හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ කටඋත්තරය අද පස්වරු 1.35 ට අවසන් කර පස්වරු 2.20 දක්වා ගහක් යට සිටි බවත් මාධ්‍යවේදීන් මගහැරීම ඔහුගේ අරමුණ වූ බවත් එහි තැන තැන රැඳී සිටි මාධ්‍යවේදීහු කියති. මාධ්‍යවේදීන් මගහැර දොරටු කිහිපයකින් එළියට යන්නට ගිය උත්සාහය වැරදී ගිය පසු ගසක් යටට ගිය ඔහු පසුව එතැන තිබූ වාහනයක කාර්යාලයට රැගෙන යන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
පොලිසිය එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ පසු ඔහු ගස යට සිට ගේට්ටුව දක්වා දුවගෙන අවුත් වාහනයට නැගගත් බවත් සිද්ධිය දුටුවෝ කියති.
කටඋත්තරය දීමෙන් පසු මුලින්ම ඔහු එම ස්ථානයේ දොරටුවෙන් එළියට විත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ‘ඔය ඇති‘ යැයි පවසා නැවත ඇතුළට ගිය බවද මාධ්‍යවේදීහු කියති.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තම ලොකුම කම්බා හොරා මහින්දට හොරකම ඉගැන්නුවේ මෙයා තමා (අ)
මොනවා කතා කරන්නද? අතීතය අපි දන්නවා නේ. (බ)
දැන් මිනිසුන්ට මූණ දෙන්නත් නැහැ නේ...හොරා කාපු ඒවායේ තරම තමා...දැන් වමාරගන්න බැරුවද??? වැලිකඩට යැව්වා නම් හරි බඩ විරේකයක් ගන්න ඉස්පිරිතාලෙට මාරු කරයි එතකොට (බ)
සාමාන්‍ය මිනිසෙකුගේ දුකක් වේදනාවක් නොදන්නා හදවතක් නැති පුද්ගලයෙක්. (අ)
අහවල් පාලකයා නිසා රජයේ සේවකයන්ට ගස් යටයි, පොලිසිවලයි හිර ගෙවල් වලයි තමයි ළඟින්න වෙලා තියෙන්නේ.(අ)
මෙයා මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩුවක වැරදිකරු කියල සම්මත කරලා රජයේ කිසිම තනතුරක් ඉන් පසුව දරන්නේ නැහැ කියල දිවුරුම් පෙත්සමක් ශ්‍රේෂ්ටාධිකරණයට දීපු පුද්ගලයෙක් නේද?(අ)
සිතුදෙය නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා (බ)
අම්මෝ පෙරේරා දන්නා දේවල්. (අ)