
(සුජිත් හේවාජුලිගේ)
අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතව මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි
ඒ අනුව කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත් එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව පරිස්සම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
ගාල්ල, මාතර, කළුතර, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන්ටඅධික වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජලාශ උතුරයි : වාරිමාර්ගයෙන් රතු එළියක්
de silva Saturday, 25 October 2025 01:55 PM
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැසි සමය ආරම්භ වෙන්න කලින් ප්‍රධාන ගංගාවල මෝය කටවල් එහෙම සුද්ද කරගෙන අවශ්‍ය පියවර ගන්න ඕනේ... නමුත් හැමදාම මේ නිලධාරීන්ට මෙවැනි කටයුතු සිදු කරන්න මතක් වෙන්නේ වැහැලා ගංවතුර ගලලා මිනිසුත් අවතැන්වෙලා ජීවිත සහ දේපල විනාශ වුණාට පස්සේ..., පායන කාලේ ගඟ වල තිබෙන පොලිතීන්, ලීකොට සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කරගන්න ඕනේ, සමහර බක පණ්ඩිතයෝ කියාවි පායන කාලෙට මෝය කට කැපුවාම ගංගාවල වතුර අඩු නිසා මුහුදෙන් ලුණු වතුර ගගට එනවා කියලා, එහෙම නම් අවසාන කොටස පමණක් ඉතුරු කරලා තබන්න... එහෙම කරහම වහිනකොට පැය කිහිපයක් ඇතුළත බැකෝ එකෙන් මෝයකට පාදගන්න පුළුවන්...