වසර අවසානයේ තමන්ට හිමිවිය යුතු රුපියල් 37,300 ක ප්‍රසාද දීමනාව රුපියල් 25,000 දක්වා අඩු කිරීමට විරෝධය පාමින් අද (28) ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවක පිරිස වැඩවර්ජනය කළ අතර ඔවුහු රත්මලාන ප්‍රධාන ශාඛාව ඉදිරිපිට උද්ඝෝෂණයක ද යෙදුණහ.
එම ශාඛාව ඉදිරිපිට කළු කොඩිවලින් ද සරසා තිබිණි.
වැඩ වර්ජනය සඳහා වෘත්තීය සමිති රැසක් සහභාගීවූ අතර තමනට ප්‍රසාද දීමනාව නිසි පරිදි නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුහු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු ලබන ආයතනවල බෝනස් ගෙවන්නේ කොහොමද? මෙහෙම කළාම මේවා කඩාගෙන වැටෙනවා. (බ)
අපි වැඩ කරන්නේ මැද පෙරදිග. අපිට ලබන අවුරුද්දට බෝනස් නැ. අපි උද්ඝෝෂණ කලා නම් රස්සාවත් නැතුව ගෙදර එන්න වෙනවා. රට විතරක් නෙවෙයි ලංකාවේ පෞද්ගලික අංශයේ බෝනස් දෙන්නේ නැ කිවුවොත් උද්ඝෝෂණ කලොත් ගෙදර යන්න වෙන්නේ. මෙහෙම වැඩ කලොත් රටක් ඉදිරියට යන්නේ නැ. (ර)
බෝනස් ඉල්ලන්න ආයතනය ලබා ලබන තත්වයට පත් කරන්න ඕන. හොඳ සේවයක් ලබා දෙන්න ඕන. එහෙම වෙනවද. සේවකයින් තමන්ගේ යුතුකම් හරියට කරනවද. මගේ ගෙදරට නම් දැන් අවුරුදු ගණනාවක් තිස්සෙම අපිරිසිදු මඩ වතුර තමයි එන්නේ. අපි ඒවා පාවිච්චි කරන්නේ ගස් වල වලට දාන්න විතරයි. (බ)
යසස්, මේ මැද පෙරදිග නෙමෙයි. මැද පෙරදිග නීති ගැන කවුරුත් දන්නවා. සේවකයන්ට තිබුණු අයිතිවාසිකම් නැති කරන එක වැරදියි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දීමනා කපන්නේ නැහැ. දැන් යෝජනා කරලා තියෙන්නේ තව වැඩි කරන්න. (අ)
පාඩු ලබන ආයතන වල බෝනස් දෙන්නේ ලංකාවේ විතරයි. තමන් වැඩ කරන තැන ලාභ ලබන තැනක් කරලා ඉන්න ඕනෑ නේද බෝනස් ඉල්ලන්න කලින් (නි)
කොහෙද බෝනස් එක මෙච්ච්රයි කියලා තියෙන්නේ. ගිය අවුරුද්දේ දුන් ගාන මේ අවුරුද්දේ මොකටද? රුපියල් 10000 මාසෙකට වැඩිකළ එක මතක නැද්ද තව බෝනසුත් ඉල්ලන්නේ? (නි)
ප්‍රසාද දීමනා කියන්නේ යම් ආයතනයක කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව හා එය හේතුකොටගෙන ලාභ ඉපදවීම නිසා ප්‍රසාදය පළකිරීම සඳහා ඔවුනට පිරිනැමෙන දීමනාවක්ද නැතිනම් පාඩු ලැබුවත් නැතත් පිරිනැමිය යුතු එකක්ද නැතිනම් යම් කණ්ඩායමක සැඟවුන අරමුණකින් කැරෙන උසිගැන්වීම මත බලහත්කාරයෙන් ලබාගන්නා "කොල්ලකැමක්ද" කියන එක ගැන මේ අය කිසි දෙයක් දන්නේ නැතිකම ප්‍රදර්ශනය කිරීමක්. (බ)
මෙම ආයතනය රජයේ වැටුප් වැඩිවීම් වලට අදාල නොවන ව්‍යස්ථාපිත මණ්ඩල ගනයේ ආයතන, කවුරුත් දොස් කියන්නේ ජල සම්පාදන සේවකයන්ට නමුත් දේශපාලුවන්ට ඕන විදියට නව බදවා ගැනීම් කරලා නුපුහුණු දේශපාලන හෙන්චයියන්ට රැකියාවල් දෙනකොට පාඩු ලබන ආයතන තවත් පාඩු ලබනවා මිසක් ලාබ ලැබෙන්නේ නෑ.මේ වගේ අත්‍යවශ්‍ය සේවා ආයතන දේශපාලුවන්ගේ ගණිකා මඩම් නොකර ස්වාධීන ආයතන කළ යුතුය.(බ)
පුද්ගලික අංශයේ අපිට ඔය මොකුත් නැහැනේ... (නි)
පාඩු විඳින ආයතනයක සේවකයන්ට මහජන මුදලින් බෝනසුත් දෙන්න ඕනෑද? එහෙනම් පුද්ගලික ආයතනවල සේවකයන්ටත් කියමු රජයෙන් බෝනස් ඉල්ලන්න කියලා (නි)
දම්මි, ඔබ නොදන්නවාට මේ අයටත් පඩි වැඩිවෙනවා කියලයි මම නම් හිතන්නේ (නි)
රජයේ රැකියා කරන අයට බෝනස් / විශ්‍රාම වැටුප් /කාර් පර්මිට් ... වැඩක් කරගන්න ගියොත් අපිට රස්තියාදුව. අපි ගෙවන බදු වලින් රජයේ සේවකයාට සැප. මේ සියල්ල නවත්වන්න ඕනෑ (නි)
දහම් බෝනස් කියන එක මෙච්චරයි කියල කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. මැද පෙරදිග වෙන්න ඕන නෑ ලංකාවේ පුද්ගලික අංශයේත් බෝනුස් දුන්නේ නැත්තම් උද්ඝෝෂණ කලොත් ගෙදර තමයි. අනික බෝනස් ඉල්ලන්න කලින් තමන් හරියට වැඩ කරලා තියෙනවද කියල කල්පනා කරන්න කියන්න.(කෞ)
බෝනස් දෙනවා කියලා පොරොන්දු පත්‍රයක් දීලා නැහැනේ (නි)
රාජ්‍ය අංශයේ ඉන්න සමහර කම්මැලියන්ට නම් බෝනස් නෙමෙයි දෙන්න ඕනෑ, මඩු වලිගයකින් තළන්නයි වටින්නේ. වැඩක් කරවගන්න ගියාම අත්දකින දේවල් කවුරුත් දන්නවානේ (නි)