(විනීතා එම් ගමගේ)
ළඟදීම ජල බිල්පත් වැඩි කරන බවත් එය වැඩියෙන් ජලය පාවිච්චි කරන්නන් වෙනුවෙන් පමණක් වැඩි කරන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන අමාත්‍යංශයේ අද (05) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය.
සෑම වසර තුනකටම වරක් ජල බිල වැඩි කළ යුතු නමුත් ඉකුත් වසර හයේ දීම ජල බිල වැඩි කර නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
ජලය ඒකක 15 ට වඩා වැඩියෙන් භාවිතා කරන අයට මෙතෙක් අය කරනු ලැබුයේ මුල් ඒකක 15 ට සහන මිලක් ද ඊට වැඩිවන ප්‍රමාණයට ඉහළ මිලක් ද වශයෙන් වුවත් නව මිලගණන් යටතේ මුල් ඒකකයේ සිට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇතැයි ද නානායක්කාර මහතා කියා සිටියේය.
එහෙත් ජල ඒකක 15 ක් දක්වා දැනට පවතින සහන මිල දිගටම පවතිනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
දැනට පවතින ප්රශ්නය ලෙස තමන් දකින්නේ සුළු පිරිසක් අසීමිත ප්‍රමාණයක් ජලය පාවිච්චි කරද්දි විශාල පිරිසකට සුළු ප්‍රමාණයක් ජලය භාවිතා කිරීමට සිදුවීම යැයි ද ඔහු පැවැසීය.
උතුර, උතුරු මැද, නැගෙනහිර ඇතුළු වකුගඩු රෝගය ව්‍යාප්ත වී පවතින පලාත්වල ජල සම්පාදන ව්‍යාපෘති වලින් ජලය ලබානොදෙන නිවාසවලට කුඩා ජල පෙරනය (ෆිල්ටර්) බැගින් ලබා දීමට රජය පියවර ගන්නා බව ද ජල සම්පාදන ව්‍යාපෘති නොමැති ප්‍රදේශ සියල්ලට නළ ජලය ලබාදීමේ වැඩපිලිවෙල දීර්ඝ කාලීන එකක් බැවින් කඩිනම් වැඩපිළිවෙලක් ලෙස මෙම ෆිල්ටර් බෙදා දීම සිදුකරන බව ද හෙතෙම කියාසිටියේය.
මේ සදහා ෆිල්ටර් අවශ්‍ය වන පවුල් සංඛ්‍යාව ගණන් ගැනීම සිදුකරන ලෙස අදාල අංශවෙත දැනටමත් උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මේ අතර වෙළද පොලේ පවතින පානීය ජල බෝතල් කුමන ප්‍රමිතියක පවත්වා ගත යුතු ද යන්න ගැන සොයා බැලිය යුතු යැයි තමන් යෝජනා කළ බව ද ඇමතිවරයා තව දුරටත් කීය.
මෙම මාධ්‍ය හමුවට මහජන ජනතා කොන්ග්රස් පක්ෂයේ නායක ප්‍රභා ගනේෂන් මහතා ද සහභාගී වූ අතර ඔහු කියා සිටියේ වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන්නියේ ජනතාව වෙනුවෙන් කරගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති සදහා තමන් කැපවී සහය දෙන බවය.
මේ වනවිටත් වන්නියේ ජනතාව රුපියල් තුනක් බැගින් ගෙවා පානීය ජලය ලබාගන්නා බවත් පවුල් දෙලක්ෂයකට ආසන්න පිරිසක් උතුරේ පමණක් පානීය ජල ප්‍රශ්නයට විස`දුම් නැතිව සිටින බවත් පැවසූ ගනේෂන් මහතා ඔවුන් වෙනුවෙන් ජලය ලබාදී අවසන් වනතුරුම රාජ්‍ය අමාත්‍යවරයාට සහය දෙන බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු කළ බදු . කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.
දැනට පවතින ප්රශ්නය ලෙස තමන් දකින්නේ සුළු පිරිසක් අසීමිත ප්‍රමාණයක් ජලය පාවිච්චි කරද්දි විශාල පිරිසකට සුළු ප්‍රමාණයක් ජලය භාවිතා කිරීමට සිදුවීම යැයි ද ඔහු පැවැසීය." තමුන්ලා පාර්ලිමේන්තුවට වෙලා කරන්නෙත් ඕකම තමයි.
ඉස්සෙල්ලාම කියන්න බලන්න මේ යෝජනා කරන කාර්යයන් කරන්න කොච්චර කල් යයිද කියලා? දෙවනුව කියන්නකෝ ඔය තනතුර කොච්චර කාලෙකටද කියලා? තුන්වෙනුව කියන්න යෝජනා හදිස්සියේ ක්‍රියාත්මක කිරීමේදී කමිෂන් එක කොච්චර විතරද කියලා. හැබැයි කුණුහරුපෙන් නොවේ.
අාපෝ මෙයාගේ කට තිබ්බට ඔලුවක් නැත.
ඔය මඩ හෝදන්න ආණ්ඩුවෙන් මේ ගොල්ලන්ට කොච්චර ජලය දෙනවා ඇත්ද අපේ ගානේ...
ඔන්න ජල භීතිකාව, ඉදිරියට තව භීතිකා එන්න තියෙනවා !
