වත්තල ප‍්‍රාදේශීය සභා අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී සභා ශාලාවට ඇතුළු වන්නට ඉඩනොදී ඡන්දය ප‍්‍රකාශ කිරීම වැළැක්වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එහි ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ජූඩ් ක‍්‍රිස්ටෝපර් මහතා මානව හිමිකම් කොමිසමට අද(13) පැමිණිල්ලක් කළේය.
වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා ලේකම් වගඋත්තරකරුවන් කරමින් ඔහු මෙම පැමිණිල්ල කර ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 - 1(අ) (ආ) (ඇ) යන වගන්ති මෙම මගින් උල්ලංඝනය වී ඇතැයිද ඒ අනුව නිර්දේශ නිකුත් කර අයවැය නැවත කැඳවා විවාද කිරීමට අවස්ථාව දෙන්නැයි ඔහු සිය පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල දන්නවා වැඩේ. පොල් පැලේ රැක ගන්න උපරිම ට්‍රයි එක දුන්නා.(නදී)
මානව හිමි කම් ගැන නම් කතා නොකර ඉම්මු (දී)