සිංහරාජයේ ඇති ශ්‍රී ලංකාවට ආවේණික මීවන ශාක බීජාණු සොරකම් කළ ජර්මන් ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය කාල්ස් පීටර් මාලිස් වෙල්රියස්ට සහ ඔහුගේ බිරිය හෙලන් ක්ලේරාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රුපියල් දහ අට ලක්ෂ හතලිස් දහසක දඩ නියම කළේය.

සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ලින්ඩර් වෙල්රියස් සහ සාරා කාවුෆ්මාමන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

සැකකරුවන් භාවිත කළ මෝටර් රථය රුපියල් ලක්ෂ පනස් පහක බැඳුම්කරයක් මත මුදා හැරිණි.