ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය.

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජර්මනියේ රතනසිරි නමින් පැවැදි වූ ඒ හිමියෝ භාවනා කිරීමෙන් සිත එකඟ කර ගැනීම තම අරමුණ බව කීහ.

ධම්මරතන හිමියන් ජර්මනියට වැඩම කළ අවස්ථාවක පුරපති හමු වී ඇත.