දොස්තර ජයලත් ජයවර්ධන මහතාගෙන් හිස්වන ගම්පහ ආසනයට එක්සත් ජාතික පක්ෂයේ මනාප ලැයිස්තුවෙන් ඊලග අපේක්ෂකයා වන අජිත් මාන්නප්පෙරුම මහතා පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔහු දැනට බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අතර මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දුන් පසු පාර්ලිමේන්තු කතානායක ඉදිරියේ දිවුරුම් දිය යුතු බැවින් ඊට පෙර ඔහුට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවේ.
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මාන්නප්පෙරුම මහතා ගම්පහ නගරාධිපති වශයෙන්ද සේවය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ඔබතුමාට
ශ්‍රේෂ්ට ශ්‍රී ලංකාවට අගනා සේවයක් කරන්න අදිටන් කරගන්න. පළමුව ජාති ආගම බෙදා ඉවතලා ගන්න. මගේ රට මගේ ජාතිය ශ්‍රී ලාංකික බව අදිටන් කරගන්න, සෞභාග්‍යමත් අනගතයකට සුබ පැතුම්. (නි)
ඔබට ජය! පාර්ලිමේන්තුවේ උගතුන්ද සිටිය යුතුයි. (නි)
පින පළදෙනවා කියන්නේ ඕක තමයි (දී)
ලංකාවට සේවය කරන්න (දී)
ඔන්න මහත්තයෝ දෑත් ශක්තිමත් කරන්න එහෙම හදිස්සි වෙන්න එපා (නි)
ඔබට දීර්ගයුෂ සමග සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා. ඔබට ජයශ්‍රී (ස)
ඔබ තුමා උගතෙක්.එජාපයත් ගොඩ අරගෙන ශක්තිමත් විපක්ෂයක් සාදා ගෙන රටට දැනෙන යමක් කිරීමට ශක්තිය ලැබේවා. (ස)
රට පාලනයට උගතුන් හිග මොහොතක ඔබ අපට සම්පතකි ජයලත් මහතාට මොක් සුව පතමු (අ)
ජයවේවා ඔබතුමාට
ජයලත් මහත්මය වෙනුවන් අවසාන ගෞරව දක්වා පසුව පදවි ගැන හිතමු. (නි)
ඔබට සුභපැතුම (දී)
පින පල දෙනවා කියන්නේ ඕකට
සුභ පැතුම්! (නි)
ලගදීම දෑත ශක්තිමත් කිරීමට එකතු වේ......!!! (දී)
අපගේ සුබපැතුම් ! (ස)
ඔබට සුබ පැතුම්, අනන්දියෙක් සහ ගම්පහ පුද්ගලයෙක් ලෙස ඔබේ සේවය ලබාදෙන්න ශක්තිය ලැබේවා.(ස)
ඔබතුමා මාර පිං වන්තයෙන්නේ (දී)
තවත් කොටියෙක් නොවෙයි නේද ?(නදී)
අපි අදුනන්නෙනෑ කවුද කියල නමුත් උගත් කෙනෙක් හින්ද රට වෙනුවෙන් යමක් කිරීමේ හෑකියාවක් තියනව සුභ පෑතුම්.! (ස)
ඔබතුමා ගම්පහ නගරාධිපති වෙලා ඉද්දි ඉමහත් සේවයක් ගම්පහට ඉටු කළා. නැවත අපි ඔබතුමාගේ සේවය බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට සියලු ශක්තිය..ධෛර්ය...ලැබේවා...ඔබට ජය...!!!! (ස)
හොද ඉංජිනේරුවරයෙක්, ගම්පහට වැඩක් කරපුනිසා ඉස්සරහටත් හොද වේවි. සුබ පැතුම්.! (ස)
පරෙස්සම් වෙන්න. ඉදිරියේදී හොද නායකත්වයක් හදන්න. (නි)
චතුල, උගත්කමයි, බුද්ධිමත්කමයි වෙනස්.ඌරුවරිගේ තිසාහාමි උගතෙකු නොවුනට හොද බුද්ධිමතෙක්.හොද නායකයෙක්. සමහරුන්ට ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබිලත් කරන වැඩ මනුස්ස ලෝකයේ නොව තිරිසන් සතුන්වත් නොකරන දේවල් බව ලෝකයේ ඕනෑතරම් උදාහරණ තියනවා. උගත්කම එතරම් නැති වීරෝධාර රණවිරු සෙබළුන් හිටිය දහස්ගණන් රට වෙනුවෙන්ම දිවි පුදකළා.කෙනෙක් උගත් වූ පමණින් හොදයි සිතීමත් නුගත් වූ පමණින් නරකයි සිතීමත් ප්‍රඥාවන්ත සිතුවිල්ලක් නොවේ. මම දන්නා ඕනෑතරම් ගොවියන්ගේ,වෙදමහත්වරුන්ගේ,රියදුරන්ගේ පමණක් නොව වැසිකිලි සෝදන දෙමවුපියෝ රටට ආදරෙන් තම දරුවන්ට වගේම අනුන්ගේ දරුවන්ට ආදරය කරමින් ඉතා යහපත් ජීවිත ගතකරමින් තමනට යන්නට නොහැකිවූ ගමන තම දරුවන් හෝ යවමින් ලෝකයට කල සේවය අනන්තයි. ශිල්ප සතර දී සිහසුන හිඳුවා. ඔබට අහිමි ලොව මා රජ කරවා. ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ ..........// (නි)
වැඩ කටයුතු සාර්ථක වේවා! (නි)
මේ වෙලාවේ ඔබගේ හඬ අපට ඉතාම වැදගත් (නි)
මගේ සුබ පැතුම්!! හදිස්සි නොවී තමාගේ ගමන ගිය ඔබතුමාට නිසි තැන ලැබුනා. මමත් ඔබතුමාට චන්දය දුන් කෙනෙක්. ජයවේවා (ස)
ඔබට මම සුභපතනවා (දී)
ඉදිරියට යෑමට ශක්තිය ලැබේවා! (නි)