හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ කටඋත්තරය අද පස්වරු 1.35 ට අවසන් කර පස්වරු 2.20 දක්වා ගහක් යට සිටි බවත් මාධ්‍යවේදීන් මගහැරීම ඔහුගේ අරමුණ වූ බවත් එහි තැන තැන රැඳී සිටි මාධ්‍යවේදීහු කියති. මාධ්‍යවේදීන් මගහැර දොරටු කිහිපයකින් එළියට යන්නට ගිය උත්සාහය වැරදී ගිය පසු ගසක් යටට ගිය ඔහු පසුව එතැන තිබූ වාහනයක කාර්යාලයට රැගෙන යන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
පොලිසිය එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ පසු ඔහු ගස යට සිට ගේට්ටුව දක්වා දුවගෙන අවුත් වාහනයට නැගගත් බවත් සිද්ධිය දුටුවෝ කියති.
කටඋත්තරය දීමෙන් පසු මුලින්ම ඔහු එම ස්ථානයේ දොරටුවෙන් එළියට විත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ‘ඔය ඇති‘ යැයි පවසා නැවත ඇතුළට ගිය බවද මාධ්‍යවේදීහු කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයසුන්දරට දෙපා පිහිටයි
රන්ජිත් Friday, 28 August 2015 02:07 PM
මෙයා තම ලොකුම කම්බා හොරා මහින්දට හොරකම ඉගැන්නුවේ මෙයා තමා (අ)
ලුම්බිණි Friday, 28 August 2015 09:49 AM
මොනවා කතා කරන්නද? අතීතය අපි දන්නවා නේ. (බ)
ස්මිත් Friday, 28 August 2015 09:49 AM
දැන් මිනිසුන්ට මූණ දෙන්නත් නැහැ නේ...හොරා කාපු ඒවායේ තරම තමා...දැන් වමාරගන්න බැරුවද??? වැලිකඩට යැව්වා නම් හරි බඩ විරේකයක් ගන්න ඉස්පිරිතාලෙට මාරු කරයි එතකොට (බ)
ජගත් Friday, 28 August 2015 10:11 AM
සාමාන්‍ය මිනිසෙකුගේ දුකක් වේදනාවක් නොදන්නා හදවතක් නැති පුද්ගලයෙක්. (අ)
ඩයස් Friday, 28 August 2015 10:21 AM
අහවල් පාලකයා නිසා රජයේ සේවකයන්ට ගස් යටයි, පොලිසිවලයි හිර ගෙවල් වලයි තමයි ළඟින්න වෙලා තියෙන්නේ.(අ)
පෙරේරා Friday, 28 August 2015 11:08 AM
මෙයා මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩුවක වැරදිකරු කියල සම්මත කරලා රජයේ කිසිම තනතුරක් ඉන් පසුව දරන්නේ නැහැ කියල දිවුරුම් පෙත්සමක් ශ්‍රේෂ්ටාධිකරණයට දීපු පුද්ගලයෙක් නේද?(අ)
නිලන්ත Wednesday, 30 September 2015 05:59 AM
සිතුදෙය නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා (බ)
ප්‍රසන්න Friday, 28 August 2015 01:27 PM
අම්මෝ පෙරේරා දන්නා දේවල්. (අ)