ශ්‍රී ලංකාව සමඟ සබඳතා පැවැත්වීමේදී ධීවර ගැටලුව ප්‍රධාන කරුණක් බවට පත්කර ගත යුතු බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ප්‍රකාශ කොට ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
මෙරට අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයින් 78දෙනා නිදහස් කරගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් ජයයලිතා ජයරාම් මේ බව ප්‍රකාශ කර ඇත.
ආණ්ඩු මාරු වුවද තමිල්නාඩු ධීවරයන්ට දක්වන සැලකිල්ලෙහි කිසිදු ධනාත්මක වෙනසක් සිදුව නොමැති බවද ජයලලිතා ජයරාම් පෙන්වා දේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය සඳහන් කර සිටින්නේ තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම ඔවුන්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බවය.
ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉහළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කඩිනම් දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය බව ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට හිරේ ගියත් මදිද මන්දා. ඔය රටේ ප්‍රධාන ප්‍රශ්නය වන වැසිකිළි ප්‍රශ්නය විසඳලා ඉන්නවද අනිත් රටවලට එක එක ඒවා කියන්නේ නැතුව. (නි)
තම පක්ෂයේ මැති ඇමතිවරු තවමත් තමන් ළඟ වැඳවැටෙන අයුරින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරන්න බැහැ කියලා මෙයාට තේරෙන්නේ නැහැ (නි)
පිස්සු අම්මණ්ඩි කෙනෙක් නේද මේ ගැනි (බ)
මෙයාට නම් තියෙන්නේ පිස්සුවක් නොවෙයි, බලතණ්හාවත් එක්ක අපේ රට කෙරෙහි තිබෙන ඊර්ෂ්‍යාවක්.කොටි පුරුදු පුහුණු කරලා එවලත් දිනාගන්න බැරිවුණ ඊළම ගැන නැවත කෙළහලමින් ඉන්නේ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සීමා පැනවුවත් ඔය ධීවරයෝ අපේ සම්පත් කොල්ලකාගෙන යනවා. ඒ අරගෙන යන්නේ උතුරේ මිනිසුන්ගේ මත්ස්‍ය සම්පත (නි)
තමිල් නාඩුවේ බහුතර දුගී ජනයාට හරි යන්නේ මේ වගේ චරිත තමයි..! අර දෙමල චිත්‍රපටිවල වගේ කැති, පොලු, මන්නා ,පිස්තෝල වලින් ප්‍රශ්න විසදන්නට . මැය චෝදනා ඔප්පු වූ දුෂිත හෙරක් ..! දැනට නිදහස් වුනාට තව ප්‍රාන්තයක් ඒ තීන්දුව අභියෝගකරලා ..! මැය මෙහෙ ඇඟිලි ගහන්න එන්නේ දේශපාලන වාසිගන්න.නැතුව අපේ දෙමල ජනතාවට ඇති ආදරේට නොවෙයි..! තමිල් නාඩුවේ නොවිසඳුණු ප්‍රශ්න කොතරම් ද..? (අ)
ඕනෑම රටක් තම දේශ සිමා උල්ලංගනය කරන පිටස්තරයකු අත්අඩංගුවට ගන්න බලේ තියෙනවනේ. (ර)