සමාජවාදය ලොවට තිලිණ කිරිම සදහා විප්ලවීය නායකයෙකු වු අර්ජන්ටිනා ජාතික අන්ස්ට් ටෝ චේ ගුවෙරා සෑමරුමක් පසුගියදා රෝමයේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණ අනුබද්ධිත සමාජවාදි තරුණ සංගමය විසින් මෙය සංවිධානය කළේය. ඉතාලි හා සිංහල ජාතිකයෝ රැසක් මේ සදහා සහභාගි විය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට අපිම හදා ගනිමු. චේ ගේ ජීවිතය මහගු ආදර්ශයක්. මුළු රටම චේ සැමරිය යුතුයි. චේ, නුඹට නිවන් සුව. (නි)
පස්රුල් , එක පැත්තකින් ඔයාගේ කතාවේ ඇත්තකුත් තිබෙනවා. හැබැයි චේ කියන්නේ සැමරුවට වරදක් නැති කෙනෙක්. මොකද මේ කෙනා අවස්ථාවාදියෙක් ආත්මාර්තකාමියෙක් නොවී උත්තම ඝනයේ සමාජවාදියෙක් වුණ නිසා වගේම තමන්ගේ මුළු ජීවිතේම අනුන්ගේ යහපත වෙනුවෙන් කැපකළ අති උතුම් කෙනෙක් නිසා. විහිලුවට කාරණය තමයි , අපේ මේ අය මේ මනුස්සයව සිහි කරන්නේ එයා උදේ හෙලු කෙළ පිඩක් ගානට පිළිකුල් කළ ලෝකයේ තිබෙන ධනවාදීම රටක ඉඳගෙන සියලු සැප සම්පත් විඳින ගමන් වීමයි. වාසනාවට අද චේ නැහැ. (නි)
අපෝ මෙයාලගෙ කට්ටිය ඉතාලි වලත් ඉන්නවද , ? චේ ගුවරගේ නම කැත කරන්න එපා . මැරුන මිනිසුන්ගේ මිනි උඩින් නම් උඩින් හරි නැති වෙන තැන ගන්නට යන්නේ . ඉතාලි වල සිදුවන නිසා සිතා ගන්නට පුළුවන් ආපු අය ගැන. (ස)
මේ ගොල්ලට තියෙන තැන පහුගිය ඡන්දෙන් දැක්ක නේද ?(නදී)
මේ අය කිසිම දවසක රෝමයේ පන්සලකට ඇවිත් තම දෙමුපියන් සිහිකර මලක් පහනක් පුජා කරලා තියෙනවද?? (ස)
චේ යනු පක්ෂයකට දෙකකට අයිති පුද්ගලයෙක් නෙවෙයි .ඔහු සියල්ලන්ටම පොදු මනුස්සයෙක්.චේ ගැන බොහෝ දෙය දැනගන්න ගිය ඉරිදා ලංකාදීප දියත කියවන්න. (ස)
සමාජවාදය අදට ගැළපෙන්නේ නැහැ.සමාජවාදය කියන්නේ හරියට, ඇන්ටික් කාර් රථයක් ගෙදර තබාගෙන,කවදා හෝ එයට මිලක් ලැබෙයි කියා හිතා ඉන්න ධර්මයක්.අපිට අර වාද මේ වාද ඕනෑ නැහැ.කාටත් කරදයක් නැතුව ජිවත් වෙන්න.එක එක මනස්ගාත වලට බිලි වෙන්න එපා. (නි)
හදිසියේම ජනතා විමුක්ති පෙරමුණ ආයෙත් චේ ගුවේරා සමරන්න පටන් අරගෙන තියෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ. (ස)
දම්මික, අංක මොනවා වුණත් අපිට කියන්න දෙයක් තිබෙනවා.රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා ඇමතිකමුත් දරලා ප්‍රබල දේශපාලන බල අධිකාරියක් ගොඩනගාගෙන හිටපු කාලේ, 88/89 දී සාහසික කුරිරු ම්ලේච්ඡ වද බන්දන වලට භාජනය වෙලා බල්ලෝ බළල්ලු වගේ මහමග මරලා දාපු තරුණ තරුණියන්ගේ මරණ වලට වගකිවයුත්තන් හෝ තමන්ගේ නායකයා අත් අඩංගුවට ගෙන සියලු ආචාර ධර්ම වලට පිටින් ම්ලේච්ඡ ඝාතනයකට ලක් කළ වගකිවයුත්තන් හෝ කිසිවෙක් නීතිය හමුවට ගෙනෙන්න හඩක් නොනගපු නිකරුනේ මැරුම්කාපු අහිංසක තරුණ තරුණියන්ට සධාරනත්වයක් ඉටු නොකරපු අය අද කරන දේවල් ගැන අපිට නම් ලැජ්ජයි. (නි)
මේ ගොල්ලෝ ඉස්සෙල්ලම බිලි දුන්න ලංකාවේ කොල්ලෝ ටික සමරන්න කවුරුවත් නැහැ. (ස)
