ජනතා විමුක්ති පෙරමුණ වසරකට වරක් පවත්වන ඉල්මහ විරු සැමරුවට සමගාමීව එහි ප‍්‍රංශ කමිටුව පවත්වන 24 වැනි ඉල් මහ සැමැරුම අද( 08) සවස තුනට පැරීසියේදි පැවැත්වේ. එහි නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේශනයක් අන්තර් ජාලය හරහා ප‍්‍රචාරය වීමට ද නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණ වසරකට වරක් පවත්වන ඉල්මහ විරු සැමරුවට සමගාමීව එහි ප‍්‍රංශ කමිටුව පවත්වන 24 වැනි ඉල් මහ සැමැරුම අද( 08) සවස තුනට පැරීසියේදි පැවැත්වේ. එහි නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේශනයක් අන්තර් ජාලය හරහා ප‍්‍රචාරය වීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි පැරිස් වලත් මෙහෙම කොටසක් ඉන්නවා කිව්වම (නි)
ප්‍රශ්නය මිනිසුන්ට නොතේරීම තමයි ගැටළුව වන්නේ. තරුණ කැරැල්ල නවතන්න නම් ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසදන්න අවංක නායකයින් පත්කරන්න (නි)
විජේවීර කියන සහෝදරයා තුල වූ මානසිකත්වය තුළින් ඒ ක්‍රියාදාමයේදී මේ රටේ සිටි මනා ජවයකින් පිරුණු එඩිතර තරුණයෝ දහස් ගණනක් මේ උප්පරවැට්ටියට කොටුවුණා. 71 සහ 88 - 89 දී ඇතිවුණ සිද්ධි දාමයන් පිළිබඳව ලියවුන පොත් පත් ,සඟරා, පුවත් ලිපි හා වෙනත් අදාළ කරුණු මනාව කියවීමෙන් හා විග්‍රහ කිරීමෙන් මා පසක් කර ගත් තිත්ත ඇත්තේ, ( ඇසීමට කැමති වුවද අකමැති වුවද) ශුද්ධ වූ යථාර්තය එයයි. (නි)
රටේ අාදායම සමසේ බෙදන ක්‍රමයක්. ඉතින් තව මොනවද මිනිස්සුන්ට ඕනෑ කරන්නේ. ඉතින් මෙය වැරදිද?මිනිසුනේ, මේක තමයි කරන්න ඕනෑ. ජේවීපී රජයක් තමා මේ රටට දෙන්න තියෙන හොදම උත්තරය. (නි)
ඉහත අදහස් දලා තියන අය ජේ වී පි එක එක්ක පුදුම තරහක් තියෙන්නේ. කලින් අඩුපාඩු සහ වැරදි කරලා තිබුනට හොඳ බුද්ධිමත් සාමාජිකයෝ ටිකක් ඉන්නවා ,ඒගොල්ලන්ගෙන් රටට වැඩක් ගන්න බැරි කම රටේ ජනතාවගේ කරුමේ,බන්දුල පෙරේරා පත්තර වල තියන සේරම විස්වාස කරන්න එපා.අපි සාමාන්‍යයෙන් රටේ වෙන දේවල් දන්නවනේ. (ස)
රොෂාන් මහත්තයෝ ..කවුරුත් කියන දෙයක් එම හැටියටම පිළිගන්න බබ්බු මේ රටේ නැහැ කියල මම දන්නවා.ඔය කාල සීමාව ගැන හමුදාමය අත් දැකීම් මටත් තියෙන නිසා මම දන්නවා පාවාදීම් කියන එක ගැන හොඳින්ම..තමන්ගේ සාමාජිකයින් අමු අමුවේ මරල දන්නා මුල්වුණු ඒවාට අණ දීපු එම සුදු ඇදගත් හමුදා චරිතය වෙනුවෙන්, එම චරිතය රජ කරන්න එම චරිතයට එම ක්‍රියාදාමයට අනදීපු වගේම තමන්ගේ නායකයාවත් සියලු යුද නීති වලට පිටින් ගිහින් අමානුෂිකව මරා දාපු යු අන් පී එකත් එක්ක එකම දේසපාලන වේදිකාවට නැග්ග මේ පාවාදෙන්නන් හොයාගෙන උන්ගේ බෙලි මිරිකන්න එම මැරිච්ච තරුණ තරුණියෝ මිනී වලවල් වලින් නැගිටලා එන්නැති එක ගැන තමයි මට පුදුමේ.. (ස)
ලංකාවේ සෙනඟ එන්න නැති නිසා පිටරට වලට ගිහින් වැඩ පෙන්නන්න හදනවා.එදා ඉඳලම ඉඳල බොරුවෙන්ම තමයි වැඩ (ස)
