රාජ්‍ය සේවක දීමනාව මූළික වැටුපට එකතු කරන ලෙසත්, පුද්ගලික අංශයට පොරොන්දු වූ රුපියල් 2500 වහාම ලබාදෙන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීය. ජාතික වෘත්තීය සමිති මධයස්ථානයේ කැඳවුම්කරු හා පළාත් සබා මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ සමයන් දැකලම එපා වෙලා දැන් (නදී)
කඩ වහන්න කියලද මෙයාල කොළ බෙදන්නේ.මේ ගොල්ලොත් ආණ්ඩුව වගේම මේවාට වග කිව යුතුයි. (බ)
ජ. වී. පෙ කියන්නේ වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නෙත් නැති, රටට වැඩකුත් නැති, කරන දෙයකුත් නැති, පිරිසක්.(හේ)
ජ.වී.පෙ. ට දැන් වයස කීයද? අවුරුදු 45 යි. තව පෝය ගණනාවකින් පේන්නේ මොනවාද? සුදුම සුදු කොඩි තමයි. ඒ කියන්නේ " කාලෝ අයං තෙ". මේගොල්ලෝ දැන් රජයේ සේවකයින් ගැන උතුර උතුරා යන්න කිඹුල් කඳුළු හෙළනවා.මේ අය ඉතින් සදහටම කොළ බෙද බෙදා ඉඳියි. දැන් ඡන්දදායකයෝ මේගොල්ලන්ට වඩා ගව් ගණනින් නෙමෙයි යොදුන් ගණනින් ඉදිරියෙන් තමයි හිටගෙන ඉන්නේ. (නි)
මෙයාලට කරන්න පුළුවන් ඔච්චරයි. රටක් හදන්න රටක් සංවර්ධනය කරන්න කිසිම දැක්මක් නැහැ. (නි)
අනේ ලාල් කාන්ත මහත්තයෝ ඔබතුමාලගේ නායකයා අර විදායක සබාවේ හිටියනේ දැන් බෝඩ් ලෑලි එල්ලගෙන ඉන්න ඕනේ නැහැනේ ඒ කාලේ විදායක සබාවට ඔය ඉල්ලීම දැම්මා නම් (නදී)
ජවිපෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වර්තමානයේ කරන මෙහෙය සහ බලපෑම අගය නොකිරීමට වඩා එය හිතාමතාම හෑල්ලුවට පත්කිරීම අභාග්‍යකි. පුවත්පත් පවා කරන බලවත් වරදකි. ඔවුන්ට එරෙහි විවේචන ඉවත නොදැමිය යුතුයි මෙන්ම ඒවා සාධාරණ විය යුතුය. ඔවුන් නොමැති අනාගත පාර්ලිමේන්තුව දොර අගුලු දැමු හොර ගුහාවක් වීම නොවැලැක්විය හැක.(නදී)
ජනවරමට ගරුකරනු ! දුන් පොරොන්දු ඉටුකරනු! (නි)
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ නිරුවත හෙළිවන ආසන්නතම සිදුවීම නන්දන ගුණතිලක අවසානයේ නැවතුනු තැන..88/89 තරුණ සංහාරය දුටු එයට මැදි වුනු, තමනායකයින්ට අත්වුණු ඉරණම දැක්ක විප්ලවකාරයෙක්ගේ අවසාන නවාතැන ඒ මිනිමරු දේශපාලනයේ නිවහනමනම් අද මේ ඉන්න හොරිකඩ නායකයින්ගේ හෙට දවස ගැන කවර කතාද? (බ)
පෝස්ටර් ,කොළ කෑලි, තුණ්ඩු කෑලි දේශපාලනය විතරද? (නි)
මෙයාල ඉතිං හැමෝගේම කකුලෙන් අදාල ලකුණු දාගන හදන එකනේ කලේ එත් එයාලා මොනවා කලත් වැඩක් නැ ජනතාවගේ හිත්වල තියෙන කහට බය නැති කළ හැකි නොවේ (ම)
ඡන්දෙකුත් ළඟ නිසා මොනවාහරි කරන්නත් ඕනෑනේ. (නි)
ජනතා අයිතීන් වෙනුවෙන් නිතරම ජනතාව සමග සිටින ජවිපෙට මගේ ආචාරය. (ස)