‘රනිල්ට, මහින්දට මේ රට හදන්න බෑත අවුරුදු 66ක් තිස්සේ වසර 33 ගානේ රට පාලනය කර ඒ පක්ෂ දෙකම රට අඟලක්වත් ඉදිරියට ගන්න බැහැ කියා ඔප්පු කර තිබෙනවා.‘ යැයි ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක මහතා සිය මංගල රැල්ල අමතමින් මහරගම දී පැවසීය.
‘මේ ආණ්ඩුව ප්‍රධාන කේන්ද්‍ර පහක් ගැන කිව්වා. දැනුම, බලශක්ති, නාවික, ගුවන්, වෙළෙඳ. පොදුරාජ්‍ය මණ්ඩලීය චෝගම් සමුළුවේදි සංචාරක කේන්ද්‍රය කියලා තව එකක් එකතු වුණා.
අපේ රටේ බලශක්ති කේන්ද්‍රය හදන්නේ මාස 32ක් ඇතුළත 26 වතාවක් කැඩුණු නොරොච්චෝලේ තියාගෙන. විදුලිබල මණ්ඩලය 2011-2012 වර්ෂ දෙකේ පාඩුව රුපියල් කෝටි 8042යි. විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 8042යි. තෙල් සංස්ථාවේ පසුගිය වසර දෙකට පාඩුව 18,415ක්. ජනතාවට බදු ගහලා දඩ ගහලා ගන්න මුදල් ගිලින බහිරවයන් බවට පත්වෙලා. ගුවන් කේන්ද්‍රය කරන්න තියෙන ආයතන දෙකේ පාඩුව කෝටි ගණනක්.
කුඩු, එතනෝල්, කැසිනෝවලින් කේන්ද්‍රයක් හදා තිබෙනවා.
මේ නිසා මේ රටට ප්‍රබල විපක්ෂයක් ඕනෑ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.‘
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෝ ද ඊට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යම්කිසි සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. නැහැ කියන්න බැහැ. නමුත් මම කියන්නේ අනිත් අය විවේචනය කර කර ඡන්දෙ ඉල්ලපු කාලේ දැන් අවසන් (අ)
ජය වේවා (දී)
එක අයකුට පමණක් රතු අඩු ඇදුමක් , වෙනස කුමක්ද?(දී)
ජේ.වී.පී.ප්‍රතිපත්ති හොදා මොන එකක් වෙලාද මන්දා චන්දයක් දෙන්ඩ හිතක් නැති හැටි ! (දී)
සුභ පැතුම් ඔබට ජය නියතයි. දූෂණයට ඉඩ දෙන්න එපා. (නදී)
ඔබලාගේ කතා ඇත්ත ආණ්ඩුව ගන්නේ කසේද (දී)
ජනතා විමුක්තියට ජයවේවා (දී)
මෙරටේ ඉන්නා බත් ගිලින සිංහලයන්ට මේවා ගැන කොච්චර කිව්වත් තේරෙන්නේ නෙහෙ සහෝදරයා. (දී)
88 / 89 රට ආපස්සට ඇද්දේ කවුද (අ)
බීජ අයිතිය නැති කරන බිජ පනත, විෂ එකතු කරපු කෘමිනාශක ගැන කතා කරන ඒවා එහෙම අපට අදාල නැහැ හොදේ එතකොට අර අය තරහ වෙනවනේ. (අ)
මෙයාලටත් යමක් රටට කලහැකියි නමුත් ටිකක් උද්දච්චකම ඉවතලන්න ඕනේ . (අ)
ජයවේවා ..(දිල්)
ජනතාවගේ එකම බලාපොරොත්තුව.ජනතාවාදී රජයක්! ජයවේව!!(දිල්)
රටේ මහජනතාවගේ කැමැත්තෙන් කවුරැ රටේ බලයට ආවත් කිසිම ප්‍රශ්ණයක් නැහැ. (දී)
සුභ පැතුම් (දිල්)
නිර්ධන පන්තියට ජය වේවා (දී)
අපි බලමු නව නායකත්වය දේශපාලන කරලියේ නව වෙනසක් කරයිද කියලා (දී)
ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා , නව නායකත්වයට ජයවේවා (දී)
මෙදා සැරේ අපි ජවිපෙට.(නදී)
සුභ පැතුම් ඔබට ජය නියතයි. දූෂණයට ඉඩ දෙන්න එපා.(නදී)
රට ගැන හිතන ඔබට සුබ පැතුම්.. ජයවේවා! (නදී)
සුභ පැතුම් ජයවේවා (දිල්)
නව නායකයාගේ ඉලක්කය ප්‍රබල විපක්ෂයක්. අපගේ පූර්ණ සහයෝගය ඔබට ලැබෙනවා. ජයවේවා! (දිල්)
මහරගමින් ගිහිල්ලා ඉවරයි හෙට (දී)
සුභ පැතුම් ඔබට ජය නියතයි. දූෂණයට ඉඩ දෙන්න එපා.(දී)
ජය වේවා .......................... (දී)
ඔබ ට ජය (දී)
ඔබ හරි. ජ.වි.පෙ. විතරයි මෙහෙමවත් ජනතාව වෙනුවෙන් කතා කරන්නේ. ජය වේවා! (අ)
අපේ පැතුම ඔබ අපේ රටේ නව නායකය බවට පත්වේවා (දී)
රට වෙනුවෙන් කරන්න තියෙන හැම දේම නොබියව කරන්න ශක්තිය ලැබේවා (දී)
