මහින්ද රාජපක්ෂ ජනපති බ්‍රහස්පතින්දා (21) පවත්වන අය වැය කතාව වර්ජනය කිරීමට විපක්ෂ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
2013 අය වැයෙන් දුන් පොරොන්දුව ඉටු නොකළ රජය මෙවර අය වැය මගින්ද ජනතාව රවටනු ඇති බවත් එම නිසා අය වැය කතාව යනු තනිකරම පුස් වෙඩිල්ලක් පමණක් වනු ඇතැයිද හේරත් මහතා ජවිප පක්ෂ මුලස්ථානයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසී.
රජය ලෝකයට ණය වී හිඟා කා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නැමැති මඟුලක් කෑ බවත් බවත් එහි නරක ප්‍රතිපල ඉදිරියේදී මෙරට ආර්ථිකයට දැනෙනු ඇති බවත් හේරත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජන,උද්ඝෝෂණ කරන්න විතරද මේ පක්ෂ තිබෙන්නේ? අඩුම තරමේ අරමුදලක්වත් පිහිටුවාගෙන නැද්ද? ඔය අහිංසක දරුවෙකුට පොතක් පතක්වත් අරන් දෙන්න? මොකද මේ අය වැටුප් ගන්නවනේ. (නි)
අදහස් දාලා තිබෙන අයගෙන් පේනවා මොළේ තරම. (නි)
ජේ වී පි එක වර්ජනය කරොත් පාර්ලිමේන්තුවේ ලොකු ගානක් හිස් වෙයිද ? කීදෙනෙක් ඉන්නවද රතු කමිස පාර්ලිමේන්තුවේ ? ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නේ මම හිතන්නේ මේ ගොල්ලෝ වර්ජනය කලොත් (අ)
මේකේ අදහස් දාන ගොඩ දෙනෙක් අන්තිමයි. ජනතාවගේ පැත්තෙන් කතා කරලා හැමදාම ජනතාවට පොඩි ජයක් හරි අරන් දෙන්නේ ජේ.වී.පී එකේ අය පමණි.(නදී)
මෙයාලා හිතාගෙන ඉන්නේ මේ හතර දෙනා නැතුව සම්මත කර ගන්න නොහැකි වේවි කියලාද? (නි)
මට නම් මාර බයක් දැනුන මේ ගොල්ලෝ යනවා කිවුවම. දැන් අපි කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ... අනේ අපිට එහෙම කරන්න එපා ...!! (ස)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි. ආරේ ගති නෑරේ. මෙයාලා ඉතින් වෙන මොනා කරන්නද? ඔහොම යන්.(නදී)
මේ ගොල්ලෝ ඉතින් ගෙදර අයට විරුද්ධව අල්ලපු ගෙදරත් එක්ක උද්ඝෝෂණ කරන අයනේ... (නදී)
අනේ මහා දේශපාලන බලයක් ඇති, විශාල ඡන්ද පදනමක් ඇති මහජනතාවගේ හිත දිනාගත් මහත්වරුනි, මේක නම් කරන්න එපා. මිනිසුන්ට මින් යහපතක් සිදුවන්නේ නැහැ. (නි)
මම කැමති ජේ වී පි විනාස වෙනවට ,වඩා කැමති 2000 වසරට පෙර විනාස වූවානම් (ස)
හු….හු…..හු……! (ස)
සාධාරණ විරෝධතාවක් ජය වේවා! මේ උගත් බුද්ධිමත් අයට අපහාස කරමින් ප්‍රතිචාර දමා ඇති පිරිස ගැන. කණගාටුයි.බහුතරයක් බොරුවට රැවටෙනවා.ඇත්තට ගරහනවා.පාර්ලිමේන්තුවේ විසර්ජන කෙටුම්පතක් කියන්නේ මොකක්ද කියාවත් නොදන්නා ටෙලි සහ සිනමා නිළියන්ට මෙන්ම නිදාගෙන කෝකටත් එහෙයිය කියන සිග්නල් කණු වලට බොහෝ දෙන කැමතියි.ජනතාව වෙනුවෙන්,ඔවුන්ගේ යහපත උදෙසා අවබෝධයකින් කතා කරන අයට ගරහනවා.(ස)
