විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ නගරයේ සංවිධානය කළ පන්දම් විරෝධයක් සහ පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් නුගේගොඩ දී අද (5) පැවැත්විණි.
වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්
විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ නගරයේ සංවිධානය කළ පන්දම් විරෝධයක් සහ පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් නුගේගොඩ දී අද (5) පැවැත්විණි.
වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා හැමදාම කළේ පන්දම් පත්තුකරපු එකයි, පන්දම් අල්ලපු එකයි. (නි)
හලෝ පිටිගල මිලානෝ මීට අවුරුදු 25 කට පෙර අතීතයට යනවද වර්තමානය සමග ඉන්නවද දැන් ඔය දේශප්‍රේමී ශ්‍රී ලංකා කියන අය 87 ගිවිසුම වෙලාවෙ ලයිට් කණු කැපුවෙ නැද්ද? ඒවයේ පිහිටෙන් බලයට ඇවිල්ලා ඒව අමතක කරන මේ අයට කඩේම යන්න ඔයා තව බිල වැඩිකරන්න කියලා ඉල්ලන්න.(නදී)
පක්ෂ භේදයෙන් තොරව මේ විරෝධතාවයට සහයෝගය දිය යුතුයි. හේතුව මොකක් වුනත් විදුලි ගාස්තු මහජනයාට ඉතාමත් බරයි. ඉතාමත් ඉක්මනින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍යයි. (නි)
මේ පක්ෂේ හැමදාම කලේ ජනතාවට හිස රදයක් උන එක විතරයි. එක්කෝ කොහේ හරි මහා පාරක උද්ගෝෂණයක් කරනවා. මොකක් හරි දෙයක් අල්ලාගෙන. රස්සාවල් ඉවර වෙලා ගෙවල් වලට යන්න ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්න අය මොන තරමක දුකක් විදිනවද මේ වැඩ නිසා. ඕවා අහලා කෑගහන ලොක්කන්ට නම් එහෙම කියලා කරදරයක් නැහැනේ. තමන්ගේ වාහනයෙන් යන්නේ එන්නේ.(නදී)
අනේ මන්දා, මේ අය කරන නිසා මට නම් කිසිම විශ්වාසයක් නැහැ.බොරුවට කරන්නේ කියලමයි හිතෙන්නේ (නි)
අනේ අම්මෝ....රටට, මිනිස්සුන්ට ආදරේ කරන අයද මේ? (නි)
ලංකාවේ ජීවත් වෙන්න මිනිස්සුන්ට දැන් බිල් තමයි කන්න වෙලා තියෙන්නේ. කිසිම සහනයක් නැහැ. හැම දෙයක්ම හරි ගණන්. මෙතන තියෙන්නේ අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක්. බොරු කතා වලින් වැඩක් නැහැ (නි)
ජේ වී පි එක ආණ්ඩුවත් එක්ක ඉන්න කාලේ දුෂණ නවත්තන්න තිබුනානේ (නි)
දුප්පත් ඡන්ද දායකයාගේ කර මත බර පැටවීමට විරුද්ධව කරන හොඳ වැඩක්. මේ විදිහටම පාර්ලිමේන්තුවේ අඩුම මුදලකට කන කෑම වේලට යන වියදමත් අඩු කරන්න කියලා පෙත් සමක් අත්සන් කරවන්නකෝ. දන්නවනේ අද ජීවන වියදමෙහි හැටි. (නි)
