එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය් සභාපති හා ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධනගේ අවමගුල වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේදී කිතුනු ආගමික වතාවත්වලින් පසුව මිහිදන් කැරිණි. සමාජයේ විවිධ තරාතිරම්හි පිරිස් ඔහුට අවස් බුහුමන් දැක්වූහ.