IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජර්මන් මහදුරුට/බිරියට ලක්ෂ 18ක් දඩ

 සිංහරාජයේ ඇති ශ්‍රී ලංකාවට ආවේණික මීවන ශාක බීජාණු සොරකම් කළ ජර්මන් ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය කාල්ස් පීටර් මාලිස් වෙල්රියස්ට සහ ඔහුගේ බිරිය හෙලන් ක්ලේරාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රුපියල් දහ අට ලක්ෂ හතලිස් දහසක දඩ නියම කළේය.

සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍ය ලින්ඩර් වෙල්රියස් සහ සාරා කාවුෆ්මාමන් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

සැකකරුවන් භාවිත කළ මෝටර් රථය රුපියල් ලක්ෂ පනස් පහක බැඳුම්කරයක් මත මුදා හැරිණි.



අදහස් (0)

ජර්මන් මහදුරුට/බිරියට ලක්ෂ 18ක් දඩ

සාමා Wednesday, 06 January 2016 10:55 PM

අපේ මිනිස්සු හොඳ දක්ෂයෝ. අපිව අන්දන්න සුද්දන්ට බැරිබව පෙනෙනවා නේද? හම සුදු නිසා ඕනෑම කැත වැඩක් කරලා බේරෙන්න පුළුවන් කියලා මේ අය හිතුවා වෙන්න පුළුවන් (නි)

:       0       0

නලීන් Thursday, 07 January 2016 03:32 AM

මීවන ශාක ටිකක් ගත් කෙනා අහුවෙනවා. අක්කර ගණන් බදු අරගෙන කෝටි ගණන් වන සම්පත් හූරාකෑ, ජාතික සමාගම් වලින් කොමිස් ගත් අය ගැන හොයන්න එක්කෙනෙක්වත් නැහැ. දුකයි! (නි)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 02:20 PM

හරිම පුදුමයි...මීවන ශාකවල බීජානු ඉතා පහසුවෙන් කාටත් හොරා ගන්න පුළුවනි.අනිවාර්යයෙන්ම මේ අයගේ ක්‍රියාකාරකම් ගැන තමන්ගේ උකුසු ඇස හොඳින්ම යොමාගෙන හිටපුකෙනෙක් වෙන්න ඕන,ඔවුන්ව අල්ලාගත්තේ. (කෞ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 January 2016 04:28 AM

මේ හොරකම් අල්ලගන්න දායක උන හැමෝටම වගේ අපි හිස නමා ආචාර කරනවා , අපි අපේ දේ රැක ගමු මිලට මුදලට යට නොවී. (ර)

:       0       0

සොපි Thursday, 07 January 2016 04:41 AM

අනුන්ගේ දේවල් කොල්ල කන එක ඔය දියුණුයි කියාගන්නා ජාතිවල ජම්ම ගති ලක්ෂණයක් (බ)

:       0       0

චින්තක Wednesday, 06 January 2016 03:48 PM

විජිත් හරි. මීවන ශාක බිජ ලක්ෂ ගානක් හැදෙනවා. කොලේක ඔතාගෙන පර්ස් එකේ දා ගෙන යන්න පුළුවන්. මේක අල්ල ගත්ත එක මෙන්ම ඔප්පු කිරීමත් ඉතා පුදුමයි. (අ)

:       0       0

සේනක Wednesday, 06 January 2016 05:10 PM

මේ රටවල් අපට මිත්‍රත්වයේ දෑත දිගුකරන ගමන් කරන පහත් වැඩ! (නි)

:       0       0

ජීවන් Thursday, 07 January 2016 05:58 AM

මේ වගේ අය ලංකාවට ආවම අපි වැඩි අවදානයකින් ඉන්න ඕන. මතක නේද බිබිලේ දොඩම් වලට උන දේ. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 06 January 2016 05:22 PM

සිංහරාජෙ යනකොට මඟපෙන්වන්නෙක් යනවනේ. එයා ගානට වැඩේ දෙන්න ඇති. ඔය වාගේ දේවල් අනන්තවත් වෙන නිසා හොඳ විමසිල්ලෙන් ඉඳලා තිබෙන බවත් පෙනෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site