කරුණාකරලා ඒකක 90-95 සීමාවේ තියන්න. පොදුවේ හැමෝටම ඒ දේ හොදයි. සාමාන්‍ය ගේකට ඒකක 80-90 විතර යනවා. 91 වුනොත් එකපාරටම රුපියල් 800 විතර ගෙවන්න වෙනවා. හරිම අසාධාරණයි. (නි)
මම කියන්නේ නැහැ මට හිතෙන දේ (දී)
අපේ ලංකාවේ දේශපාලනය අච්චාරු කරපු කට්ටිය. අහිංසක පාසල් ළමයින් නොමග යවමින් රටට කරදයක්ම කරන කොටසක්. කවදාවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ. කාලයක් ආයුද අරන් බලය ගන්න ආවේ.(නදී)
එදා ජේ .ආර් මහත්තය මහවැලි ව්‍යාපාරය කෙරුවේ නැත්නම් අපි තාම අදුරේ. (නි)
අද විදුලිය කොයිතරම් නාස්ති කරනවද? විදුලි බිල අසාධාරණව වැඩිකළේ නැහැනේ. ජනපතිතුමනි, අපි ඔබ සමගයි (නි)
මේ වගේ මෝඩ වැඩ කරලා ලයිට් බිල් වැඩි වෙන එක නවත්තන්න පුලුවන්ද? ජේ.වී.පී. එක ඉතින් කවදත් කලේ මේ වගේ මෝඩ වැඩ තමයි. හරි නම් කරන්න ඕනේ ආණ්ඩුවට සහයෝගය දක්වලා මේකට කරන්න පුළුවන් විසදුමක් හොයන එක නේද ?(නදී)
ලයිට් බිල වැඩි කරනවට කැමති එක්කෝ පිස්සෝ නැත්නම් ජරාව කන අය. අපිට නම් ආමරුයි බිල ගෙවාගන්න.(නදී)
විදුලි බිල වැඩි කිරීමට අපිත් විරුද්දයි. මේක ලොකු අසාධාරනයක්. අපි ඉල්ලනේ 1-180 දක්වා පරණ මිලටම දෙන්ඩ.(නදී)
ගස් ලාම්පුවක් පත්තු කරලා තියෙන්නේ ගස් ලාබ නිසා ද?(නදී)
මෙයාල එක වෙලාවක රනිල්ට පන්දම් අල්ලනවා , ආයේ ෆොන්සේකාට , තව වෙලාවක සම්බන්තන්ට, තව වෙලාවක අමෙරිකන් කාරයින්ට සහ නොර්වේ වලට, හිටපු ගමන් විශ්ව විද්‍යාල වල ඉන්න මෝඩ කොලු රැළට, හෙට අනිද්දා අරලිය ගහ මන්දිරේට යාවි කෝපි බොන්න. මොකද සිරිකොත ලග ඉදල බොහොම ටික දුරයි එතනට තියෙන්නේ. (නදී)
රටම අදුරු වෙන කාලය වැඩි ඈතක නොවෙයි. ලාම්පු පත්තු කරන්නත් තෙල් නැතිවෙනවා. ඉර, හද ආලෝකය දෙන්නේ නැහැ. විසඳුමක් නැත.(නදී)
මෙයාලට හොදටම ලුස්. මනුස්සයෙක්ට වැඩට යන්නත් නැහැ. පාරවල් ගානේ උද්ගෝෂණ කරන එකයි, පෙත්සම් අත්සන් කරන එකයි ඇරෙන්න වෙන වැඩ නැද්ද කොහෙද? ජනතාව ගැන හිතනවා කිව්වට කරන්නේ මිනිස්සුන්ට වද දෙන එක විතරයිනේ.(නදී)
මම ආණ්ඩුවට ඡන්දෙ දුන්නට ජනතාවගෙන් සමාව ඉල්ලනවා (නි)
මෙන්න තියනවා රටට ඔබින පෙත්සම. කාලයට ඔබින දේ බෙදුම්වාදී නැහැ, හැමෝටම බලපාන දේ මේක තමයි හරි දේශපාලනේ. ජනතාව වෙනුවෙන් කරන මේ දේට අපගේ උපරිම සහයෝගය මුලු රටම අත්සන් කරනවා මේ දේට.(නදී)
ඉස්සර ලයිට් නිව්වේ නැත්නම් වෙඩි තියපු, ට්‍රාන්ස්ෆෝමර් කඩපු මේ අය ලයිට් බිල් වැඩි වුන එකට පක්ෂ වෙන්න ඕනනේ එතකොට වැඩි වෙලා ලයිට් පත්තු නොකරන නිසා.(නදී)
