ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඊලාම් රාජ්‍යයක් දිනාදීමට හැකි සෑම දෙයක්ම කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සහ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක ජයලලිතා ජයරාම ප්‍රකාශ කර ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (24) වාර්තා කළේය.
එසේම තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනයාට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉන්දියානු මධ්‍යම රජයට බලපෑම් කරන බවද ඇය වැඩිදුරටත් කියා ඇතැයිද එම වාර්තාවේ සදහන් වේ.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය පෙරේදා (23) තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් තිරුචිරපල්ලෙයි දැවැන්ත ජන හමුවකට රැස්ව සිටි අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ සාමාජිකයින් හමුවේ මේ බව කියා සිටියාය.
තමිල්නාඩු දේශපාලනයේ කැපී පෙනෙන ඩී.එම්.කේ. සහ කොංග්‍රස් පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය තවදුරටත් අවුල් සහගත තත්ත්වයට පත් කළ බවත්, ඒ නිසාම එම ජනතාවගේ නිදහස හා ගෞරවනීය ජීවිතයක් සඳහා තමන් පෙනී සිටින බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයාට ද්විත්ව පුරවැසිභාවය ලබාදුනහොත් ඔවුන්ට රැකියා අවස්ථා සඳහා ගැටළුවකින් තොරව ඉඩකඩ සලසා ගත හැකි බවත්, එම නිසා ඉදිරියේදී මධ්‍යම රජයට ඒ සඳහා බලපෑම් කිරීමට තමන් සූදානම් බවත් ජයලලිතා මිය අවධාරණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාලගේ කතාව හරියට හරි .යහපාලන අයට බලයේ ඉන්න තියෙනවානම් රටට හෙණ ගැහුවත් කමක් නැහැ (බ)
ඉතින් ඔච්චර අමාරුවෙන් අපෙන් කෑලි ඉල්ලන්නේ ඉන්දියාවෙන් පොඩි කැල්ලක් දීපන්කො ඕකුන්ට රටක් නැත්තම් සමුහාණ්ඩුවක් හරි කමක් නැහැ හදාගන්න (බ)
තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව සහ ඒවාට විසදුම් හොයාගත්තොත් නේද හොද. අපේ රටේ ඒකීය භාවය ගැන කතාකරන්න කිසිම අයිතියක් නෑ (ම)
අනේ... දනුෂ්ක ඔයා දන්න දෙයක් නැහැ. (ර)
තමිල්නාඩුවේ කතා ගැන කලබල විය යුතු නැහැ. (ර)
ඔය චන්දෙ ගන්න කියන ඒවා... (ර)
ජයලලිතා ඡන්දය ඉල්ලන්නේ ලංකාවෙන්ද ,ලංකාවේ දෙමළ එක ඡන්දයක්වත් ජයලලිතට ලැබෙන්නේ නැහැනේ. තමිල්නාඩුවට සේවයක් කරලා දිනුවානම් හරිනේ ලංකාවේ නම විකුනන්නේ නැතුව. (ර)
එයා කොහොමද පිටපොට ගහන්නේ... ජාතිවාදීන්ට අනාගතයක් නැහැ. පැවැත්මක් නැහැ. ද්‍රවිඩ ජනතාවට ඉතා වටිනා සංස්කෘතියක් තිබෙනවා. ඔවුන්ගේ සාහිත්‍යය ලොව අන් කිසිම සාහිත්‍යයකට දෙවෙනි වන්නේ නැහැ. හොඳ සංස්කෘතියක් තිබෙන යහපත් ද්‍රවිඩයන් කිසිදාක ජාතිවාදීන් වන්නේ නැහැ. ද්‍රවිඩ ජාතික අහිංසකයන් ප්‍රවේශම් විය යුත්තේ අනෙක් ජනවර්ගවලට අයත් මිනිසුන් ගෙන් නොවෙයි. මෙන්න මේ වගේ ද්‍රවිඩ ජාතිවාදීන්ගෙන්. (ර)
ජයලලිතා ගැන කවර කතාද? (ර)