කවුරු මොනවා කිවුවත් මොනතරම් අපහාස වෙන විදියේ අදහස් පළකළත් දේශපාලකයන්ට විරුද්ධව දුප්පත් ජනයා වෙනුවෙන් කටක් ඇරලා කතා කරන පක්ෂයක් තමයි රතු සහෝදරයන් (නි)
කව්ද මේ තබුක් .පවි නේ (ස)
කොහෙමත් මෙයාල දන්නෙත් මෙච්චර තමයි එදා ඉනද් තන්කරම පුස් වෙඩිල්ලක් පමණයි (අ)
මාර කේස් එක තමයි දැන් ඉතිං ආණ්ඩුවට හීන් දාඩිය දාලා ඇති කොහොමද සමිමතකර ගන්නේ කියලා. ඉස්සෙල්ලා ඔය මිනිස්සුගේ කුහක කම නතර කර ගත්තොත් හොදා ඊට පස්සේ ජාතික දේශපාලනයට එන්න (අ)
මේ අය ඉතින් කවදත් වර්ජනය කරන්න පුරුදුවේච්ච පිරිසනේ. දැන් යන එනමන් නැතිව ඉන්නේ. ලජ්ජාවට තවම කෑ ගසනවා. (නදී)
මේ ගොල්ලෝ වර්ජනය කරනවට බයට මැති ඇමතිවරු සියල්ලෝම බියෙන් ඉන්නේ. (නි)
ඔය "අය වැය" නමැති කර්මයට අත නොගහා ඉන්න එක හොදයි (නි)
මෙහි පළකර ඇති මත වලින් පෙනී යන්නේ අයවැය සහන අනවශ්‍ය බවයි. එසේ නැතහොත් අයවැය සහන ලබා ගැනීමේ වෙනත් ක්‍රමවේදයක් ඔවුන්ට ඇති බවයි. (ස)
දේශපාලන කුහකකම නොවේද? (නි)
ලංකාව දැන් ගොහොරු මඩවලක් වෙලා. (නි)
ඒක හොඳ දෙයක්. ලඟදි මොකුත් සද්ද දාලා කරන්ඩ බැරිඋනු හින්ද එහෙන් මෙහෙන් එන ආධාර නවතින්න පුළුවනි. අනික ලොකු වර්ජන වලට යන්ඩ සාමාජිකයෝ කියල එහෙමට කට්ටියක් නැති එකේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කීප දෙනාට කියල වත් ඔහොම දෙයක් නොකර මොනවා කරන්නද? පළාත් සභා ඡන්දත් ළඟ එනවා. නිකන්ම හිටියොත් තියෙන ආසන ටිකත් නැතිවෙනවා. ජයවෙවා.(නදී).
ඔය කතා කරන අයට ජේවිපියේ අගේ තේරෙයි අවුරුද්දක් විතර ජේවීපිය නිහඩව සිටිය නම්, එහෙනම් ඔබලා වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැත, ඔබලාට අනාගතේ වෙන දේත් දන්නේ නැත.එතකොට පෙරැහැර ගිහින් ඉවරයි ඔබලාට බුදුසරණයි (ස)
මෙයාලගෙ වැඩේ ඉතින් වැඩක් කරන්න කලින් ඒකට විරුද්ධව කෑගහන එකනේ... (ස)
එදිනෙදා ජන ජීවිතයට බාධා කළහොත් එසේ කරන ඕනෑම කෙනෙකුට අවම බලය යෙදවිය යුතුයි. (නි)
තබුක් සිල්වා, ඒක නම් ඇත්ත, ඒ ගොල්ලන්ට කරන්නත් පුළුවන් එච්චරනේ.(නි)
පව් මේ ආණ්ඩුව.මේ ගොල්ලොන්ගේ ඡන්ද නැතුව කොහොමද ඕක සම්මත කරගන්නේ? හැබෑටම? නැවතත් පොඩ්ඩක් හිතලා බලන්න ඔය කරන්න යන වැඩේ හරිද කියලා. (නි)
කවුරු මොනවා කිවුවත්, කළත්, නිගන්ඨයින්ට රෙදි අන්දවන්න පුලුවන්ද? 1970න් පසු පාර්ලිමේන්තු යන්නේ අාත්මාර්ථකාමින් මිස මානවවාදීන් නොවෙයි. (නි)
අය-වැය වර්ජනය කරලා මෙයාලට හොඳ පුරුද්දක් තියෙනවා. අර එකපාරකුත් තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුවෙන් නැගිටලා යන්න ගියේ... (නි)