IMG-LOGO

‘ජවිපෙ පැමිණිලි කොමිසමට යයි’

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පිරිසක් සති  අන්ත පුවත්පතකට  කිරුළපන පැමිණිලි  කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත හේරත්,  පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත,  බිමල් රත්නායක  සහ නීතිඥ සුනිල් වටගල මහත්වරු පුවත්පත් කොමිසමේ ප‍්‍රධාන විධායක  නිලධාරි සුකුමාර් රොක්වුඩ් සහ පැමිණිලි නිලධාරී කමල්  ලියනාරච්චි යන මහත්වරුන් වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

මෙම අසත්‍ය පුවත  සම්බන්ධයෙන් පරීක්ෂණක් පවත්වා සත්‍ය හෙළි කරන ලෙසට ද ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා  තිබිණි.   එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

පසුගිය ඉරිදා එක්තරා සති අන්ත පුවත්පතක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවු වාර්තාවට එරෙහිව  අද දිනයේ  අපි පුවත් පැමිණිලි කොමිසමට  පැමිණිල්ලක් කළා. එම පුවතේ  පළකර තිබු ප‍්‍රවෘත්තියක් ඒ සමඟ බැදුණ විශේෂාංගයත් අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා. අවලාද මඩ අසත්‍ය තොරතුරු වලින් පිරි ප‍්‍රවෘත්තියක් තමයි එම පුවත්පත පළකර තිබෙන්නේ.

මෙම පුවත්පත මේ රටේ මාධ්‍ය  සම්ප‍්‍රදාය  උල්ලංඝනය කරමින් පරාජිත   රාජපක්ෂ   කල්ලියේ මඩ ගොඩක් බවට පත්වීමේ අරමුණින්  මෙම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබේ. මෙම පුවත්පත මීට පෙර ඉතාමත් වගකීමෙන් වැදගත් කර්තෘවරුන්  කටයුතු කර තිබෙනවා. ඔවුන් මේ රටේ ජාතික මෙහෙවර වෙනුවෙන් දායක වී තිබුණා.   

 

DSC_9371 DSC_9396 DSC_9443



අදහස් (0)

‘ජවිපෙ පැමිණිලි කොමිසමට යයි’

ගම්පොළ ගෙදර Monday, 09 May 2016 08:43 AM

මාධ්‍යය නිදහස කියන්නේ මඩ ගහන්න, බොරු වපුරන්න, කුණුහරුප ලියන්න තියෙන අයිතියට නොවේ,මාධ්‍යය නිදහස කියන්නේ ජනතාවට ඇත්ත දැනගැනීමට තිබෙන අයිතියට කියල නීතිය ඉදිරියේ මාධ්‍යය නිදහස අර්ථකථනය කර ගත විය යුතුයි (අ)

:       0       0

කවි Monday, 09 May 2016 08:47 AM

මුල් ඡායාරූප 2 කට්ටිය තවක්බීරි වෙලා ඉන්නේ මොකද (අ)

:       0       0

රසල් Monday, 09 May 2016 08:47 AM

දුහුල් සලු වලින් නිරුවත වහ ගන්න බැහැ (අ)

:       0       0

චන්දන Monday, 09 May 2016 08:58 AM

වැරැදි කරුවන්ට දඩුවම් දිය යුතුමයි.(හේ)

:       0       0

කපිල Monday, 09 May 2016 09:07 AM

ඊළඟ සිදුවන්නේ කුමක්ද කියා බලමු.(හේ)

:       0       0

ෂෙල්ටන් Monday, 09 May 2016 09:20 AM

මේ පුවත්පත් නිදහසද .කට කටත් ඕවා හොද පාඩම්. (හේ)

:       0       0

චන්දන Monday, 09 May 2016 09:19 AM

ඔන්න මත්වරුනේ හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා. (හේ)

