ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පිරිසක් සති අන්ත පුවත්පතකට කිරුළපන පැමිණිලි කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත, බිමල් රත්නායක සහ නීතිඥ සුනිල් වටගල මහත්වරු පුවත්පත් කොමිසමේ ප‍්‍රධාන විධායක නිලධාරි සුකුමාර් රොක්වුඩ් සහ පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි යන මහත්වරුන් වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් පරීක්ෂණක් පවත්වා සත්‍ය හෙළි කරන ලෙසට ද ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා තිබිණි. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
පසුගිය ඉරිදා එක්තරා සති අන්ත පුවත්පතක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවු වාර්තාවට එරෙහිව අද දිනයේ අපි පුවත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් කළා. එම පුවතේ පළකර තිබු ප‍්‍රවෘත්තියක් ඒ සමඟ බැදුණ විශේෂාංගයත් අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා. අවලාද මඩ අසත්‍ය තොරතුරු වලින් පිරි ප‍්‍රවෘත්තියක් තමයි එම පුවත්පත පළකර තිබෙන්නේ.
මෙම පුවත්පත මේ රටේ මාධ්‍ය සම්ප‍්‍රදාය උල්ලංඝනය කරමින් පරාජිත රාජපක්ෂ කල්ලියේ මඩ ගොඩක් බවට පත්වීමේ අරමුණින් මෙම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබේ. මෙම පුවත්පත මීට පෙර ඉතාමත් වගකීමෙන් වැදගත් කර්තෘවරුන් කටයුතු කර තිබෙනවා. ඔවුන් මේ රටේ ජාතික මෙහෙවර වෙනුවෙන් දායක වී තිබුණා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යය නිදහස කියන්නේ මඩ ගහන්න, බොරු වපුරන්න, කුණුහරුප ලියන්න තියෙන අයිතියට නොවේ,මාධ්‍යය නිදහස කියන්නේ ජනතාවට ඇත්ත දැනගැනීමට තිබෙන අයිතියට කියල නීතිය ඉදිරියේ මාධ්‍යය නිදහස අර්ථකථනය කර ගත විය යුතුයි (අ)
මුල් ඡායාරූප 2 කට්ටිය තවක්බීරි වෙලා ඉන්නේ මොකද (අ)
දුහුල් සලු වලින් නිරුවත වහ ගන්න බැහැ (අ)
වැරැදි කරුවන්ට දඩුවම් දිය යුතුමයි.(හේ)
ඊළඟ සිදුවන්නේ කුමක්ද කියා බලමු.(හේ)
මේ පුවත්පත් නිදහසද .කට කටත් ඕවා හොද පාඩම්. (හේ)
ඔන්න මත්වරුනේ හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා. (හේ)
ඔබ තුමන්ලා වැරැද්දක් කර නැත්නම් බය වෙන්න දෙයක් නෙමෙයිනේ.(හේ)
ගෙයි ගින්දර පිටට එපා පිට ගින්දර ගෙටත් එපා කියලා කියනවනේ. ඒ නිසා මේ අය ගෙයි ගින්දර ගේ ඇතුලෙම ඉදගෙන නිවාගන්න වගේ හදන්නේ. හැබැයි ප්‍රවේසමෙන්. (හේ)
හොද වෙළද ප්‍රචාරයක්. (හේ)
දැන් මේ දේ අල්ලගෙන කට්ටියට දගලන්න පුළුවන්.(හේ)
ඉදිරියේදී බලමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
