මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සංචාරකයින් 800 ක් රැගත් ‘අමාදියා ’සුඛෝපභෝගී නැව අද පැමිණියේය.
එහි සිටි ජර්මන් සංචාරකයෝ උඩවළව ඇත්අතුරු සෙවණ හා සෙසු සංචාරක ප්‍රදේශ නැරැඹිමට බස් වලින් පිටත් වුහ.ඔවුන් වෙනුවෙන් රුහුණේ නිෂ්පාදන වෙළද සල් ජැටිය අවට විවෘත කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම, මෙවැනි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට වරායට පැමිණීම ගැන ලාංකිකයින් ලෙස අපි සතුටු විය යුතුයි. මෙවැනි මගී නෞකා දිගින් දිගටම පැමිණියොත් එය අප රටේ විශාල ආර්ථික පෙරළියක් සිදුවීමට විශේෂ වූ කරුණක් වේවි. හැබැයි හම්බන්තොට වරායේ ගල ගැන නම් කිවුවේ අපි නොවේ. ඒ කාලේ වරාය බලන්න ඇවිත් පැනලා දිය යට කිමිදිලා ගලක් තිබෙනවා කියලා ගල අතගාලා බලලා ආ අපේ කෙනෙකුයි. එතුමාගේ පිනටද,අපේ පිනටද මන්දා දැන් ඒ ගලත් දිය වෙලා වගේ. (නි)
අපිට හරිම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයින් විදියට. (නි)
සංජීව ඔබ හරි. (දී)
ගල් වැඩි වුනේ නැද්ද මන්දා.(නදී)
හම්බන්තොට නව වරායට මෙවැනි සුපිරි නැවැක් පැමිණිම ගැන කතාබහක් ඇති වුනේ ඇයිද කියලා රටම දන්නව නේ ? වයඔ ජන්දයෙන් පස්සෙ නැව අවාට සමහර අය පින් දෙනවා ඇති නේද? (දී)
වාරයකට නැවක් පැමිණීම ප්‍රවෘත්තියක් වන එකම රට ශ්‍රීලංකාව විය හැකියි .බුද්දීමත්ව සිතා බලන්න .(නදී)
අමන්ත,ඔය නවත්වලා තියෙන වාහන, නැවත ප්‍රතිඅපනයනය කරන වාහන. ඒකෙන්ම පේනවා හම්බන්තොට වරායට නැව් එනවා කියලා. (නි)
ඔබ සියලු දෙනාව සාදරයෙන් පිලිගන්නවා ලංකාවට (දී)
මෙහි අදහස් අනුව ලංකාවේ වැඩියෙන් සංවර්ධනය වී ඇත්‍තේ කුහකත්‍වයයි. (නි)
අනේ වාසනාවන් ලංකාවට තව තවත් හරියන්න ඕනේ (දී)
දැන් බලන්න ඩුබායි වලට දවසට ඔය වගේ ඒවා කියක් එනවද එත් ඒවා කවදාවත් පත්තරේ දල තියෙනවා මම නම් දැක්කේ නැහැ. එත අපේ රටේ වරායට නැවක් අාවත් එ්ක මහා ලොකු පුවතක් වෙලා. (ස)
අනේ අප්පේ වරායකට නැවක් ආවත් ඒකත් නිවස් එකක්. වරායකටත් ගිය කලක්. ඕකට නැව් ගේන්නේ නැතුව වෙන මොනවා ගේන්නද හැදුවේ. (ස)
රන්ජිත්,මොනවද මේ ඔබ කියන්නේ? (නි)
ලස්සන නැවක් මමත් මොනවා හරි කියන්න එපා යෑ ...... (දී)
ලෙස්ලි ලොව් මහතාගේ කතාවට මල් තියන්න ඕනෑ. බන්දුල පෙරේරා මහත්තයා නැත්තේ පිළිගන්න ගිහිල්ලද කොහෙද? ඔය අා නැවෙන් වරායේ පාඩුව නැතිකරන්න පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනෑ. (නි)
අර වහසිබස් දෙඩූවන් කෝ දැන්? (නි)