මම දන්නා තරමින් ලෝකේ වෙන කිසිම රටක් නැතුව ඇති තවත් රටක් වෙනුවෙන් මෙච්චර කහින. එක්කෝ උතුරු නැගෙනහිර ඉන්න මිනිස්සු කෑ ගහන්න ඕනේ තමිල්නාඩුවෙන් වෙනම කෑල්ලක් ඉල්ලලා.(අ)
අපේ රටේ ජාතිවාදය අවුස්සන්න බලාගෙන ඉන්න දේශපාලන අනාථයින්ට තවත් හොඳ සටන් පාඨයක්. මේක ජයලලිතගේ පරණ තැටියිමනේ.(අ)
සුපිරි වෙනසට වෙනසක් (අ)
මීට වැඩිය හොඳයි ඉන්දියාවේ පදිංචියම දුන්නා නම් (නි)
ඇත්තටම මේ අයට වෙන ප්‍රශ්න මොකුත්ම නැද්ද ලංකාව ගැනම හොයන්නේ? (නි)
මහින්ද අපේ ජනපති ඔහු ඉන්න තුරු ඔය කතා බොරු... (ර)
ලංකාවේ ජීවත් වෙන කිසිම කෙනෙකුට ඕනි කමක් නැති මේ ඊලම ඉන්දියාවේ ඉන්න මෙයාට ඕනි කරලා තියෙන්නේ මොකද? (ර)
ජයලලිතාට මොකක්ද ලංකාව ගැන මෙච්චරටම තිබෙන කැක්කුම? (නි)
ඉන්දියාවේ ඉදන් මෙහේ අපු අයට ඔය රටෙන් ඉඩක් දෙන්න. මේක වගේ 63 ගුණයක් ලොකුයි කියනවනේ. අපිටත් තියෙන හිසරදවලින් එකක් අඩුවෙනවා. ලෝකේ තියෙන ලොකුම ආණ්ඩුව හදාගත්තත් කමක් නැහැ.(හේ)
තමිල්නාඩුව වෙනම රාජ්‍යක් කරලා "ඊළාම්" කියල නම දාගත්තා නම් ඉවරනේ ලංකාවට කරදර නොකර. (නි)
මට කවුරු හරි දන්නා කෙනෙක් කියනවද ඉන්දියාවේ ඡන්දෙකදී ඇයි මේ තමිල්නාඩු දේශපාලකයෝ ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරන්නේ කියලා. ලංකාවේ දෙමළ රාජ්‍යයක් ඇතිකළා කියලා ඉන්දියා ජාතිකයන්ට ලැබෙන වාසිය මොකක්ද? ලංකාවේ දෙමළ අයට ඉන්දියාවේ ඡන්ද අයිතිය තියෙනවද? (නි)
ධනුෂ්ක, ඒත් සමහරු දෙන්න ලැහැස්ති නම් ඔබ මොනවා කරන්නද? ඔබට කරන්න පුළුවන් දේ කරලා තමයි අද මෙහෙම වුණේ. (නි)
අපිට ද්‍රවිඩ ජනතාව සමඟ කිසිම තරහක් නැහැ. ඒත් මොනවාද මේ අනවශ්‍ය ප්‍රශ්න? (නි)
එහෙ ඉන්න අයට වැසිකිළි හදලා දෙනවා කිවුවා නම් ඔයිට වඩා ඡන්දෙ ගන්නවා (නි)
අපේ හම්බන්තොට වරායට තරඟ කරන්න කේරලයේ හදන වරාය හදලා අවසන් වෙනතුරු මොනවාහරි කරලා ලංකාවේ වැඩකටයුතු පමාකරන්නත් එපායැ. (නි)
දැන් අපේ ආණ්ඩුවේ අය මේ ගැන මොකක්ද දන්නෙ නැහැ දරන අදහස? (නි)
බලමුකෝ මේපාරත් එයා පැරදිලා යන හැටි (නි)
ජයලලිතා වගේ කෙනෙක් දේශපාලනය කරනකොට මෙහෙම තමයි (නි)
මහින්දගේ කාලේ ජයලලිතා මෙච්චර ප්‍රශ්න දැම්මේ නැහැනේ (නි)
අපිත් එක්ක ඉන්න තමිල්නාඩුවේ දමිළ මිනිසුත් බනිනවා මේ කාන්තාවට. පහුගිය කාලේ ගංවතුරට පැත්ත පළාතේ අාවේ නැතිලු නේද? වැසිකිළි නැහැ, බොන්න හරියාකාරව වතුර නැහැ. දැන් ඡන්දයක් කිට්ටු ඇති. (නි)
මැයට කීමට ඇත්තේ එකම එක දෙයකි. එම අදහස මෙහි පළකළ නොහැකි බැවින් සටහන් නොකරමි. (නි)
මේ පාරනම් ලේසි වෙන එකක් නෑ.(හේ)
අපි ඉන්නකන් ඕවා කරන්න ලැබෙන්නේ නෑ.(හේ)
ජයලලිතා කියන මෙවැනි ප්‍රකාශ ගණන් ගතයුතු නැත. මන්ද, හුදෙක් දෙමළ භාෂාව කතාකරන ජනයාගේ සිත්සතන් පිනවීම මෙන්ම එම ජනයාගේ සිත් දිනාගෙන තම දේශපාලන අනාගතය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ නිරර්ථක උත්සහයකයි ඇය මේ යෙදෙන්නේ. ප්‍රභාකරන්න්ට අවියෙන් කරන්න බැරිවූ දෙය ඇය වචනයෙන් කරන්නේ කෙසේද? එමනිසා ජයලලිතා මෙන්ම ඇගේ ප්‍රකාශ වලින් තෘප්තියක් ලබන කෙනෙකු වේ නම් ඔවුන් දැඩිව සිහියේ තබා ගතයුතු දෙයක් වේ. එනම් සිංහයින් නිදි නැත. ඔවුන් සැමදා අවදියෙනි. (නි)
