IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජර්මන් බෝම්බයෙන් ගල්කිස්සේ ගිලුණු නැව සොයාගනී

පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදා ශ්‍රී ලංකාව අවට මුහුදේ අටවා තිබූ මුහුදු බෝම්බයකට හසුවී විනාශ වී ගිය වර්කට්ෂයර් නමැති බ්‍රිතාන්‍ය නෞකාවට අයත් සීනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයට භාර දී ඇත. ගල්කිස්සට කිලෝ මීටර 13ක් බටහිර මුහුදෙන් මේ සීනුව සොයාගෙන ඇත්තේ මුහුදු ගවේෂකයකු හා කිමිදුම් කරුවකු වන දර්ශන ජයවර්ධන මහතා විසිනි. එකළ නැවක සංඥා ලබාදීම සිදුකරන ලද්දේ නැවේ සීනුව භාවිතයෙන් බැවින් සීනුව නැවේ වැදගත් ම අංගයකි.

නැව 1917 පෙබරවාරි මස 17 දා ගිලී ගොස් ඇතැයි මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. ස්ථානය නිවැරදිව හඳුනාගෙන ඇතත් මෙතෙක් එම ස්ථානයේ ගවේෂණ සිදුකැර නැත. මුහුදු පුරාවිද්‍යා ඒකකය භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.චන්ද්‍රරත්න මහතා සහ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නුදුරු දිනක ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි.

නැවේ සීනුව ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කිරීමට නියමිතය

 



අදහස් (0)

ජර්මන් බෝම්බයෙන් ගල්කිස්සේ ගිලුණු නැව සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site