IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජීවිතයේ සමහර තීරණ වැරදුණා

2016-04-29-ent-04

ජානකී විජේරත්න’’ රංගන ශිල්පිනිය යනු තමුන් දායක වන චරිත රංගනයට උපරිම කැපකිරීමකින් දායකත්වය ලබාදෙන ශිල්පිනියකි. එසේ වුවද, පසුගිය කාලයේදී ඇය රඟපෑ චරිත දැකගත හැකි වුණේ නැහැ. ඒත් ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතුවලට නම් ඇය දිගින් දිගටම දායක වූවාය. මේ දිනවලද ඇය නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයක් වන "චක‍්‍ර" මේ දිනවල විකාශය වෙයි.

 

2016-04-29-ent-05කාලයකට පසුව නේද?

ඔව්, ගොඩ කාලයකට පසුව තමයි.

 

පසුගිය කාලයේදී මොනවද කළේ?

රංගනයට අවුරුදු තුනකින් විතර දායක වුණේ නැහැ. නමුත් නිෂ්පාදන අංශයෙන් දිගටම දායක වුණා.

 

මොනවද කළ නිෂ්පාදන?

සඳ සිත්තම්, දුහුළුමලක්, හේදි සහ මේ දිනවල "චක‍්‍ර"

 

අන්තිමට රඟපෑ නාට්‍යය?

සඳ සිත්තම්.

 

ඇයි රංගනයෙන් ඉවත් වෙලා හිටියෙ?

ඇත්ත වශයෙන්ම මට ගොඩාක් විවේකය අඩුයි. නිතරම විදෙස්ගත වෙන නිසයි. රඟපෑම කියන්නෙ දුවxදුව කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒකට කාලය කැපකිරීම කරන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ කර්තව්‍ය හරියට කරන්න බැහැ. ඒ හැරත් දැන් රඟපෑමට දක්ෂ ගොඩක් අලූත් අය ඉන්නවා. අපිට මේ වායේ එල්ලිලා ඉන්නවාට වඩා, එයාලට අවස්ථා දිය යුතුයි. ඒ නිසා නිෂ්පාදනයෙන් දායක වෙලා එයාලට ඒ අවස්ථාදීමත් හොඳ දෙයක් වෙලා.

 

ඇයි නිතරම විදෙස්ගත වන්නේ?

පොඩි - පොඩි ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. ඉතින් ඒ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නිතර විදෙස්ගත වන්න සිදුවෙනවා.

 

ජානකී ගැන පේ‍්‍රක්ෂකයින් පසුගිය කාලයේ වැඩිපුර කතා කළේ?

සඳ සිත්තම් සහ පූජා නාට්‍යයේ කළ චරිත නිසයි.

 

ඇයි පසුගිය කාලයේදී මාධ්‍ය හමුවේ පෙනී නොසිටියේ?

චරිත රංගනයන් නැතිව කතා කරන්න දෙයක් නැහැනෙ. නිමිත්තක් නැතුව නිතර පෙනී සිටීම ඇත්තටම කළ යුතු දෙයක් නොවෙයි. නිෂ්පාදන කටයුතු කියන්නෙ තිරය පිටුපස සිට කෙරෙන දෙයක්.

 

අද දවසේ කටයුතු ගෙවි යන්නේ මොනවිදියට ද?

ව්‍යාපාර කටයුතුවල යෙදෙන අතරේ මගේ පුද්ගලික ජීවිතයේ විවේකය ගැනත් නිතර හිතනවා.

 

ඔබ නිතර ශාරීරික ව්‍යායාම්වල යෙදෙන බව, ඔබගේ ෆේස්බුක් පිටුවෙන් දැකගන්න පුළුවනි. එහෙම නේද?