ඔව් ඉතින් තව ටික දවසක් යනකම් තමිල්නාඩුවේ දුප්පත් අහිංසක මිනිස්සු ටික රවටගන්න. නැතුව මෙයා දන්නා දේශපලනයක් නැහැ. (ර)
අන්තර්ජාතික නීතියට පටහැනි නැද්ද? චීනයට ළංවෙන්න කාලය ඇවිල්ලා. ඉන්දියාව අපිව ගෙනියන්නේ ඊළම කරාය (නි)
පේ රට බෙදීමට කිසිම විටක ඉඩ නොලැබෙයි. මේ සිහිනය කවදාවත් සාක්ෂාත් නොවන බව තරයේ කියමි. (ර)
නැවතත් විනාශයකට මුලපිරෙන්න ඉඩ නොදෙනවානම් ලොකුදෙයක්. (ර)
ඔබට කළහැක්කක් නොමැත. (ර)
කොහොම උනත්, ඇත්ත හෙට අනිද්දා කාටත් දකින්න අහන්න පුළුවන් වෙයි. (ර)
එළාරට යන්න කාලය ඇවිත්.(රේ)
යහපාලනයට ජයවේවා (රේ)
ජයලලිත කට පරිස්සම් කරගෑනීම හොදයි (රේ)
ඊළම අත්හැරලා නැහැ වගෙ, මේවා අනිත් රටවල් වලට පෙන්නේ නැද්ද.? (ර)
ජාතිවාදය අවුස්සන ජයලලිතාට අපි සැමදාම විරුද්ධයි. (ර)
යහපාලනයට ජයවේවා! (රේ)
ලංකික දෙමළ ජනතාව අවුල් සහගත තත්ත්වයක නැත. ඒ ගැන නුඹ දුක් නොවන්න.ඔවුන්, නුඹගේ තමිල් නාඩු දෙමළ ජනතාවට වඩා නිදහස් හා ගෞරවනීය ජීවිතයක් ලංකාවේ ගත කරන බව සිහි තබා ගන්න. තවද සාපේක්ෂව ඔවුනට ඉතා හොඳ සෞඛ්‍ය පුරුදුද ඇත . ඒ ගැන නුඹට ඇත්තේ වේදනාවක් සහ ඉරිසියාවක් පමණි. (ර)
මමත් දෙමල ජාතිකයෙක්; එහෙත් මගේ යාලුවෝ ඔක්කොම සිංහල. නෝනට ඕනේ දේවල් ලංකාවේ දැන් කරන්න බැහැ. අපි එකට ඉඩ දෙන්නේ නැහැ. ජාතිවාදී ජයලලිතාට අපි සැමදාම විරුද්දයි. මම මුළු හදින්ම ලාංකිකයි. (ර)
මොනවත් වෙන්නේ නෑ. ඔය ගන්වල අහිංසක කොන්දක් තියෙන කොල්ලෝ නැවතත් යුද්දෙට පටලවල දේශපාලුවෝ ගෙදර යයි. අන්තිමට කවුරුහරි අහනකොට උන් කියාවි අපි ගත් යම් යම් තීරණ වැරදි තමයි. ඒත් ඒ වෙලාවේ එහෙම නොකර බැරි වුනා කියල. උන්ට එය එතරම් සරලයි. තව ඔය වහසිබස් දොඩන ආණ්ඩුවට කඩේ යන උන් කුඩු කාපු රිලවු වගේ විනාශය බලන් ඉදිවී. රට නැවත ලේ විලක් වේවි. නිවට නායකයන් රටකට කරන විපතක්.(රේ)
ඕවට සැලෙන්න නැහැ අපි. (ර)
දැනගන්න කැමතියි දනුෂ්කට මොනාද කරන්න පුළුවන් කියලා. (ර)
තම තමාගේ පැවැත්ම සදහා ජාතිවාදය පාවිච්චි කරන්නේ සිංහල දේශපාලුවෝ විතරක් නෙවෙයි. (රේ)
ජයලලිතාට ගිය ලංකාවද... අපි වෙනුවෙන් තීරණ ගන්න. අපි වෙනුවෙන් අපි තමයි තීරණ ගන්නේ... (ර)
අධ්‍යාපන සෞඛ්‍ය හා අනෙකුත් සමාජ ආර්ථික දර්ශක අනුව තමිල්නාඩු දෙමළ ජනයා සිටින්නේ ලංකාවේ දෙමළ ජනයාට වඩා හුඟක් පහළින්. මේ අය තමන්ගේ බැරිකම් වහගන්න හා බොරු වීරයන් වෙන්න ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඊලාම් රාජ්‍යයක් දිනාදීමට බොරු කයිවාරු ගහනවා. (ර)
ජයලලිතා, අද ඊයේ නෙමෙයිනේ ඊළමට දැගලුවේ. මොන තරම් දැගලුවත් වැඩක්නම් වෙන්නේ නැහැ. එයාට අයිති තමිල්නාඩුව මිසක් ලංකාව නෙමෙයි. (ර)