සාමාජවාදී අදහස් දැරූ උසස් නායකයින් අතීතයේ දි ලෝකයේ හිටියා. නමුත් දැන්නම් නැහැ වගෙයි. අද නම් ලංකාවෙ විතරක් නොවෙයි ලෝකයෙත් එහෙම අය නැහැ. (නි)
ලංකාවේ සමරන්න වීරයෝ නැතුව ඇති මේ ගොල්ලන්ට. (ස)
මෙතන අදහස් දාලා තියෙන හැමෝටමයි මේ කියන්නේ.. 01. ලංකාවේදි 71 සහ 89 කාලේදී මරා දැමූ අපේ (ජවිපෙ) සහෝදරයන්ව සමරන්න තමයි ඉල් මහ සමරුව සහ අප්‍රේල් විරු සමරුව කරන්නෙ.. 02. චේ එක් පක්ෂෙකට දෙකකට අයිති නැහැ තමයි. ඒක හරි. ඒත් චේ අයිතියි මේ ලෝකේ ඉන්න යුක්තිය, සාධාරනත්වය, නිදහස, සමාජවාදය වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට. 03. ජනතා විමුක්ති පෙරමුණට චේ එක පාරටම මතක් වුනා නෙවෙයි. ඔයාලා අද ඉපදුනා වගේ කතා කරන්න එපා. ජවිපෙ හැමදාමත් චේ සමරනවා. මෙවර සමරන්නේ 46වැනි වතාවටයි. (ස)
ධම්මික, ඉතින් මෙහෙ ඉඳන් සැමරුවා නම් ඉවරයි නේ.මෙහෙ ඉඳන් සමරන්න දැන් ගෙන්නව ගන්න සෙනඟකුත් නැද්ද? (ස)
චේ ශ්‍රේෂ්ඨ විප්ලව වාදියෙකි. (ස)
චේ ගුවේර සමරනවාට වඩා ලංකාවේ අපිට සමරන්නට අපේම (ස)
අපිට සමරන්නට අපේම වීරයන් සිටින අවස්ථාවක . මෙපමණ දුරක් ගෙවා ගොස් වෙනත් රටක වීරයකු සේමරිම . ගඟෙන් වතුර බිල මුහුදට ආවඩනවා වෙනිය. අපේ රටේ කොපමණ වීරයන් සිටියද අපේ රට වෙනුවෙන් විජාතික බලවේග වලට විරුද්ධව . එයි අපිට බේරී අපේම වීරයන් සමරන්නට . චේ ගුවේර නරක නැත . එහෙත් ඔහු ලංකාවට කල දෙයක් නොමැත . අනික එදා කලදේ අද කරන්නට ඉඩ නොමැත . (ස)
සමාජවාදය එදාට වඩා අදට ගැලපෙනවා. අදට වඩා හෙටට ගැලපෙනවා. ඒක තේරුම් ගන්න පාට කණ්නාඩි දාගෙන බලලා හරියන්නෑ. සමාජය සංවර්ධනය වෙනවා.සංවර්ධනයේ උපරිමය සමාජවාදයට එහා ගිය කොමියුනිස්ට් සමාජයයි. කවුරු හරි හිතනවා නම් මේයිට එහා සමාජය සංවර්ධනය වෙන්නෑ කියලා ඒක මහ විහිලුවක්.(දිල්)
මේ විප්ලවවාදී තරුණ නායකයාගෙන් අපට උගත හැකි දේ අති විශාලයි.ලංකාවේ ළිං ගෙම්බන් වැන්නවුන් ගැන මට කණගාටුයි.තමුන් බොන වතුර ටික නැති කරනකොට කට වහගෙන ඉදලා දැන් කයිවාරු ගහනවා. (නි)
දෙයක් කරනකොට මොකක් හරි තේරුමක් තියෙන්න ඕනෑ. (නි)
දක්වා තිබෙන අදහස් දුටුවිට හිතාගන්න පුලුවන් ලංකාවේ මිනිස්සු කොයිතරම් පසුගාමිද, නිවටද කියලා (නි)
මනෝරාජික ලෝකයක ඉන්නා මිනිස්සු. (නි)
වීර මද්දුම බණ්ඩාර, වීර කැප්පටිපොල, අනගාරික ධර්මපාල, වගේ අය සමරන්න අපේ රටට වෙලා. අඩුම ගානේ ඡන්ද ටිකක් වත් ගන්න පුළුවන්. රෝමයට ගිහිල්ලා ඕවා සමරලා මොනවා කරන්නද? (ස)
රටේ අය වැඩිපුරම ඉන්නේ දේශපාලන වශයෙන් තවමත් මොන්ටිසෝරියේ. (නි)
මිනිස්සු තවමත් මේවායේ එල්ලිලා ඉන්නවා (නි)
පුදුම සෙනග ගොඩක් ඉන්නේ (නි)
චේ සමරන්න ඕනෑ ලංකාවේදී නෙමෙයි, පිටරටදී. පිටරට මිනිස්සු ඔහුව දන්නවා (නි)
ගෆුර්,මසුරන් කියමනක්. (නි)
ආශා, ඔයා පාට කණ්ණාඩි දාගෙන නැහැ, එකයි ඔයාට පෙනෙන්නේ කොමිනිස්ට්වාදයේ ලස්සන.සමාජවාදය කියන්නේ සමාජ මර්දනයකට. (නි)
කටාර් යාලුවගෙ අදහසට ගරු කරනවා. රට යන්න වියදම් කරන සල්ලි අපේ රටේ දුප්පත් පවුලකට නිවසක් හදන්න දුන්නා නම් වටිනවා නේද? (ස)