ඒ කාලයේ ඉඳලම මට ශාරීරික ව්‍යායාම්වල යෙදීම අමුතු දෙයක් වුණේ නැහැ. පාසල් කාලයේදී බැට්මින්ටන්, නෙට්බෝල්, මීටර් 100 දිවීම, උස පැනීම ඒ වාගේ බොහෝ ක‍්‍රීඩාවල යෙදුණා. ඒ නිසා සම්මාන සහතික රැුසක්ම දිනා ගත්තා. ඒ නිසා අදටත් මම බැට්මින්ටන් ක‍්‍රීඩාවේ යෙදෙනවා. ශාරීරික ව්‍යායාම්වලත් යෙදෙනවා. ශරීර සෞඛ්‍ය ගැන හිතන නිසාත් ඒවා හරිම කැමැත්තකින් කරන්නෙ.

 

ඔබගෙ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්න අකමැතිද?

අකමැත්තක්ම නැහැ. පුද්ගලික ජීවිතයක් අපි හැමෝටම තියෙනවනෙ

 

කොහොමද ඒ ජීවිතය?

හරිම සුන්දරයි. සාමාන්‍යයෙන් ඒ පුද්ගලික ජීවිතය මම කතා නොකරන එකක්. එය පුද්ගලිකම විය යුතුයි. හැබැයි එහෙමයි කියලා හංගන්න දෙයක් මට නැහැ. අවශ්‍ය වුණොත් කතාකරනවා.

 

ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස වත්මන් ටෙලි කලාව දකින්නෙ කොහොමද?

ඇත්තටම ඒ ගැන නම් මම ගොඩාක් සතුටු වෙනවා. ඉස්සරට වඩා උසස් ගුණයෙන් යුතු, ගුණාත්මක නිර්මාණ නැවතත් බිහිවන්න පටන්ගෙන.

 

නමුත් බොහෝ අධ්‍යක්ෂවරු පවසන්නේ එලෙසින් සුබවාදීව නොවෙයි?

කාලයෙන් කාලයට එක එක රැළි එනවා. නමුත් මම නම් අපේ මෙගා ටෙලි නිර්මාණ ගැන හිතන්නෙ සුබවාදිවයි. මේ නිසා විශාල පිරිසකට සහනයක් වෙනවා. ඊයේට වඩා ඒ කතා ගුණාත්මක වෙලා. මොකද තරගය වැඩියිනෙ. ඒක හොඳ දෙයක්.

 

මෙවැනි දේ හැර, ඔබ ජීවිතය වින්දනය කරන්නෙ වෙන මොන වගේ දේ එක්කද?

සංගීතයට මම හරිම ආසයි. විශේෂයෙන්ම අපේ පැරණි ගීත රසවිඳින්න හරිම ආසයි. පණ්ඬිත් අමරදේවයන්, ජෝතිපාලයන් වගේම මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්ගෙ ගීතවලට වඩා ප‍්‍රියයි."ආරාධනා"අමරදේව ශූරීන් ගයන ගීතය පුදුම විදියට රස විඳිනවා.

 

ජානකි අද ආපස්සට ඔබගෙ ගෙවුණු ජීවිතය දිහා හැරී බැලූවොත්?

ජීවිතයෙ සමහර තීරණ වැරදුණා. සමහර ඒවා හරි ගියා. ඒ නිසා බොහෝ හොඳ දේ සිද්ධ වුණා. දුක් වූ අවස්ථාත් තියෙනවා. ඒ සියලූ දේ අතරේ අද මම සිටින තැන ගැන මට සතුටුයි. දුක බොහෝ වෙලාවට මම තනියම විඳදරා ගන්න පුරුදු වූ කෙනෙක්. මට මගේ අම්මා - තාත්තාටවත් මගේ දුක පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒ තුළ මම ශක්තිමත් කාන්තාවක්.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-04-29-ent-06
2016-04-29-ent-07
2016-04-29-ent-08
2016-04-29-ent-09

 



අදහස් (0)

ජීවිතයේ සමහර තීරණ වැරදුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site