:       0       0

නලීන් Monday, 09 May 2016 09:21 AM

ඔබ තුමන්ලා වැරැද්දක් කර නැත්නම් බය වෙන්න දෙයක් නෙමෙයිනේ.(හේ)

:       0       0

ජයරත්න Monday, 09 May 2016 09:34 AM

ගෙයි ගින්දර පිටට එපා පිට ගින්දර ගෙටත් එපා කියලා කියනවනේ. ඒ නිසා මේ අය ගෙයි ගින්දර ගේ ඇතුලෙම ඉදගෙන නිවාගන්න වගේ හදන්නේ. හැබැයි ප්‍රවේසමෙන්. (හේ)

:       0       0

ෂෙල්ටන් Monday, 09 May 2016 09:34 AM

හොද වෙළද ප්‍රචාරයක්. (හේ)

:       0       0

රත්නායක Monday, 09 May 2016 09:39 AM

දැන් මේ දේ අල්ලගෙන කට්ටියට දගලන්න පුළුවන්.(හේ)

:       0       0

ගයාන් Monday, 09 May 2016 09:38 AM

ඉදිරියේදී බලමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)

:       0       0

සම්පත් පතිරණ Monday, 09 May 2016 09:46 AM

මහින්ද මහත්තයට මඩ ගහන විදිහට ඕක මොකක්ද ?(හේ)

:       0       0

චම්පික Monday, 09 May 2016 10:16 AM

සත්‍ය කොහෙද ,අපි එතන (බ)

:       0       0

මුණසිංහ Monday, 09 May 2016 10:17 AM

ජවිපෙ අතීතයත් වර්තමාන ක්‍රියා කලාපයත් දිහා බැලුවම ඒ නිවුස් බොරු කියලා හිතන්නත් අමාරුයි. එ්කේ මවපු දේවල් නැති බව කියෙවුවම තේරෙනවා. (බ)

:       0       0

සිරි Monday, 09 May 2016 10:21 AM

ඔන්න නියම හොරු කම්බ හොරු හදුනා ගන්න මහජනයා අන්දන්න එපා (බ)

:       0       0

ගාමිණී Monday, 09 May 2016 10:23 AM

අපේ රටේ මහජනතාව මේ කට්ටිය ප්‍රතික්ෂේප කරලා බොහොම කල් (බ)

:       0       0

ඇසළ Monday, 09 May 2016 10:24 AM

ඇත්ත කිවුවමත් පැමිණිලි කරනවා නම් බොරු කිවුවහම මොකද කරන්නේ. (බ)

:       0       0

ප්‍රසන්න Monday, 09 May 2016 10:32 AM

වරදක් ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

අමරදාස Monday, 09 May 2016 10:33 AM

මොකද මහත්තයෝ සුර සැප වැඩි වුනාම ඔහොම තමයි. (හේ)

:       0       0

සුදේශ් Monday, 09 May 2016 10:36 AM

හිනත් යනවා (හේ)

:       0       0

පසිදු Monday, 09 May 2016 10:37 AM

මේ අය සුදනෝ . (හේ)

:       0       0

ප්‍රියාන් Monday, 09 May 2016 10:42 AM

චන්දන, ඔයාගේ ප්‍රතිචාරේ දැක්කම මටත් එහෙම හිතුනා (හේ)

:       0       0

මධුෂාන් Monday, 09 May 2016 10:49 AM

රතු අලින්, කොළ අලින් ගේ අඩි පාර යමින් සිටිනවා (හේ)

:       0       0

ගාමිණි Monday, 09 May 2016 11:10 AM

සත්‍ය හෙළි කළ එම පුවත් පතට අපේ ගෞවරය (අ)

:       0       0

රොමේෂ් Monday, 09 May 2016 11:49 AM

රතු අලි රතු අලි කිය කියා කෑගැහුවට මේ ආණ්ඩුවේ ඉන්නේ ඒ කෑගහන මිනිස්සුන්ගෙම ඡන්දෙන් පත්වුන නිල් අලි. මහින්දගේ ගෝලොයොත් ඉන්නවනේ ඇමැතිකම්වල.(අ)

