, බුද්ධිමත් මහත්මයෙක්. (අ)
ජගත්ට තරහගිහින් වගේ. ලංකාවේ දේශපාලනය නොදන්නා කෙනෙක් වගේ හැසිරෙන්න එපා. මම මටම ගහගත්තා කියන රටක් මේක. උදාහරණ ඕනෑ නම් දෙන්නම් ඕනෑතරම් (නි)
ජාතික ලැයිස්තුව යනු නංගී පෙන්වා අක්ක දීග දීමකි (අ)
අරවින්ද ඔහොම කට්ටිය තව කොච්චර ඉන්නවද. පවු අපරාදේ අර මනුස්සයට ඉල්ලා අස් වෙන්න කියන්න ඇති. අපි නොදන්නා මොනරතැන්න (අ)
විජයබාහු ගොනෙක් වෙන්නේ නැතුව මායාදුන්න මහත්තය පාර්ලිමේන්තුවේ කල කතාව බලන්න.(අ)
අලියාගේ බෙල්ලෙන් සීනුව ගැලවුවේ නැති නම් ලබන ඡන්දෙන් බින්දුවට බස්සනවා. (අ)
ජවිපේ ඉදිරි ගමන අවිනිශ්චිතයි. යුඑන්පියට දියවෙයි වගේ (අ)
බිමල් රත්නායක සහ සුනිල් හඳුන්නෙත්ති යන දෙදෙනාම රට වෙනුවෙන් විශාල කැපවීමක් කරපු දක්ෂ තරුණ උදවිය . ජනතාවගේ ආචාරය !(අ)
එතකොට ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉතුරු 27 දෙනා පාර්ලිමේන්තුවට සුදුසු නැද්ද . අනිත් අයව විවේචනය කරන ජවිපෙ නිරුවත මේක තමයි . හැබය් මීට පස්සේ ජාතික ලැයිස්තු මාර්කට් කරන්න එන්න එපා .(අ)