මහින්ද මහත්තයට මඩ ගහන විදිහට ඕක මොකක්ද ?(හේ)
සත්‍ය කොහෙද ,අපි එතන (බ)
ජවිපෙ අතීතයත් වර්තමාන ක්‍රියා කලාපයත් දිහා බැලුවම ඒ නිවුස් බොරු කියලා හිතන්නත් අමාරුයි. එ්කේ මවපු දේවල් නැති බව කියෙවුවම තේරෙනවා. (බ)
ඔන්න නියම හොරු කම්බ හොරු හදුනා ගන්න මහජනයා අන්දන්න එපා (බ)
අපේ රටේ මහජනතාව මේ කට්ටිය ප්‍රතික්ෂේප කරලා බොහොම කල් (බ)
ඇත්ත කිවුවමත් පැමිණිලි කරනවා නම් බොරු කිවුවහම මොකද කරන්නේ. (බ)
වරදක් ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
මොකද මහත්තයෝ සුර සැප වැඩි වුනාම ඔහොම තමයි. (හේ)
හිනත් යනවා (හේ)
මේ අය සුදනෝ . (හේ)
චන්දන, ඔයාගේ ප්‍රතිචාරේ දැක්කම මටත් එහෙම හිතුනා (හේ)
රතු අලින්, කොළ අලින් ගේ අඩි පාර යමින් සිටිනවා (හේ)
සත්‍ය හෙළි කළ එම පුවත් පතට අපේ ගෞවරය (අ)
රතු අලි රතු අලි කිය කියා කෑගැහුවට මේ ආණ්ඩුවේ ඉන්නේ ඒ කෑගහන මිනිස්සුන්ගෙම ඡන්දෙන් පත්වුන නිල් අලි. මහින්දගේ ගෝලොයොත් ඉන්නවනේ ඇමැතිකම්වල.(අ)
ඒ ලිපිය කියවද්දී මට නම් පැහැදිලිව තේරුණා එක තනිකරම මඩ ප්‍රහාරයක් බව. ඒ පුවත්පත ගැන මගේ යම් ප්‍රසාදයක් තිබුන නම් එකත් නැතිවුනා. අපේ ලංකාදීපය ඒ අතින් කොයි තරම් හොඳද? (අ)
ලංකාදීප පුවත්පත වගේ සදාචාරාත්මක පුවත්පත් භාවිතයක් ආදර්ශයට ගන්න.(අ)
අති පිරිසිදු නඩේ අපේ රටේ නැහැ දෙන්නේ බලේ මන්ද කියනවනම් නැත්තේ මොලේ හැමදාමත් වලේ (අ)
මහින්දව ජනාධිපති පුටුවේ ඉන්දුවෙත් ආයේ ඉඳගන්න බැරිවෙන්නම බැස්සුවෙත් ජවිපෙ. ලොක්කා ජනාධිපති පුටුවට වෙලා නොදැක්ක ගානට ඉන්නකොට සොක්කො ටික ගත්ත සැප මතක් වෙනකොට මාළු නටනවා ඇති. ඉතින් පුදුම වයිරයකින් ඉන්න එකත් අහන්න දෙයක්ද.. කොහොම මඩගැහුවත් ආයේ ඒ සැප ලැබෙන්නේ නැහැ. ලබාගන්න දෙන්නෙත් නැහැ. (බ)
අම්මේ තාත්තේ අයියේ අක්කේ අපි හරි හොඳ වැඩ කරන අය! මෙන්න අපිට මඩ ගහනවෝ (බ)
ඡන්දෙ පැරදිලා දිනපු එකාට අයින් වෙන්න කියල , එලවල දාල ඒ තැනට පිනට අාව අය කව්ද? මෙතන පින්තුරේ ඉන්නවද (බ)
දේශපාලන මණ්ඩලයේ ඉන්නේ ඔච්ච්රද තව හිටියේ නැද්ද, එකාට එක වැඩය බැගින් කරන්න තිබුනානම් 6 දෙනාට පැය 6 යනවා වැඩ හය ඉවර කරන්න ( එක වැඩේට පැය 1 බැගින් නම් ) පක්ෂයට අවරුදු 60 ට කිට්ටු වෙන්නත් එනවා , තවම 6යි, මොවුන් පෙළපාලි යන්න විතරයි දන්නේ,හොර ගමන් යන්න දන්නේ නැහැ (බ)
හරියට හරි සිරි. මෙයාලගේ කට විතරයි (බ)
මේ සහෝදරවරුන්ගෙන් එක සහෝදරයෙක් නම් ඉස්සර නිතරම ඔය කියන පත්තර කන්තෝරුව පැත්තේ නිතරම කැරකුණා කියලා අපි දන්නවා. හැබැයි ඒ සහෝදරයා නම් මේ පින්තූර වල නැහැ. (නි)
තමන් වරදක් කර නැත්නම් බයවෙන්න කිසිම හේතුවක් නැහැ (නි)