මේකට මම නම් කැමති නැහැ (නි)
ජ.වී.පෙ මේ සමරු තියන්න ඕනේ සෝමවංශ ලත් එක්ක නොවෙයි. විජේවීර සහෝදරයාගේ අහලකින් වත් තියන්න බැහැ. (ස)
මම මෙම අයට අකමැති වුනක් රටට වැඩක් ගන්න පුළුවන් මනුස්සයෙක්. (ස)
අද ඉන්න මිනිස්සු බොහෝ බුද්ධිමත්. ඔවුන්ට හරි වැරැද්ද තෝරා බේරා ගන්න පුළුවන් (නි)
එම මැරිච්ච තරුණ තරුණියෝ මිනී වලවල් වලින් නැගිටලා එනවා නම් ඔය කාල සීමාව ගැන හමුදාමය අත් දැකීම් තියෙනවා කියල බේගල් ඇදබාන උන්දලට නිදාගන්න වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න හැමෝටම කළකම් පලදෙනවා කියන එක. දරුවොන්ට, දරුවොන්ගේ දරුවොන්ට ඕවගේ සාපේ වදින්නේ. (නදී)
සෝමවංස වගේ කෙනෙක්ගේ කතාවක් නොදා විජේවීරගේ හොඳ කතාවක් හොයල දැම්මනම් තමයි හොඳ.කොහොමද ත්‍රස්තවාදයෙන් මිදී ආවේ නැත්නම් අද විරු සමරු පවත්වන්න පුළුවන් වෙයිද?කොටින්ට වුන දේමයි නේද වෙන්නේ.? (ස)
මේ අනුව ලංකාවේ උතුරේ හා දකුණේ තැනක් නැති අය පිටරටවල් වල තමයි ක්‍රියාත්මක වෙන්නේ. පිටරටවල ඉන්න සමහර අයට උණ තියනවා මොකක් හරි බෙදීමක් වෙලා සමිතියක් හදාගෙන තනතුරු අරගෙන වැඩ පෙන්වන්න. ගොඩක් රටවල පන්සල් පාලනය කරන්නෙත් ගිහියෝ. ඒ අය කියන විදිහට ඉන්න බැරිනම් හාමුදුරුවන්ට යන්න වෙනවා. තනතුරු වලට නරක අය පත්වුණාම හොඳ හාමුදුරුවන්ටත් යන්න වෙනවා. මේ වගේ පිටරට ඉඳගන අපගේ රටට අවැඩක් වෙන දේ වලට හවුල් වෙන්න එපා (නි)
චාමික මහත්තයට කේන්ති ගියේ මොකද කියලා නම් පැහැදිලි නැහැ..බෞද්ධයෙක් වශයෙන් කළකම් පල දෙන බව නම් මම පිලිගන්නවා. ඒ වගේම එම දේවල් මගේ ජීවිතේ දැකල අත් විඳලත් තියෙනවා.අර සුප්‍රසිද්ධ චරිතයටත් බොකු බඩවැල් අතින් අරන් මරණයේ දොරකඩට ගිහින් එන්න උනේ එම හින්දා කියලත් මම විශ්වාස කරනවා..... (ස)
මම දන්නේ නැහැ ඔයගොල්ල ගැන , (මම මගේ තැන හදාගෙන ඉවරයි) කියන නායකයෝ නේද ඔය කමිටුවේ ඉන්නේ ,,,,,, අනේ ඇයි දෙවියනේ කඩල ඇටයක තරම්වත් මොලයක් දෙන්න අමතක කරේ, (ස)
සති අන්ත ලංකාදීපයේ දියත පිටපතේ මෙදා හොද හෙළිදරව්වක් කරලා තියෙනවා..වර්තමාන ජේ වී පි සහ පෙරටුගාමී තරුණයන්ට අතීතයේ නායකයන්ගේ මහා පාවාදීම් ගැන තොරතුරු දැන ගන්න. එ වගේම අද සුදු ඇදගෙන දේශපාලන රංගනයක යෙදෙන්න හදන එක්තරා සුප්‍රසිද්ද හමුදා චරිතයක ක්‍රියාකාරකමුත් පැහැදිලිවම පෙන්නලදීල තියෙනවා මේ චරිතයේ සුදු පිරුවට රැවටිලා දුෂණ බීෂණ නැති රටක් මොහු ගොඩනගනකම් හීන දකින මී හරක්ගෙ ඇස් ඇරෙන්නත්.. (ස)
යූඑන්පී යට තුරුල් වී ජේ.වී.පී. වළ පල්ලට යැවූ නායකත්වයට මොන ඉල්මහ සැමරැම්ද? ඒ බව පසුගිය ජනධිපති මැතිවරනයේදී කිසිම හිරිකිතයක් නැතිව යූඑන්පී සමග එකම වේදිකාවේ සිටිමින් ඔබලාගේ බොරු දේශපාලණ හෙලුව මනාවට පෙන්නුම් කලා.ලබන මැතිවරණයේදී ජනතාව බොරු දේශපාලණය බිංදුවට බස්සන හැටි අපට බලාගත හැකියි.සහෝදරයිනි මෙම නායකයින්ගේ අරමුන හුදෙක් මුදල් බව අමතක නොකරන්න. (ස)
