දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උබේසේකර හෙන්නායක මහතා ඊයේ (17) සවස අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 65 වැනි වියේ පසු විය.
පුවත්පත් කලා ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් ඇති හෙන්නායක මහතා නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
රුසියාවේ මොස්කව් නුවර ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඔහු ඉතිහාසය, ජාත්‍යන්තර දේශපාලනය හා විශ්ව සාහිත්‍ය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගවේශන සිදු කළේය.
ටෝල්ස්ටොයිගේ අන්තිම දවස්, හිට්ලර් පොල්පොට් සහ ඉඩි අමීන්ලා, හිට්ලර් නම් පොත් ගුල්ලා, නවකතා ලියන හැටි සහ ඔහු ලෝරන්ස් නම් විය යන කෘති ඔහු විසින් රචිතය. උබයසේකර හෙන්නායක මහතා අවසන් වරට රචනා කළ ‘උගන්ඩාවේ ඉඩි අමීන්‘ කෘතිය පසුගිය වසරේ සාහිත්‍ය මාසයේදී එළි දැක්විණි.
හෙන්නායක මහතා 1987 වසරේ සිට ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කළේය.
දේහය අංක 95, ඉහළගම, කෑගල්ල පාර, පොල්ගහවෙල දරණ ලිපිනයේ තැන්පත් කර අැති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (19) පොල්ගහවෙල අාදාහනාගාරයේ දී සවස 4 ට සිදු කෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරමාදර්ශී මාධ්‍යවේදියෙක් ලෙසට ඔබතුමා මව්බිමට, ලොවට දායාද කළ දැනුම් සම්භාරය මෙපමණයි කියලා රේඛාවකින් සීමා ලකුණු කරන්න බැහැ. මතු මිනිස් අත්බවයක්ම ලැබීමට හේතු වාසනා වේවා! (නි)
අපගේ බලවත් ශෝකය මෙයින් පළකරමු. (නි)
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)
බොහෝ වටිනා තොරතුරු ලබා දී, විශේෂයෙන් මැදපෙරදිග පුවත් ගෙනඒම සමබන්ධව ඔබේ සේවය අගය කරමු. (නි)
සැමට බොහෝ දේ උගතහැකි චරිතයක් මෙන්ම මානව දයාවෙන් පිරි ඔබගේ වියෝව මහත් වේදනාවකි. ජ්‍යෙෂ්ඨ මාධ්යවේදියාණනි, ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ඔබතුමාට නිවන් සුව පතමි! (නි)
හරිම කණගාටුදායක ආරංචියක් (නි)
අපේ කෙනෙක් අපට නැතිවුණා. හදවතට වේදනාව ගෙන දේ. නිවන් සුව පතමි මෙසේ. (නි)
දිගු කලකින් හමුවීමට අවස්ථාව නොලැබුණි. ඔබගේ වියෝව ඇසීමෙන් බලවත් කණගාටූවට පත්වුණෙමි. ඔබට නිවන් සුව පතමි. (නි)
හොඳ මනුස්සයෙක් අපට නැතිවුණා (නි)
අපගේ බලවත් ශෝකය මෙයින් පළකරමු. (නි)
මැතිඳුනි, ඔබට නිවන්සුව පතමි. (අ)
ඔබට නිවන් සුව ! (අ)