ජර්මන් ජාතික විශ්‍රාමික අස්ථි වෛද්‍ය හාන්ස් පීටර්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රැපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රෝද පුටු 15ක් , ඇවිදීමේ ආධාරක කිහිලිකරු කට්ටල සහ රෝගීන්ට අවශ්‍ය මෙට්ට කිහිපයක් 27 දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට පිරිනැමීය.
එම අවස්ථාවේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අඩු ආදායම්ලාභි ආබාධිත රෝගින් පස්දෙනකුටද එදින රෝද පුටු ද මෙට්ටද තෑගි කැරිණි.
ලංකාවට පැමිණි පෙර අවස්ථාවකදී දුම්රිය අනතුරකට ලක්විමට ගිය තමා කාන්තතාවක විසින් බේරා ගනු ලැබීමත් සමග ජිවිතයේ අස්ථිර බව අවබෝධ වීමෙන් මෙවැනි සත්කාර්‍යන්ට යොමුවු බවත් මේ වනවිට රටවල් විසිපහක ආබාධිත රෝගීන්ට උදව් උපකාර කර ඇති බවත් වෛද්‍ය හාන්ස් පීටර් මහතා පැවසීය.
හාන්ස් පීටර් මහතා කළ පරිත්‍යාගය අගේකොට සලකන බව පැවසු අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම පරිත්‍යාග රොගීන්ට වඩාත් පහසුව ගෙනදෙනු ඇතැයි පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹනුත් ලංකාවටම එන්න ඹනි ජීවිතේ තේරෙන්න ද(අ)
බොහොම අගනා කාර්යක් කර තිබෙන්නේ. දිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තවත් මෙවන් සත්කාර සඳහා. මෙය අපට හොඳ ආදර්ශයක් (නි)