විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පත් කරනු ලැබීය.
විපක්ෂ නායකයා පත්වන පක්ෂයටම එම පදවිය හිමිවන නමුත් මෙවර එම සම්ප්‍රදාය අනුගමනය නොකළ බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් කියයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සන්ධාන මන්ත්‍රීන් 50කට වැඩි පිරිසකගෙන් පාර්ලිමේන්තු විපක්ෂයක් පිහිටුවන බව කියා සිටි සන්ධාන සුළු පක්ෂ නායකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා තව ටික වේලාවකින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට යයි.
1968 - 11 - 24 වැනිදා උපන් දිසානායක මහතා 2014 පෙබරවාරි 2 වැනිදා ජවිපෙ නායකයා විය. 2004 දී මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණියේය. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාද විය.
දිසානායක මහතා කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ජය වේවා! අපි වෙනුවෙන් කතාකරන බව විශ්වාසයි. (නි)
ඕකවත් ලැබුනා මදැයි. හිත සන්තෝෂ කරගන්නයි දැන් තියෙන්නේ. (නි)
මන්ත්‍රී 50 සන්ධානය කැඳ හැලියක් (බ)
අනුර කුමාර දවල් මිගල් රැ දැනිෙයල් වෙග් ජේවිපි ඒක රැක ගන්න වෙයි (අ)
සුබ පැතුම්! (නි)
බොහොම හොඳයි (නි)
අනුර සහෝදරයට ජයවේව! (ම)
සාධාරණ තීරණයක්.අනුර, ඔබට සුබ පතමි! (නි)
ඔබට ජය වේවා! "සැබෑ ජනතා හඬ" (නි)
ඔබගේ දේසපාලන ජීවිතය තුල, ශ්‍රී ලංකික ජනතාවට උදාර සේවයක් කිරීමට ශක්තිය ලැබේවා, ඔබට ජය සහ සතුට !(හේ)
අනුර, ඔබට යුක්තිය වෙනුවෙන් කැපවීමට ශක්තිය! (නි)
මේක පුදුමයක් නෙමෙයි. (නි)
මේ රටේ මිනිස්සු දේශපාලන අතකොලුවෙලා ඉන්නේ ඉන් මිදුනදාට හෝ තෙරුම් ගත්තදාට සුදුස්සාට රටේ නායකත්වය ලැබේවි...ඔබට ජය..(අ)
දර්ශන එක ඉතින් හිතුවට වැඩක් නැහැ හැමෝම ඡන්දෙ දුන්න නම් එක වෙනවා. (අ)
විපක්ෂය නෙමෙයි තමන්ගේ පක්ෂයවත් සංවිධානය කරගන්න බැරිවුණානේ ඉතින් (නි)
මට හිතෙනවා ජවිපෙ ආසන වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගියා නම් ගොඩක් වටිනවා කියලා (නි)
හරිම සතුටුයි. අපෙන් සුබ පැතුම්! (නි)