:       0       0

උපාලි Monday, 09 May 2016 11:59 AM

ඒ ලිපිය කියවද්දී මට නම් පැහැදිලිව තේරුණා එක තනිකරම මඩ ප්‍රහාරයක් බව. ඒ පුවත්පත ගැන මගේ යම් ප්‍රසාදයක් තිබුන නම් එකත් නැතිවුනා. අපේ ලංකාදීපය ඒ අතින් කොයි තරම් හොඳද? (අ)

:       0       0

මොරිස් Monday, 09 May 2016 12:04 PM

ලංකාදීප පුවත්පත වගේ සදාචාරාත්මක පුවත්පත් භාවිතයක් ආදර්ශයට ගන්න.(අ)

:       0       0

සිරි Monday, 09 May 2016 12:14 PM

අති පිරිසිදු නඩේ අපේ රටේ නැහැ දෙන්නේ බලේ මන්ද කියනවනම් නැත්තේ මොලේ හැමදාමත් වලේ (අ)

:       0       0

රොමේෂ් Monday, 09 May 2016 01:00 PM

මහින්දව ජනාධිපති පුටුවේ ඉන්දුවෙත් ආයේ ඉඳගන්න බැරිවෙන්නම බැස්සුවෙත් ජවිපෙ. ලොක්කා ජනාධිපති පුටුවට වෙලා නොදැක්ක ගානට ඉන්නකොට සොක්කො ටික ගත්ත සැප මතක් වෙනකොට මාළු නටනවා ඇති. ඉතින් පුදුම වයිරයකින් ඉන්න එකත් අහන්න දෙයක්ද.. කොහොම මඩගැහුවත් ආයේ ඒ සැප ලැබෙන්නේ නැහැ. ලබාගන්න දෙන්නෙත් නැහැ. (බ)

:       0       0

ජානකී Monday, 09 May 2016 02:03 PM

අම්මේ තාත්තේ අයියේ අක්කේ අපි හරි හොඳ වැඩ කරන අය! මෙන්න අපිට මඩ ගහනවෝ (බ)

:       0       0

විජේ Monday, 09 May 2016 02:08 PM

ඡන්දෙ පැරදිලා දිනපු එකාට අයින් වෙන්න කියල , එලවල දාල ඒ තැනට පිනට අාව අය කව්ද? මෙතන පින්තුරේ ඉන්නවද (බ)

:       0       0

අනූර් Monday, 09 May 2016 02:22 PM

දේශපාලන මණ්ඩලයේ ඉන්නේ ඔච්ච්රද තව හිටියේ නැද්ද, එකාට එක වැඩය බැගින් කරන්න තිබුනානම් 6 දෙනාට පැය 6 යනවා වැඩ හය ඉවර කරන්න ( එක වැඩේට පැය 1 බැගින් නම් ) පක්ෂයට අවරුදු 60 ට කිට්ටු වෙන්නත් එනවා , තවම 6යි, මොවුන් පෙළපාලි යන්න විතරයි දන්නේ,හොර ගමන් යන්න දන්නේ නැහැ (බ)

:       0       0

නිම්මි Monday, 09 May 2016 02:43 PM

හරියට හරි සිරි. මෙයාලගේ කට විතරයි (බ)

:       0       0

සුනිල් Monday, 09 May 2016 05:57 PM

මේ සහෝදරවරුන්ගෙන් එක සහෝදරයෙක් නම් ඉස්සර නිතරම ඔය කියන පත්තර කන්තෝරුව පැත්තේ නිතරම කැරකුණා කියලා අපි දන්නවා. හැබැයි ඒ සහෝදරයා නම් මේ පින්තූර වල නැහැ. (නි)

:       0       0

ජගත් Monday, 09 May 2016 11:21 PM

තමන් වරදක් කර නැත්නම් බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site