හම්බන්තොට වරායේ අර්බුදය ගල නිසා හෝ වෙනත් හේතුවක් නිසා හාපර් සහ ලොයිඩ් සමාගම ලිඛිතව ප්‍රකාශයක් කළා,මේ වරයට එන නැව් වලට රක්ෂණය ලබා දිය නොහැකි බව. සමහර විට ඒ බාධකය අපේ ඉංජිනේරුවන් විසින් දැනටමත් ඉවත් කළා වෙන්න පුළුවන්. වැරදි හදා ගෙන ඉදිරියට යා යුත්තේ එහෙමයි. ඒ සමගම අපේ අධිරාජ්‍යවිරෝධී කාඩ්බෝඩ් වීරයොත්, ඔය බටහිරට අභියෝග කරන කැනහිල් නාදයත් නතර කර ගත්තොත් හොඳයි. ඒ වගේම බෙර ගහලා, නටලා සංචාරකයෝ පිළිගන්න ඕනෑත් නැහැ කියලයි මම නම් කියන්නේ. රටේ සදාචාරය, නීතිගරුක බව හා පරිසරය රැක ගන්න වැඩ කළොත් සංචාරකයෝ ඕනෑතරම් මේ රටට පැමිණේවි. (නි)
යන්තම් ඇති මඩ ගහන්නම බලන් ඉන්න සහ අපේ රටේ ඉදන් අපේ රටටම වින කොටන්න බලන් ඉන්න කට්ට්ටියට පෙනෙන්න . කෝ දැන් ඔය කියපු කළු ගල වතුරට දිය වෙලා වෙන්න ඇති (දී)
අන්න අන්න නැවක් ඇවිල්ලා! අපේ වරායට නැවක් ඇවිල්ලා! අපිට හරි සතුටුයි. (නි)
ලෝකයේ කොහෙට වුණත් සුපිරි සංචාරක නැවක් පැමිණියහම එය මාධ්‍යයේ පළ වෙනවා. අපේ රටේ සිදුවන දේවල් අපේම අය අවතක්සේරු කරනවා. පුදුම ලාංකිකයින්? (නි)
සුද්දන් ඉදිරියේ නැමෙන්නට අවශ්‍ය නැත. මා සිටිනා රටේ ශ්‍රී ලාංකිකයන් වන අපගේ දක්ෂතා දැක සුද්දෝ අප ඉදිරියේ දෙකට නැමේ. (නි)
ඉතින් කියන්නේ කොහොමද හම්බන්තොටට එන්නේ බෝට්ටු කියලා (දී)
ආයුබෝවන් අපේ ජර්මානු සංචාරකයනි! අපේ රටේ සිරි නරඹා සතුටින් නැවත ඔබේ රටට ගොස් අනෙක් අයටත් කියන්න ලංකාවේ අසිරිය. මේ දිනවල දකුණේ බයක් නැතුව යන්නට පුළුවන්. බියවියයුත්තෝ රිමාන්ඩ් එකේ. බිය නොවන්න (නි)
නියමයිනේ! (නි)
මේ ගැන නම් මට ටිකක් සැකයි. (නි)
මෙන්න නැවක් ආවෝ! වරායවල් විවෘත කළ ගමන් නැව් එන්නේ නැහැ. කාලයක් යනවා (නි)
අපිට හරිම සතුටුයි (නි)
හම්බන්තොටට පැමිණි මංගල නැව මේකද? බලන්නකෝ උත්සවයක සිරිනේ තියෙන්නේ (නි)
ඇයි දැන් නැව් එන්නේ නැහැ කියලා කෑගැහුවා නේද? මන්ද මානසිකයන්ට හොඳ පහරක්. (නි)
දැන් අර ගල තියෙනවද? (නදී)
හාවා හඳ දකිනවා වගේ හම්බන්තොට වරායට නැවක් ආවා එහෙනම්.... (නි)
අනේ! මෙහෙම නැවක අපිටත් යන්න තිබුණා නම්.... (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
ඔය වගේ සුපිරි නැවක් ලංකාවෙි අපි දැකපු නැති නිසා තමයි පත්තරේ දාන්න ඇත්තේ. ඉරිසියා කතා දන්න ඵපා. සිංහල කමට හොද නැහැ නේද? (ස)
මේ දින කීපයේ කොළඹ වරායට මගී නැව් ආවා. උදේ ඇවිත් හවසට යනවා. කොළඹ ඉඩ නැති නිසා මේකට සල්ලි දීලා හම්බන්තොට යවලද ? (ස)
යමු යමු ඔහොම යමු!! ජය ශ්‍රීලංකා!!! (නදී)
වරායක් උනහම නැව් එන්න තමා තියෙන්නේ. ඒත් පුදුමේ කියන්නේ ඕකට නැව් එන්නේ නැති එකනේ.(නදී)
