ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණි.
පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර රට පුරා පක්ෂය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පාක්ෂිකයෝ ඊට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය හා පලස්තීන තානාපතිවරයාද එම අවස්ථාවට එක්වෙමින් සමුළුවට සුභ පැතුම් එක් කළහ.
පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු කෙරෙන බවට මාධ්‍ය මගින් විවිධ හෙළි දරව් කළද විප්ලවවාදීන් කිසි දිනෙක විශ්‍රාම නොගන්වන ලෙසත් එහෙත් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ මෙන්ම අනාගතයේත් විවිධ වෙනස්වීම් සමග ජයග්‍රහණ කැර ඉදිරියට ගමන් කරන බව සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
සමුළුවේ පළමු සැසිය උදෑසන පැවැත්වු අතර නායකත්වය තෝරා ගැනෙන දෙවැනි සැසිය අද පස්වරුවේ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට ඇති දෙයක් කරනවා නම් කොච්චර හෙඳද (අ)
නියමයි ඔහොම යමු (දී)
සමුළුවට සුභ පැතුම්! ජයග්‍රහණය කරා ඉදිරියටම යාමට අතීතයෙන් සිදුවූ වැරදි නිවැරදි කරගැනීමට අදිටන් කරන්න!විනය ගරුකත්වයට මුලතනදී පක්ෂයෙන් පනින්න බැරිවෙන්න නීතියක් ගෙනෙන්න. (දී)
ජවිපෙට, යෝධ- බල යෝධ- ශක්තිය ලැබේවා ... හත්වන මහා සමුළුවට උණුසුම් සුබ පැතුම් (ස)
71 ඉඳලා මේ වෙනකන් රතු පාට බැබලුණා විතරයි. (ස)
බැබලේවා !! (ස)
ලෝකයේ මිනිස් ජීවිත මිලියන 70 වකට වඩා බිලිගත්තු, ලෝකය පුරාම බංකොලොත්වී ඇති, මේ මාක්ස් ලෙනින් වාදයෙන් අපේ රටට ගොඩ එන්න මගක් සෙවිය හැකිද??? (අ)
ශ්‍රී ලංකා දේශපාලනයට නව සංස්කෘතියක් එක්කල ජනතා විමුක්ති පෙරමුණ දිනේවා!(අ)
සුබ පැතුම් (අ)
ජවිපේ පක්ෂයේ නායක කමට නියම සුදුස්ස අනුර කුමාර දිසානායක (අ)
දර්ශන හෙට්ටිආරච්චි - ලන්ඩන් ජ.වි.පෙ. ගොඩනගන මේ රැල්ල රට පුරාම පැතිරී, කුඩු රැල්ල පරදන ජනතාවට බලය ලැබෙන, සමාජවාදී යහපත් පාලනයක් ගොඩ නගා ගැනීමට රටේ ජනතාවට ප‍්‍රඥාව පහළ වේවා. (අ)
ස්තුතියි (අ)
ජවිපෙ සමුළුවට මගේ උනුසුම් සුභ පැතුම්.(නදී)
ජවිපෙ කවදත් ලස්සනට සරසනවා.(නදී)
ඒ කාලෙ කරපුව මිනිස්සුන්ට මතක නැති හැටි.(නදී)
අනුර කුමාර දිසානායක විශ්වාසනීය චරිතයක් . නව නායකත්වය යටතේ මේ රටේ ජනතාවගේ දෑස් විවර කිරීමට හැකියාව ඇති බව මට විශ්වාසයි(දිල්)
කාලෝචිත ක්‍රියාවක් , රටට අවශ්‍ය හොද පිබිදීමක් ඇතිවී ඇති බව පේනවා අනාගතයට සුබ පැතුම් !(දිල්)