1. සෑම වසර තුනකටම වරක් ජල බිල වැඩි කළ යුතු නමුත් ඉකුත් වසර හයේ දීම ජල බිල වැඩිකර නැතැයිද... 2. ජලය ඒකක 15ට වඩා වැඩියෙන් භාවිතා කරන අයට මෙතෙක් අය කරනු ලැබුයේ මුල් ඒකක 15ට සහන මිලක් ද ඊට වැඩිවන ප්‍රමාණයට ඉහළ මිලක්ද වශයෙන් වුවත් නව මිලගණන් යටතේ මුල් ඒකකයේ සිට වැඩි මිලක් ගෙවන්නට සිදුවනු ඇතැයිද... මහත්වරුනි පොඩ්ඩක් හිතලා බලන්න. මේ හාදය මේ කියන්නේ යු.අන්.පී. එකෙනුත් මෙතෙක් දීලා තිබුණා අඩුගාස්තු ප්‍රමාණය මේ ආණ්ඩුවෙන් වැඩිකරන්න යන බව නේද? වයස හින්දා කට වැරදුණාද නැත්නම් මේ ඇත්තමද? මේක ඇත්තම නම් යූ.එන්.පී. ආණ්ඩුව මීට වඩා හොඳයිනේ...
ඇමතිතුමා, ඔබතුමා නොදන්නවට අපි දැනුත් බිල ගෙවන්නේ ඒකක 15 ට වැඩි නම් මුළු ඒකක ගණනටම වැඩි මිලකට තමයි. අනේ අනිච්චන්.
'පසු ගිය අවුරුදු 6 ටම මිල වැඩි කොට නැත'. ඒ කියන්නේ පසුගිය ආණ්ඩුව තමන්ගේ මුළු කාලයේම වැඩි නොකළ නිසා ඔන්න අපි ආපු ගමන් වැඩි කලා කියලද ?
ඉකුත් වසර හයේදීම ජල බිල වැඩි කරලා නැති නිසාද මේ මිල වැඩි කරන්නේ? යහපාලන රජය නේද පසුගිය අවුරුදු හතර හමාරක්ම රට පාලනය කලේ. එහෙමනම් ඔයාලට වඩා එම ආණ්ඩුව ජනතාවට සහනයක්නේ දීලා තියෙන්නේ. පුදනකොටම කාපි යකා කියලා මෙහෙම ජල බිල වැඩි කරන්න ලැජ්ජා නැද්ද හැබැට?
ඒකක ගණන වැඩි වන්නේ නිවැසියන් ගණන වැඩි වූ විටය. වැඩිහිටියන් කිහිප දෙනෙක් බලාගන්නා පවුල් වල වැඩි ජල පරිභෝජනයකි. එමෙන්ම දරුවන් කිහිප දෙනෙක්ද සිටී නම් තවත් වැඩිවේ. කුඩා පවුල්වලට පමණක් අඩු මිලකට දීම බලවත් අසාධාරණයකි. මෙය ඒකාකාර ලෙස සංශෝධනය විය යුතුයි. නැත්නම් නිවැසියන් ගණන සලකා බැලිය යුතුයි.
ඔන්න පොරොන්දු වෙච්ච සහන මල්ලෙන් පළමුවෙනි සහනය දෙන්න යන්නේ... තව පැමිණීමට නියමිතයි. ජනතාවට ඉතින් කුම්බලාවන් කෑවානම් විඳවපන් බළලෝ වගේ ඉන්න තමයි වෙන්නේ.... ආ නෑවේ නැතිවුණාට කමක් නෑ ජීවත් වෙන්න රටක් තියෙනවනේ නේද?
ඇමතිතුමෝ පුළුවන් නම් හොයලා බලලා ඕක අර 69ට විතරක් වැඩි කරන්න. ඒගොල්ලොනේ ඔබතුමාලට ඕනම දෙයක් කරන්න ඡන්දෙ දුන්නේ.
ආණ්ඩුව මොනවා හරි කලා කිව්වම උඩ පැනගෙන අදහස් දාන විමල් රජින්ද ශාන් බමුණු කෝ හැංගිලාද.
වාසුදේව මයා, 'පුදනකොටම කාපි යකා' කීවා වගේ ඇමතිකම ලැබුණු ගමන්ම වතුර බිලට කෙළවන්නේ නැතිව ජල සම්පාදන මණ්ඩලයේ සිදු කරන වංචාවල් නතර කරන්නට වැඩ කරන්න. පහුගිය කාලයේ හකීම් කරපු හොර වැඩ නිසා සිදුවුණු පාඩුව මහජනතාව පිට පටවන්න හදන්නේ, ඔබ සමාජවාදියෙක් නේද? අවුරුදු හයකින් වතුර බිල වැඩිකළේ නෑ කියලා බෙරිහන් දෙන්නේ ඇයි...? බිල් වැඩිකිරීම අනිවාර්යයද? ඔය වැඩි කිරීමටත් නීති හදාගත්තේ ඉන්දික මහත්තයා වතුර ඇමති කාලේ නේද? මහින්ද මහත්තයාගේ අාණ්ඩුවේදී නේද? දැන් ආණ්ඩුව ගෝඨාභය ජනාධිපතිතුමාගේ. එතුමාට එතුමාගේ දර්ශනය අනුව රට කරන්න දීලා ඔය ගොල්ලන් ටිකක් හෙමින් යන්න. මේ රට රටක් හැටියට ගොඩනැංවීමට එතුමාට ඉඩ දෙන්න. මතක තබා ගන්න අවුරුදු 50 කින් බඩුමිල වැඩි නොකර පවත්වාගෙන ගිය රටවල් ලෝක ඉතිහාසයේ තිබෙන බව... තව බොහෝ දේවල් පසුව කියන්නම්...