මම ලාංකිකයෙක් වීම ගැන නිහතමානි ආම්බරටයක් තියනවා (දී)
සන්තෝෂයි! ඔන්න බලාගන්න හම්බන්තොට වරායේ නැව්. බලන්න අපහසු නම් බලන්න එපා, අහක බලාගෙන ආණ්ඩුවට බනින්න. (නි)
මම මේ තරම්ලොකු නැවක් දැකලා නැහැ (දී)
හම්බන්තොටට නැව් එන්නේ නැහැ ,කියන අයට පෙනේවා! ඉපදුන ගමන් ළමුන්ට ඇවිදින්න බැහැනේ. පළකිරීම ගැන ලංකාදීපයට තුති! (නි)
අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද? නිකම්ම රටකට එන සංචාරකයෝ ඇයි මේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ වගේ ඉහලින්ම පිළිගන්නේ? අනිත් රටවල්වලත් මෙහෙමද? ඉන්දියාවේ මිනිස්සු දන්නේත්නැති නිලියක් ලංකාවට ආවත් මේ විදියමයි. සුදු හම ඉදිරියේ අපේ තියන හීනමානය නොවේද මේ පෙන්වන්නේ? කතාවනම් ලෝකේ උතුම්ම ජාතිය කියල. සිංහල ජාතිය වෙනත් ජාතීන් ඉදිරියේ නිවටයින් කරවන මේවගේ වැඩසටහන් කරන්න එපා යනු මගේ අදහසයි. පාඩුවේ ඇවිල්ල රටේ ලස්සන බලල යන්න දුන්නම ඇති.(නදී)
කීයටවත් පරික්ෂා නොකර මේ වගේ වරායක් හදයිද (දී)
ඔය නැව ළඟ නවත්තල තියෙන්නේ නැව පිළිගන්න කොළඹ ඉඳන් ආපු වාහන වෙන්න ඇති. දන්නේ නැති නිසයි අහන්නේ. (දී)
නැවේ කපිතාන් වරයා අතී දක්ෂයෙක්. ගල බේරලා ගලට තුවාල නොකර නැවට හානි නොවී ගෙනත් තියනවා.තවත් නැව් අරන් එන්න. (දී)
ගානක් ගෙවල ගෙන්න ගත්තද දන්නේ නැහැ නේද? (නදී)
මේවා දැක්කම හරි අහංකාරකමක් දැනෙනවා. ජනාධිපතිතුමා දක්ෂයෙක්. හොඳ දැක්මක් ඕනෑ බාධක මැද දුර හිතන්න. ඔබට දීර්ඝායුෂ සහ ශක්තිය ලැබේවා! චිරං ජයතු! (නි)
දැන් කවුරුවත් කියන්නෙ නැද්ද මෙතන බටහිර කුමන්ත්‍රණයක් තියෙනවා කියලා? මොනවා කිවුවත් බටහිර සංචාරකයෝ අපේ ලස්සන රටට ආදරෙයි. (නි)
නියමයි හම්බන්තොට! ඔහොම යන්න ඉදිරියටම (නි)
වරායක් හදන්නේ නැව් එන්න තමයි, හම්බන්තොට වරායට නැවක් ආව කියන එක ලොකු ප්‍රවුර්තියක් වෙලා තියෙන්නේ නැවු එන්නේ නැති හින්ද නේද? (නදී)
අපේ රට සංචාරක පාරදේශයක් කරමු (දී)
ඉතින් ඕකට නැව් එන්නේ නැතිව බස් එන්නද? (නදී)
ඔවු ඔවු, ලොකු ජයක්, කොළඹට එන්න තිබුන එකක් හරවල යවලා, මේක බලාගන්න එක හොඳයි මොකද ඊළඟ එක කොයි කපේ එයිද කියන්න බැහැ.(නදී)
මේක සංචාරක වාරයක්ද? ලොව පළමු සචාරක වරාය (දී)
අපේ රටට එන්නේ අපිට ගහලා යන්න නෙමෙයි අපේ රට බලලා යන්න. මම හිතන්නේ ඒ ම්නිස්සු අපි පිලිගන්න ඕනෑ තායිලන්තයේ වගේ රටවල් උනත් එහෙම තමයි. ඒක බාල්දුවට කාරනයක් නෙමෙයි.(නදී)
නැවක් ආවාට බොහොම බොහොම සන්තෝෂයි නමුත් මේ බවලත් සංචාරක උදවිය නිරුපද්‍රිතව ආපසු යනකන් මගේ ඇඟේ ලේ නැහැ. (දී)