මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් සඳහා වන සුබ සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී හමුවූහ.
ගෘහ සේවයට අවම වැටුප් තීරණය කිරීම, විශ්‍රාම වැටුපක් ලබාගැනීම, ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ කුඩා දරුවන් ජාතික පාසලකට ඇතුළත් කිරීමේදී යම් සහනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇමැතිනියට බාර දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොම හරි. (ස)
අනේ ඉතින් අපටත් ලකුණු ටිකක් වැටුනොත්. (ස)
අතගහගෙන ඉන්න විදියෙන්නම් පෙන්නේ වැඩේට වැඩිය මාධ්‍ය සංදර්ශනයක් කියලා (ම)
විපක්ෂය යනු සෑම දේටම විරුද්ධ වීම නොව පවතින ආණ්ඩුවට ජනතා ප්‍රශ්න යොමුකර ඒවා ලබාදීමට කටයුතු කිරීම බවයි. ජවිපෙ මේ උත්සාහයෙන් රටට කියන්නේ. සමහරුන්ට මේ දේත් මුක්කුවක් ලෙස පෙනෙන්න පුළුවනි. (ර)
සාකච්ඡා මේසෙන්ම පේනවා ප්‍රශ්නේ බොහොම බරපතල විදියට අරගෙන විසදුම් දෙන බව. දැන් අපි හිතාගමු ජේවීපිය ජීවමානව ඉන්නවා කියලා. එතකොට ඔක්කොම හරි. (ර)
කුසුම් දල්පදාදු, හරියට හරි දැන් තමයි ජ.වී.පෙ ජීවමානව වැඩ කරන්නේ. ඊළග පාර මගේ ඡන්දය ජ.වී.පෙට. (ර)
රතු අලි පැටියාගේ පෙරමුණට මේවා මැති සභයට ඉදිරිපත් කරලා විසදුම් ලබා ගන්න බැරි තරමට ම මේ ගොල්ල දියාරු වෙලාද? සමාජවාදයේ පරිනතම සහෝදරයා වන ( ජෙප්පලගේ මිම්මට අනුව ) සෝමවංස අමරසිංහ ගේ ඉසිවර නුවණට දැනිල තමයි එයා රතු අලි පැටවාගේ කල්ලිය දාල ගියේ. (බ)
අපේ අම්මගේ හැටියට ඔය බාප්පා හොදටෝම ඇති කීවාලු (අ)