ජනතාවට වැඩක් වෙන්න පෙත්සම වලට හැමෝම සහයෝගය දෙනවා. මෙක හැමොටම බලපාන දෙයක්. ජනතාවගේ මුදල්වලින් යැපෙන සමහර හොරුන්ට වෙන බොරු වැඩ කරනවා විතරයි. මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙනේ මේ බිල් ගෙවලා ඉවර උනාම කන්නත් සල්ලි මදී. ඉතින් කොහොමද අනිත් වැඩ කරගන්නේ කරුණාකරලා මේකට සහනයක් දෙන්න බලදාරින්ගෙන් ඉල්ලන්නේ.(නදී)
උන පුරුකේ බලු වලිගෙ දාල තිබුනත් නැ ඇදේ ඇරෙන්නේ නැහැ. මේවා දකිනකොට මටක් වෙන්නේ ඕව තමයි .ජේ.වී.පී. එකේ පුරුද්දක් නේ.(නදී)
1971,89 කාලයේ ට්‍රාන්ස්ෆෝමර් කඩලා, අඳුරු නීතිය දමලා ,මිනි මරලා ,බුමි තෙල් ගන්න බැරිවෙන්න කඩ වස්සපු, ජනතා හිතවාදීන්ට ජයවේවා. වැඩිකළ බිල හරි ගෙවන්න අපේ ජීවිත ආරක්ෂාව රැකදුන් පාලකයින්ට අජරාමර නිවන්සුව අත්වෙවා.(නදී)
දැන් හරියට වහිනවා. ජලවිදුලිය හොදට නිපදවන්න පුලුවන්. ඇයි මේ විදියට ජනතාව මත බර පටවන්නේ? තියෙන බර මදිවටද? අපි ඡන්දේ දුන්නේ මේවා ලබාගන්නද? (නි)
කෝ අර ජනතාවාදී කට්ටිය? කාට කියන්නද මේ දුක? (නි)
මට තවම මතකයි 71 දී අපේ ගමේ කිසිම ගෙදරක ලයිට් පත්තු කරොත් මරාදාන බව කියලා ජේ.වී.පී එක පොස්ටේර් ගැහුවම කළුවරේ හිටපු හැටි අද වගේ. මේ අය පහුගිය අවුරුදු 42 කේම එකමෙක වැඩක් හරියට කෙරුවයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද. දේශපාලනය කියල කරන්නේ ජීවත් වෙන්න රස්සාවක් අනිත් පක්ෂ වගේ. කවදා අපේ රටට හරියට රට ගෙනියන්න පුළුවන් නායකයෙක් ලැබෙයිද.(නදී)
මේ කතා ඔක්කොම හරි තමයි. එහෙත් ලයිට් බිලේ ප්‍රශ්නය පමණක් නොවෙයි ජීවන වියදමට අදාල හැම දෙයකම බර උහුලන්න වෙන්නේ බොහෝ දුරට තාත්තලට. ටෙලි නාට්‍යවලටයි සුපර් ස්ටාර් ෂෝ වලටයි ඔක්කොම වශී වෙලා. අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි මොබයිල් ෆෝන් පිස්සුව. මිනිස්සුන්ගේ මොලය සෝදලා. ප්‍රමුඛතාව දෙන්න ඕන මොනවටද දන්නේ නැහැ. ඒක එහෙම වුනත් කාටත් බලපාන ප්‍රශ්න වලදී පක්ෂ පාට බේද නැතුව ඒවා විසඳ ගන්න එක් වෙන්න ඕන. මෙවැනි සටන් වලට සහය දෙන්න ඕනා.(නදී)
මම අහල තියෙන්නේ යුද්ධයක් තිබුන රටක ජනතාව ටික කාලයක් යනකම් ආර්ථික ප්‍රශ්න මත යම් යම් අපහසු තාවයන්ට පත් වෙනවා කියලා. අපේ රටේ යුද්ධයක් තිබුන ද කියලත් අපට අමතතයි වගේ නේද ගැටලුවක් නැහැ ඉටිපන්දම් පත්තුකරමු. අපට හුරුනේ ට්‍රාන්ස් පොමර් කපපු කාලේ ඉටි පන්දමුත් නැතිව සිටිය වග.(නදී)