වැටුප් විෂමතා ඉවත් කිරීම, හිඟ වැටුප් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසයි.
අද කොළඹ මහජන පුස්තකාලයේ පැති මාධ්‍ය සාකච්ඡාවක දී ඉංජිනේරු ඩිප්ලෝමා සංගමයේ සභාපති අශෝක ද අල්විස් මහතා මේ බව කීවේය. ඒ අනුව අතිකාල සේවා ප්‍රතික්ෂේප කරන බවත්, රාත්‍රී නඩත්තු සේවා නොකරන බවත්, විවේක දින සති අන්ත හා අමතර සේවාවලින් බැහැරවන බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුරට වැඩ කරනවානම් කොච්චර දෙයක්ද. නොකරන එකනේ ප්‍රශ්නේ. (බ)
මේ ගොල්ලෝ හැමදාමත් කරන්නේ අකුරට වැඩ කිරිම නොවැ . වෙනසක් නැහැ .(අ)
මේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හුරු නැහැ . ඒකාධිපතියෙකුට බයේ ඉඳල දැන් එක පාරටම ඔක්කොම නොලැබුන දේවල් ගන්න යනවා. හැම එක්කෙනාම හිතන්නේ තමන් හැර අනිත් හැමෝම කැපවීමෙන් රට දියුණු කරන්න ඕන කියල. ගිය සතියේ වෛද්‍යවරු පෙන්නුවෙත් ඒ ටික (බ)
බක්මී, ඔබගේ අවශ්‍යතාවය දුරකථන අංක 1939 අමතා තොරතුරු දැනගන්න (නි)
ජල මාපක කියවීමට කම්කරුවන් සමඟ ගොස් වාහනයේ සිට කියවා ලියන කාර්මික නිලධාරීන් දැක තිබෙනවා. කොළඹ නගරයේ ජල මාපක කීයක් නිවැරදිද? ජල මාපක නොකියවා ඇස්තමේන්තු බිල් එවන නිලධාරින් නැද්ද? (නි)
මෙි කටිටියට කුටිටිය ලැබුණු ගමන් මේ සේරම අමතකයි. පසුගිය කාලේ වැටුප් වැඩිකරගත්ත විදිය මතකයිනේ. මණ්ඩලයේ පොඩි මිනිහට එක හැන්දක් ලොකු මිනිහට තව හැන්දක් ඇත්ත මේකයි. (ස)
මම දන්න විදිහට මේ අයගේ අසාධාරණ ඉල්ලිම්වලට ඉඩදෙන්න එපා.මේ අය හිතන් ඉන්නේ ජල සම්පාදනය ඒගොල්ලන්ගේ කියලා.මේ රටේ මිනිස්සුගේ සල්ලි වලින් මේ ගොල්ලන් පඩි ගන්නේ.මේ අයට තියෙන්නේ මහා හීනමානයක්,තමන්ට සුදුසු නැති ඉල්ලිම් ඉල්ලන්නේ.ඔය කිව්වට මේ අයට වතුර නවත්තන්න බැ (බ)
බක්මී, ජල මණ්ඩලයේ ව්‍යාපාරික ස්ථානවලට දී ඇති සම්බන්ධතා වල මාපක කියවන්නේ කාර්මික නිලධාරින් බව ඔබ නොදන්නවාට අපි දන්නවා. (නි)
මේ හැමදෙනාම වැටුප් ප්‍රශ්න, උසස්වීම් ප්‍රශ්න වගේ හැම ප්‍රශ්නයක්ම අදින්න මේ ආණ්ඩුව එනතුරු බලාගෙන හිටියේ මොකද? (නි)
අජිත් කරුණාරත්න, ප්‍රශ්න එන එක අහන්න දෙයක්ද? (නි)
රාධා, ඔය කියන එක කාර්මික නිලධාරියෙක්ගේ නමක් දාන්නකො. අපිත් ආසයි දැනගන්න. (නි)
මේ මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් එකමුතුවී සටනක් කරනවා. ඔවුන් දිනාවි. කොළඹට ඔයදේ වෙන එක හොඳයි. කොළඹ මිනිස්සු අනුන් ගැන හිතන්නේ නැති නිසා. (ර)
ජාල මාපක කියවන්නේ ඉංජිනේරු සහකාරවරුන් නොව,මීටර් රිඩර්ස්ලා, නොදන්නා දේවල් කතා නොකර සිටිම නුවනට හුරුයි.....(බ)