මේ හැම තැනකම ඇහෙන කතාවක් තියෙනවා. “ඔයා මොනවා කිවුවත් එයාට ගානක් නෑ.” ඒ වාක්‍ය ඛන්ඩයයි. මිනිසුන්ට මිනිසුන් කෙරෙහි ඇති ආකල්ප එයින් පැහැදිලි කරනවා. ඉතාමත් සරළ කතාවක්, ඉතාමත් කලාත්මක ලෙසින් ඉදිරිපත් කර ඇති මෙම කෙටි චිත්‍රපටය ඉතා කෙටි කලකින් නිමැවුනු බව සඳහන් වෙනවා. ලෝකයේ කොතෙක් වූ නොපනත් වගකීම් විරහිත මිනිසුන් සිටියද, පහසුකම් නැතිවද මිනිසා වෙනුවෙන් නැගී සිටින මිනිසුන් සිටින බව දැකිය හැකි වනු ඇත. මේ ඉදු කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වන එහි අධ්‍යක්ෂක ජූලියන් ආනන්දරමනන්.
“48 Hours Film කියන්නෙ වෙනමම ව්‍යාපෘතියක්. අපිට දෙනවා තේමාවක්. ඒ තේමාව ඇතුළේ පැනවිය යුතු චරිත ස්වභාවයන් ටිකක් සහ කතා තේමාවක් දෙනවා. ඒ නීති ටික ඇතුළේ අපි හදන්න ඕන කෙටි චිත්‍රපටයක්. ලොකේෂන් හොයාගෙන, ඉතුරු වැඩ ටිකත් කරගෙන, ස්ක්‍රිප්ට් ලියාගෙන ඒ ඔක්කොම වැඩ ටික කරන්න වෙන්නෙ ඊට පස්සෙයි. මෙම චිත්‍රප්‍රටය සම්මාන පහක් දිනා ඇති අතර එය යාපනය දුම්රිය මාර්ගය යළි විවර වීම මූලික කර නිර්මාණය කර තිබෙනවා.”
තිරරචනය සහ අධ්‍යක්ෂණය
- ජුලියන් ආනන්දරාමනන්
කැමරා අධ්‍යක්ෂණය
- ජී. එස්. එස්. දුෂ්‍යන්තන් සහ ජීවක ප්‍රබුද්ධ
සංස්කරණය සහ හඬ පාලනය
- එස්. මනෝහර
සංගීතය
- එස්. ජෙගදීස්
විශේෂ ප්‍රයෝග
- පී. විෂ්වලිංගම්
සහය අධ්‍යක්ෂණය
- පී. පුරුසෝත්
රංගනය
- කේ. මනෝජ්
- ආර්. ජෙයනාදන්
- එස්. නිරෝෂන්
- ආර්. නිරෝජන්
- පුරුසෝත්රේනුකා
- තුෂ්ජාන්දන්
- විජිදරන්
- විජිත
- දිල්රුක්ෂාන්
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd