කොටි ත්‍රස්තවාදින් විසින් ඇටවු බෝම්බයකින් වැලිවේරියේදී ජීවිතක්ෂයට පත් වු හිිටපු ඇමතිවරයකු වු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ හය වැනි ගුණ සමරුව වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසල පිහිටි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ස්මාරකය අසලදී ජල සම්පත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ සහ දියණිය සමුර්ධි ප්‍රනාන්දුපුලලේ මෙනවියද ගුණසමරුව පැමිණ සිටියහ.
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා 2008 අප්‍රේල් 06 වැනි දින වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු උත්සවයක මැරතන් තරගයක ආරම්භක අවස්ථාවකට සහභාගී වීමට පැමිණ සිටියදී කොටි ත්‍රස්තවාදීන්ගේ බොම්බයකට හසුවී එතනම මිය ගියේය.
මහා සංඝරත්නය සහ වැලිවේරිය මීසම බාර ලක්ප්‍රිය නෝනිස් පියතුමන් එක්ව කරන ලද ආගමික වතාවන්වලින් අනතුරුව පිරිස ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.
පුෂපෝපහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනානදු පුල්ලේ මහත්මිය පිරිස ඇමතූවාය. ඇගේ ස්වරය හැගුම්බර විය. ඇය කතාව අතර මැද නවතා මොහොතක් කඳුළු සැලූ අතර එම අවස්ථාවේ පැමිණ සිටි සියල්ලන්ගේ දෙනෙත් ද කඳුලින් බර විය.
ජලසම්පත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පිළිබඳ අතීත මතකයන් සිහිපත් කළ අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා කළ කැපවීම් සහ ගන්නා ලද නිර්භීත ක්‍රියා පිළිබඳ කතා කළේය.
ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ජෙයරා්ජ් ප්‍රනාන්දු පුලලේ මහතාගේ පිළිබඳ ගුණකතනයක් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, විද්‍යා හා තාක්ෂන අමාත්‍ය තිස්ස විතාරණ, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිශාන්ත, ඔබගේ චින්තනය ඉතාමත් පහත් මට්ටමේ ඇත... (ස)
ත්‍රස්තවාදීන් නැතිකළ සරත් ෆොන්සේකා දිනේවා! (නි)
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමා වැනි උතුම් ගුණගරුක පුද්ගලයන් නැවත බිහි නොවෙන බව මා දනිමී.එතුමා කියන දේ කරන ,කරන දේ කියන ,පක්ෂ විපක්ෂ කාගේත් ජනාදරය දිනු නිර්භීත ජන නායකයෙක්.ඇමතිතුමනි ,ඔබතුමා වෙනුවෙන් තවම අප කදුළු සලන්නෙමු .ඔබට නිවන් සැප! (නි)
ඔබතුමාට නිවන් සැප! (නි)
ජාති ආගම් සහ පක්ෂ භේදයෙන් තොරව ජනතාවට සේවය කල මෙතුමා වැනි උතුම් පුද්ගලයන්ට අපේ රටේ වැඩිකල් ජීවත් වෙන්න ඉඩ ලැබුනේ නැහැ.මේකේ අපේ රටේ කරුමේ.ජනතාවගේ කරුමේ. ඔබ තුමාට මෙවන් අකල් මරණ මතු භවයෙදි නොවේවා! . (නදී)
සරත් ෆොන්සේකා මහත්මයට අපි ගෞරවය කරනවා හොඳ හමුදා නායකයෙක් විදියට නමුත් ජනාධිපති තුමා දේසපාලන වශයෙන් ලොකු මෙහෙවරක් කළා. අපි ඒකට ගරු කරන්න ඕනා.(නදි)
මිනි මරපු ,මරවපු බොහෝ දෙනෙක් නැවත මිනිය බලන්න යනවා. ඔහු මැරුවේ කොටිද? නැත්නම්.(නදී)
අම්මෝ, ඒ රුදුරු බිහිසුනු යුගය නැති කරදුන් අපේ ආදරණිය රණවිරුවන්ටත් ,අතිගරු ජනධිපතිතුමාටත් පින්සිදු වෙවා. (ස)
නොබියව ත්‍රස්තවාදයට විරුද්දව අදහස් පලකල එතුමා සිහිකරමි. (ස)
ජිනීවා යෝජානාවේ පිල්ලේ, වැලිවේරිය සිද්ධිය(රතු පස්වල වතුර ප්‍රශ්නයේදී ඇතිවුන මරණ )ගැනත් රජයෙන් උත්තර ඉල්ලනවා.පිල්ලේගෙන් අපි ඉල්ලන්න ඕනේ ප්‍රනාන්දු පුල්ලේ මහත්මාගේ මරණය ගැන වගකීම එයා ගන්නවද කියලා. (ස)
ස්වාමිපුරුෂයා මලාම බිරිඳට පින පෑදෙන එක තමය අපේ රටේ දේශපාලනය .(ස)
ත්‍රස්තවාදය නැති කිරීමට හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාට ජය! (නි)
ජාතිවාදී පිල්ලේ නෝනට මේවා පෙනෙන්නේ නැහැ (නි)
මම කැමතිම නායකයෙක්. අපෙත් රටෙත් අවාසනාවට අපිට එතුමා නැති උනා. ඔබ තුමාට නිවන් සැප. (ස)
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාව ඝාතනය කළා නම්, රතු පස්වල සිද්ධියේ හොයන්න දෙයක් නෑ කියලද හිතන්නේ? රටේ සිද්දවෙන වැරදි වහන්න බෑ ඔය වගේ කතාවලින්. (ස)