ජෝර්ජ් කිට් නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර දෙකක් රටින් පිට කිරීම වළක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන හා විගමන පාළකට අද (24) නියම කළේය
ශ්‍රී ලංකාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වන ජෝර්ජ් කිට්ගේ මෙම චිත්‍ර දෙක සොරගෙන ඇත්තේ ජෝන් කීල්ස් සමාගමෙනි. චිත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.
මව හා දරුවා යන චිත්‍රයද වසන්ති නැමති චිත්‍රයද ජුලි 12-19 අතර කාලයේදී සොරාගෙන ඇතැයි සමාගම් සේවකයෙක් කොම්පඤ්ඤවීදීය පොලීසියට පැමිණිළි කැර ඇත.
සොරකම් කළැයි කියන චිත්‍රයක් බ්‍රිතාන්‍ය පවුම් 35000 (රුපියල් 7140000) කට ලන්ඩන් වෙන්දෙසියකදී විකුණා ඇතැයි එම සමාගම පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර්,වීසා ලැබෙනවා නම් තමන්ගේ පවුලේ අය වුවද පාවා දෙන අපේ අය...? (නි)
අම්ම තාත්ත උනත් විකුනන ජාතියක් අපි.(අ)
මොකද අනේ, චිත්‍රයක් විකුණලා මෙච්චර සල්ලි කන්දරාවක් හම්බ වෙනවා නම් බිත්තියේ එල්ලලා තියෙනවට වැඩිය හොද නැද්ද? පුළුවන් කෙනෙක් ප්‍රයෝජනයක් ගත්තම මොකෝ මං අහන්නේ? මේවා කටුගෙට බාරදෙනවා නම් මම ඉහත දාල තියෙන අදහස් එක්ක එකගයි (නි)
ලන්ඩන් වලදි වෙන්දේසි කරල නම් කොහොමද දැන් ඕව ලංකාවෙන් පිට කිරීම තහනම් කරන්නෙ..(අ)
අරයගෙ වැඩක් වෙන්න ඕන ....... රිමාන්ඩ් එකෙන් ඇවිත් හොරකන් කරලා විකුණලා අයෙත් රිමාන්ඩ් එකට ගිහින් ..(අ)
මේවාට විරුද්ධව ඉතා දැඩී නීති ක්‍රියත්මක කල යුතුයි (අ)
මේ වැනි දේවල් වලට දිය යුතු දඬුවම් ගැන කතා කරනවට වඩා මේ රටේ ජාතික සම්පත් ගැන, සිංහලයාගේ අනාගතය ගැන තම ජිවිතයට වඩා ආදරය කරන අවිවාහක යුද වීරයෙක් යුද හමුදාව තුලින් බිහිවෙවා යනුවෙන් පැතීම යෙහෙකි.(නදී)
මටත් අහන්න තියෙන්නේ අසංක නන්දසිරි අහපු දේම තමා. (අ)
කන්ගැට්ටා දෙවැනි කොටස.(නදී)
කොහොමද ලන්ඩන් වලට ගියේ? (නි)
අනේ අනෙකවත් බේරගන්න රටෙන් පිට වෙන්න ඉස්සෙල්ලා (නි)
ඉස්සරත් ඔය වගේ රටේ වටිනා නිර්මාණ හොරකම් කරලා විකුණුවා. ඕවා දැන් රටේ සුළු දේවල්, අහෝ රටකට ගිය කලක්. (නි)
ලන්ඩන් වලදී අළෙවි කළාට තාම ලංකාවේ තියෙන්නත් පුළුවන්. ඕවා අළෙවි කරන්නේ ඉන්ටෙර්නෙට් හරහා. පස්සේ තමා බෙදාහරින්නේ (නි)
අශ්වයා පැන්නට පස්සේ ඉස්තාලේ වහමු. අඩු තරමින් අශ්ව වසුරු ටිකවත් ඇතිනේ හොරකම් කරපු අයගේ දරුවන්ට! (නි)
නිමල් ලලිතා,ලංකාව යන ක්‍රමය අනුව සමස්ත ජනතාවගේම එකම ප්‍රාර්තනයත් ඒකම තමා. (නි)
අසංක, පෑම්, අහලා නැද්ද අස්සයා පැනලා ගියාට පස්සේ ස්තාලේ වහනවා කියලා කතාවක්? (නි)
අස්සයා පැනල ගියාට පසුව තමයි ඉස්තාලය වහලා වැඩක් නැහැ (නි)
ඉස්සර කාලෙත් වටිනා චිත්‍ර දෙකක් ලංකාවේ තැනකින් අතුරුදහන් වුනා කියලා මහා ‘හාහෝවක්‘ ගියා මතකයි. (නි)