ඇමරිකාව කියුබාවට පනවා තිබෙන සියලු ආර්ථික හා දේශපාලන සම්බාධක වහාම ඉවත් කර ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට කියුබාවට ඉඩ සළසා දෙන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිසක් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට අද (16) පෙරවරුවේ ලිපියක් භාර දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති,වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ යන මහත්වරු ඊට එක්ව සිටියහ.
කියුබාවට එරෙහිව පනවා තිබූ සියලු සම්බාධක ඉවත් කළ බව ඇමරිකාව පැවසුවත් එවැන්නක් කර නොමැති බව එම ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික දෙනෙකුගේ වැඩ හරිද ..? ඊළඟ මහා මැතිවරණයේදී මීට වැඩි බලයක් ලබා දුන්නොත් ඇමරිකාව දණගස්සන්න වුණත් පුළුවන් හොඳේ. (නි)
ජවිපෙට ජයවේවා! (නි)
අගය කලයුතුයි. තමන් පීඩිතයන් වෙනුවෙන් කරන කැපකිරීම ශ්‍රී ලංකාව තුල පමණක් නොව මුළු ලෝකය වෙනුවෙන්ම ඇති බව.(ර)
කියුබාවෙන් සහය ඉල්ලුවාද? නැත්නම් ඔයාලාම දෙනවාද? කාලෙකින් අහපු හොඳම විහිළුව. (නි)
අයියෝ ! ඇමෙරිකාවට කියන්න ගොවියාගේ වී ටික ගබඩා කරන්න ගබඩා ටිකක් හදාගන්න උදව් කරන්න කියලා. (නි)
තමන්ගේ නායකයාගේ පවුල ගැන බලපු නැති අය දැන් එනවා කොහෙවත් තියෙන කියුබාවේ ප්‍රශ්න කතා කරන්න. නිකන්ද මෙයාලව එපා කියලා මිනිස්සු ගෙදර යැවුවේ? (නි)
දැන් ඇමෙරිකාව බයවෙයි මේගොල්ලන්ට. මේ ගොල්ලෝ මේ කරන්නේ කැපීපෙනෙන්න යමක් කරන එක. (නි)
මේක අහයිද දැන්.? (ර)
කාට උනත් සහය දෙන එකනම් හොදයි. එත්... (ර)
කියුබාවෙ ජනාධිපතිවරණයක් වුණත් ජවිපෙට දිනන්න බැරිවෙන එකක් නැහැ (නි)
තමන්ගේ ඇසෙ තියන මෝල්ගහ අයින් කරගන් නැතිව අනුන්ගේ ඇස්වල තියන ඉදිකටු අයින් කරන්න යනවා. (ර)
දැන් ඇමරිකාවට මොනවා හිතිලා ඇද්ද දන්නෙ නැහැ (නි)
තමන්ගේ රටට විරුද්ධව ජිනීවා වලට ඇමරිකාව යෝජනා ගෙනෙනකොට ,මේගොල්ලෝ ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහට ගියේවත් නැහැ. (නි)
වසන්ජ ඔබ හරි. (ර)
ඇමරිකාවට හීන් දාඩිය දාන්න ඇති. (නි)
මේ අයට ලංකාවේ ප්‍රශ්න පෙන්නේ නැහැ. වෙන රටවල ප්‍රශ්න විසදන්නේ ඒ නිසානේ. මොකද එච්චර ආදරේ කිව්බාවට? (ර)
අනේ ඔව්.... ජවිපෙ නැත්තම් කියුබාවට යන එන මන් නැතිව යයි. (ර)
ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වලට ඉඩ පාද ගත්තෙ කියුබාවෙ හිටපු පාලකයො. (ර)
හුරේ !. අපේ රටේ සියලු ප්‍රශ්න ඉවර නිසා දැන් කියුබාව දෙසට අපගේ අවධානය යොමු වී ඇත. (ර)
අපේ රටේ ප්‍රශ්න නැද්ද දැන්. (ර)
ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ කියන්නේ ඕවට තමයි (නි)
අම්මපා! අපේ රටේ තිබෙන ප්‍රශ්න ගැන කතාකරන්න කට නැහැනේ (නි)
ෂා නියමයිනේ! (නි)
ඉස්සර නම් කිව්වේ 'කියුබාවේ වෙච්ච දෙයක් - ලංකාවෙත් වෙන්න බැරිද', 'සිරිමාවොට අපි කියන්නේ - කස්ත්‍රෝ වගේ කෙළින් ඉන්න' වගේ දේවල්. (නි)
දැන් ඇමරිකාව බයවෙයි හොඳටම. ලංකාවේ මීටවඩා ප්‍රශ්න තියෙනවා (නි)
ඔබාමටම දෙන්න තිබුනේ මේ ලියුම. අනිත් රටවල් ගැනත් ලියන්න කරුණාකරලා. මොකෝ ඔයාලා කියෙන දේ කරන්න බලාගෙන ඉන්නේ ඇමෙරිකාවේ කට්ටිය... (ර)
කරන්න වැඩක් නැති උදවිය. මෙන්න කියලා ඇමෙරිකාව එයාලා කියන දේ අහයි (නි)
සහෝදරයන්ට ලංකාවේ මන්ත්‍රීකම් නැතිවෙනකොට කියුබාව පැත්තෙවත් ගිහින් මන්ත්‍රීකමකට ට්‍රයි කරන්න හිතුනාවද්ද? (නි)
දැන් ‘පට ගාලා‘ ඇමෙරිකාව කරයි මේක. (නි)
මේ ගොල්ලො කියන දේ කවුරුවත් අහන්නේ නැති නිසා ඔබාමාටවත් පාඩමක් උගන්වන්න හිතුනාද. (නි)
සුනිල් සහෝදරයට පිස්සුද අනුර සහොදරය නැතිවෙලාවේ කරන්නේ. ඔය වැඩකට වැඩ් දෙවල් කරන්නේ නැතිව අපේ අනුර සහෝදරයව කියුබාවේ උපදේශකව කළානම් ඔමාමා සහොදරයා එක පෑන් පාරෙන් ඕක කරලා දාවි. (බ)
අපේ ජනතා විමුක්ති පෙරමුණ කියපු ගමන් ඇමරිකාව බයවෙලා කියුබාවට ඔක්කොම දෙයි දැන්. අලුත් පාප් වහන්සේගේ කළ මෙහෙයන් වලට පින්සිදු වන්නට ඇමරිකාව සහ කියුබාව මිතුරන් වුණා (නි)