නියම රැල්ලක් නේ (අපට නොපෙනෙන) (දී)
මොන රැල්ලක්ද? රැල්ලක් තිබුනානම් මෙලහකට ජේවීපී රටේ පාලන බලයට පත් වෙන්න ඕනේ. කලින් නායකයා කෝ රටේ බලය ඇල්ලුවද? ජ්වීපී එකට පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තියක් නෑනේ.(දී)
සුභ පැතුම් (දී)
ශා.... වාව්.... මාරයිනේ.... නියමයිනේ..... 100කට වඩා ඇවිල්ලා.(දී)
2005 දී වැලේ වැල් නැතිව හිටපු ශ්‍රී.ලං.නි. පක්ෂයට ජයග්‍රාහී ලෙස ඔලුව උස්සන්න අත දීපු ජේ.වී.පී එක දේශපාලන වශයෙන් සමුල ඝාතනය කරල දාන්න කටයුතු කරන අයට දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් ම දඬුවම් ලැබෙයි. (අ)
ඔබලා මොනවා කලත් ඔබලාට කතිරේ ගහන්නේ හැමදාම දෙන අය පමණයි (දී)
මොනවද මේ කතා.....නිදහස ලැබී වසර 66 තුල මේ රටේ සංවර්ධනය විනාශ කලේ 1971සහ 88,89 වකවානුවල ජ.වී.පෙ. සහ 30 වසරක ත්‍රස්තවාදයක් කල එල්.ටී.ට්.ඊ .එකත් බව වගකීමකින් බාරගත යුතුයි. (දී)
ඔබලාගේ රැලියට අපේ සුභ පතුම (දී)
අනුර කතා කරන්නේ කටින්ද? වෙන්න නම් බැහැ. රටේ සංවර්ධනයක් වෙලා නැහැ කියන්නේ මොන කෝණයෙන් බලලද? යුද්දය නැවැත්තුවේ කවුද? නිදහසේ සාමයෙන් ජීවත්වෙන්නට පරිසරය හැදුවේ කවුද? රට පුරා මාර්ග පද්ධතිය සංවර්ධනය කලේ කවුද? උතුරේ සිට දකුණ දක්වා නගර සංවර්ධනය කළේ කරන්නේ කවුද? ගොවි ජනතාවට සහනාධාර දුන්නේ කවුද? අපේ රට සහලින් ස්වයංපෝෂිත කළේ කවුද? රැකියා අවස්ථා ඇති කරමින් උපාධිධාරීන්ට රැකියා දී සහන සැලසුවේ කවුද? නව තාක්ෂණය උපයෝගී කරගණිමින් කර්මාන්ත දියුණුව ඇති කළේ කවුද? පාසැල්වල පරිඝනක සහ මෘදුකාංග අධ්‍යාපනය ඇතිකළේ කවුද? රෝහල් සංවර්ධනය කෆ්<අ කවුද? මේ ආදී විශාල වැඩ කොටසක් කළේ නැහැ කියා කියන්නට පුලුවන්ද? රටක් කරවද්දී නොයෙකුත් අඩුපාඩුකම් ඇතිවෙනවා. ඒක ස්වභාවයයි. එහෙත් ඒවා හැකිතාක් අවම කරමින් මේ ගමන යන්නේ ඉදිරියටත් විශාල වැඩ කොටසක් කිරීමට සැලසුම් හදාගෙනය. කළු කණ්නාඩියෙන් රට දිහා බලන්නට එපා. වරද පමණක් නො දැක හරි දේත් දකින්නට අවංක උත්සාහයක් කළොත් ඔබලාට අතලොස්සක ජනතාවට වඩා ඒක රාශි කර ගත හැකිය. රජයට බනින කොට චුන් වන ජනතාවක් දැන් නැහැ. (දී)
.අද මේ වගේ වැලේ වැල් නැති තත්වයකට ජේ වී පී එක පත් කලේ ,කරන්න පාර කැපුවේ මේ අය තමයි.(අ)
කවුරුවත් කරන්න ඕන නැහැ සත්‍ය මහත්තයෝ..ඔය නායක තුමා එක අපුරුවට කරලා පාන්සකුලෙත් දීල සොහොන් කොතකුත් බන්දාවී ..ඉතාම කෙටි කාලෙකින්.. (දී)
ආණ්ඩුවේ නාස්තිය ඇත්ත. එයට පිළියම් යොදන්නත් ආණ්ඩුවට උවමනාවක් නැහැ. නමුත්, පාරවල් දිගේ මිනී මරලා,ලංගම බස් ගිනිතියලා, බෝම්බ ගහලා, ආරක්ෂක සේවයේ අය මරලා, මේ රටට මිනීමැරුම්, බෝම්බගැසීම් පුරුදු කලේ මේ රතු සහෝදරයෝ මිසක් වෙන කවුරුත් නෙවෙයි. (නදී)
ආඩම්බරයි (දී)
මේ ගොල්ලන් බන කිව්වට රටක් හදන්න යු එන් පී හැර වෙන කාටවත් බැහැ මේ තියන තත්වටෙන් ගොඩගන්න (දී)
මේවා අහල අන්න විජේවීර මහත්තයා තමන් මේක නිර්මාණය කෙරුවේ මේකටද කියල අහනවලු. (නදී)
කොහොම වෙතත් දැන් අපිටත් ජේ.වී පී ඒක ගැන පැහැදීමක් තිබෙනවා. නමුත් ඒහි යථාර්ථය දකින්නට නමි මේ සංවිධානයට පොන්සේකාත් චන්ද්‍රිකාත් ඒකාබද්ධ විය යුතුයි. එවිට විජයග්‍රාහී මාවතක් කරා ගමන්කරන්නට හැකිවෙනවා.(නදී)
සු ගාල ජන ගංගාවක්. 71 මතක් වෙනවා සහෝදරයා.(දී)