ශ්රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යක් හෙවත් ඊළමක් බිහිකරලීම සදහා පූර්ණ වශයෙන් කැපවන බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් සිය මැතිවරණ ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන 16 වැනිදා පැවැත්වෙන අතර ඊට අදාළව ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමිල්නාඩුවේ ඊරෝඩ් හිදී එළිදැක්වූණි. එම මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙන්නේ මෙරට යුද්ධයේ දී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සදහා වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් හිමිවිය යුතු බව ඇය සදහන් කර ඇතැයි ඉන්දියා ටුඩේ පුවත්පත වාර්තා කර සිටී.
ඒ සදහා බලපෑම් කිරීමට තමා කටයුතු කරන බවට තමිල්නාඩු මහඇමතිනිය සිය මැතිවරණ ප්‍රකාශනයේ සදහන් කර ඇත.තමිල්නාඩුවේ සරණාගත කදවුරුවල සහ ඉන් පිටත වසර ගණනාවක් තිස්සේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ද තමිල්නාඩු මහ ඇමතිනියගේ මැතිවරණ පොරොන්දු වලට අයත් වේ
ඒ සදහා ඉන්දීය මධ්‍යම රජය පොළොඹවා ගැනීමට කටයුතු කරන බව ඇය අවධාරණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සදහා වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් හිමිවිය යුතු බව ඇය කියනවනම් එයා කරපු මහා පරිමාන දුෂණ වංචා වලට කෝ දඩුවම්? (බ)
ලතාලට, කරුණානිදිට,ඉන්දීය මැතිවරණය ළං වෙනකොට තමයි දෙමල ජනයාගේ දුක දන්නේ මොකද ඔය දේපල බලය ලබා ගන්න මහන බලන්නේ දෙමල ජනයාව ගොනාට අන්දවලා ඊළම ලබාදෙනවා කියලා මේ ඇන්ටි කියන දේ කවුද ගණන්ගන්නේ අපි ලාංකිකයෝ කියන එක ඇන්ටි දන්නතුව ඇති (බ)
පුදුම අමාරුවක්නේ ලංකාවේ දෙමල අය ගැන තියෙන්නේ.බැරිද මෙහෙ ඉන්න ඔක්කොම ඔහෙට ගෙන්න ගත්තනම්? (බ)
දෙමල අයගේ නිජ බිම තමිල්නාඩුව. එයාලගේ උපත තමිල්නාඩුව. ඊලම හදල බැරිනං, මවලා හරි ඉන්දියාවේ තියාගන්න. ඔච්චර ලොකු ඉන්දියාවක් තියාගෙන මොන මගුලකටද මෙහෙ ඊලන් හදන්න නටන්නේ. (ම)
හිතේ තිබුනම අපිට මොකද. ඒවා හීන විතරයි. (ර)
ඡන්ද ගුන්ඩු. (ර)
ඡන්ද ගැට. අපේ ඒවා අපි බලාගන්නම්. (ර)
ත්‍රස්තවාදයට තුඩුදෙන ප්‍රකාශ කරන මෙවැනි අයට තමන්ගේ ඡන්ද වැඩි කරගැනීමට තිබෙන එකම මග මෙය බව අපට පෙනීගොස් බොහෝ දවස්..(හේ)
පවු තාම කසාදයක් බැදල නැති නිසා මුකුත් කියන්නේ නැහැ. අපේ ආච්චි වගේ නැත්නම් දන්නවා ලියන්න ඕනේ විදිය. (බ)
ලංකාවේ වෙනම රාජ්ජයක් ඉල්ලන්න කලින් ඉන්දියාවේ රේල් පාරවල් අයිනේ උදේට එලි බහින උන්ට කක්කුස්සි හදල දීපන් , (බ)
තමන්ට බලය ගන්න ඕනෑම දෙයක් හෝ කෙනෙක් පාවාදෙයි. (නි)
ඊළමටම විතරද දන්නෙ නැහැ හිත ඇත්තේ? (නි)
ඔබතුමිය? අනුර කාටද ඔය කියන්නේ? (නි)
පොල්ගහනවා නම් ගහන්න ඕනෑ මේ වගේ අයට. අපේ සිංහලයාට කවදාවත් ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. සමහරු පැරදුන මහින්දව ලොකු කරගෙන අලුත් ආණ්ඩුවට විරුද්ධව ගල් ගහනවා (නි)
ලංකාවේ අපි දෙමළ ජනතාවට හොඳට සළකනවා. ඉන්දියාවේ ජන ගැටළු වලට විසඳුම් දෙන්න බැරි මේ අය අපේ රට හදන්න හදනවා. කරුණාකරලා ජයලලිතාට කියන්න අපි දෙමළ ජනයාට සළකනවා මදි කියලා හිතනවා නම් මේ අයව ඉන්දියාවට අරගෙන ගිහින් හිතේ හැටියට සළකන්න. මොකද ඉන්දියාවේ ඕනෑතරම් ඉඩකඩත් තියනවනේ. (නි)
බඩගෝස්තරවාදී දේශපාලකයාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි. (බ)
ඔබ තුමිය පළමුව ඉන්දියාවේ එය සිදු කරන්න අපි දෙවනුව ඊලම ලංකාවේ දෙන්නම් (බ)