මොනවද මේ වෙන්නේ? (නි)
බන්දුල මහතා මට දැනුයි තේරුනේ ඔයා මොකද ජෙනරල් එක්ක ඔච්චර තරහ කියලා. ඔයාටත් හමුදා අත් දැකීම් තියනවා කියනවනේ. ජෙනරල් යුද්දේ කරන්න ඉස්සර හමුදාවත් සුද්ද කරලා තමයි යුද්දේ පටන් ගත්තේ. එතුමා කරන්න ඕන දේ හරියට කරනවා. මම දන්නා තරමින් හමුදාවේ හිටපු හොරු ,පවාදෙන්නෝ වගේ ද්‍රෝහින්ව එක රැයින් ගෙදර යැව්වා. ඊට පස්සේ තමයි යුද්දේ පටන් ගත්තේ. එතුමා බඩවැල් අතින් අරන් නැගිට්ටේ නැත්නම් ප්‍රභාකරන් තාමත් ඉන්නවා. ජේ වී පි එක එක්කත් ඔයා තරහයි. ඒ ගොල්ලොත් කියනදේ හරියට කරන කට්ටිය. කීප දෙනෙක් පාවා දීම් මිනීමැරුම් වගේ දේවල් කරාට සේරම පලි නැහැ. අනිත් එක බන්දුල මහතා පරණ දේවල් එක්ක ඔට්ටු වෙන්න එපා. ඔයා ලියල තියෙන්නේ වෛරයෙන්. ඔයාගේ දේශපාලනය මොකක් ද කියල පේනවා ,සාදාරණ හොද අය එක්ක තමා ඔයා තරහා. ජේ වී පි එකේ හිටපු දුෂ්ටයින් දැන් ඒකේ නැහැ. එක එක පක්ෂ හදාගෙන කඩාගෙන ගියා. දැන් ඉන්නේ ස්පිරිට් ටික. අනිත් එක ජේ වී පි අය කියන දේවල් තේරුම් ගන්නත් මොලයක් තියෙන්න ඕනා.(නදී)
බුදු දහමේ සදහන් වෙන්නේ, මනුෂ්‍ය හා සත්ව ඝාතනය (විශේශුත හේතු කීපයක් ඇරෙන්නට) මොන හේතුවෙන් කලත් පව් සිදුවෙන බවයි. එම මැරිච්ච තරුණ තරුණියෝ හැමදෙනාම භීෂණයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. සමහර අහිංසක තරුණියෝ මැරුවේ නිලධාරීන්ගේ පහත් ආශාවල් සපුරා ගන්න ඕනේ කමට. සමහර සුරූපී කාන්තවොන්ගේ අහිංසක ස්වාමියෝ කුදලාගෙන ගියා, ඒ කාන්තාවෝ ලබාගන්න තිබුන පහත් ආශාව නිසා. ජපුර මහාචාර්ය වරයෙක් පොතක් ලිව්වා ඒ ගැන. එදා එවැනි දේ කල අයට අද වෙලා තිබෙන දේවල් ගැන. බන්දුලත් එවැනි දේවල් කල නම් ඔබටත් ඔබට සම්බන්ධ යටත් ඒවා එසේ පලදෙවී කියලයි කිව්වේ. (ස)
මේ කට්ටිය ගැන කොහොම අමතක කරන්නද? (නි)
මට නම් කිසිම පැහැදීමක් මේ පක්ෂය ගැන නෑ. යුග දෙකකදී සිංහල තරුණයන් ගේ ජීවිත බිලි ගත් පක්ෂයක් ?? (ස)
අනේ මේ අය එක සහෝදරයෙක්ව අමතක කරලනේ (නි)
"සුදු ඇදගෙන දේශපාලන රංගනයක යෙදෙන්න හදන එක්තරා සුප්‍රසිද්ද ..." අම්මෝ මගේ ඇඟ හිරි වැටී ගියා. මේ කියන්න යන්නේ කවුරු ගැනද කියලා. (නි)
අනේ මේ අය විජේවීර සහෝදරයට අපහස කරනවා ! අමරේ ගිය ජනාධිපතිවරණයේ දි රනිල් මහත්තයා බදාගෙන සිප ගත් හෙටි! විජේවීර මයාගේ ඇට කටු දුකෙන් නලියන්න ඇති. (ස)
යුග දෙකක දහස් ගානක් වටිනා තරුණ ජීවිත බිලි ගත් පක්ෂයක් ? මගේ කිසිම මනාපයක් නෑ.(දිල්)
මෙහෙමත් වැඩ? (නි)
මමනම් ප්‍රංශ කමිටුවේ ඉදල හොදට හැදිලා මගේ තැන හදාගෙන ලංකාවට ගිහිල්ල හොදම ගොවියා වෙලා දැන් ආපහු ප්‍රන්සේට ආවේ මගේ ප්‍රංශ ගොවිපලට ගාල් කරන්න හොද පෙරටුගාමී හරක් ටිකක් ඉන්නවද බලන්න. කාටද ආඩම්බර ? (ස)