ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ සියලු බලාගාර සඳහා ජල සැපයෙන මාවුසා කැලේ, කැනියන්, ලක්ෂපාන හා විමල සුරේන්ද්‍ර ජලාශ පිටාර ගලයි. අඟහරුවාදා රාත්‍රීයේ සිට මධ්‍යම කඳුකරයට මහා වැසි වසියි. කාසල් රී ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්නව පවතී. මෙම ජලාශයන් හි වාන් දොරටු විවෘත කිරීම නිසා කැලණි ගගේ ජල මට්ටම වේගයෙන් ඉහළ යා හැකි බව නුවරඑළිය දිසාපති. බී.පී.ජී කුමාරසිරි මහතා කියයි. කඳුකරයේ දැඩි සුළං තත්ත්වයක් ද පවතී. පස් කඳු ද කඩා වැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් වාන් දාලා වතුර අරී. සති දෙකයි. වතුර නැතිවෙලා විදුලිය දෙන්න බැරිවෙයි. රොන් මඩ පිරිලා ඇති ඕවයේ. (නි)
රටෙහි කොතරම් වැව් පිරුණත් වැඩක් නැත. අහිංසක ජිවිත කියක් නම් මේ සතිය ඇතුලත අපිට අහිමි වුනාද? (නි)
හවස්වෙද්දී ගඟේ වතුර මට්ටම ගැන අපිව දැනුවත් කරන්න කැළණි ගග ඉතිරුවොත් අපිට ගෙවල්වලට යන්න ප්‍රශ්න ඇතිවෙනවා.‘(නදී)
සුළු වර්ෂාවකිනුත් රටේ ජලාශ පිටාර මට්ටමට එනවා. මේ වායේ වර්තමාන සැබෑ ධාරිතාවය නිවැරදිව ගණනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කලයුතුයි. අනතුරුව සෑම ජලාශයකම අවසාධිත නිරන්තරයෙන් ඉවත්කිරීමේ ප්‍රයෝගික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයක්.(ස)
මේවා සැලසුම් කරන දෙනා ඒවා කරන්නේ ජනතාවට සෙතක් සාදන්න නොවෙයි .ඔවුන්ට සෙත සාදා ගන්න. දකුණු ඉන්දියාවේ පරමාණු බලාගාරයක් ඉදිවුනේ කාගේ උවමනාවටද. ඉන්දියාවේ දෙශපාලුවෙක් ජරාව කාලා කලාපයම පරමාණු විකිරන අනතුරකට පත්කරලා. ජරාව කාපු එකාට ප්‍රශ්නයක් නැත එකා සමහරවිට ජී්‍වත් වෙන්නේ උතුරු ඉන්දියාවේ වෙන්න පුළුවනි. ජරාව දුන්න එකාටද ප්‍රස්නයක් නැත. ඒකයි ඉන්දියානු පුරවැසියෙක් නොවන්න පුළුවනි. ලෝකය පුරාම මෙවෙනි දී සිද්දවෙනවා. කොහී හරි වැඩකට ගන්න බැරි මේවගේ දේවල් විකුණන අය ඉන්නවා.(ස)
තිලක් කියන කතාව සම්පූර්ණ ඇත්ත. ලංවිමයේ සිදුවන වංචා කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. (නි)
කොපමණ ජලාශ ඉතිරිලා පිටාර ගැලුවත් වැඩක් නැත.රට වැනසී හමාරය (නි)
මෙහෙම උනාට මාසයක් නොවැස්සොත් ජලාස හිඳෙයි විදුලිය කැපෙයි විදුලි මිල වැඩි වෙයි. පෞද්ගලික ඩීසල් බලාගාර හිමියෝ හිනා වෙයි, පස්සේ ආරංචි වෙයි ජලාශවල ආරක්ෂාවට බලධාරීන් ජල මට්ටම අඩු කරලා කියලත්. එහෙම වෙනකොට එම නිළධාරීන් ධනවත් වෙයි. අපේ රට එහෙමයි.(ස)