ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට හිටපු අගමැති මන්මෝහන්සිං, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, ඇගේ පුත් රාහුල් ගාන්ධි මෙන්ම පරාජිත රජයේ හිටපු මැති ඇමැතිවරු රැසක්ම පැමිණියහ.
ශ්‍රී ලංකා ජනපති ඇතුළු දකුණු ආසියා සාක් රටවල නායකයෝ ද ආරාධිතයන් අතර වූහ.
අඩු ගණනේ 4000ක් පමණ ආරාධිතයෝ මේ උත්සවයට පැමිණියාය.
‘ජන මන ගණ අභිනායක ජය හේ භාරත භාග්‍ය විධාතා..‘ ඉන්දියා ජාතික ගීයේ තනුව වාදනය වීමෙන් පසුව ජනාධිපති මුඛර්ජී හමුවේ ශ්‍රී නරේන්ද්‍ර දමෝදර්දාස් මෝදි ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස හින්දි බසින් දිවුරුම් දී පුස්තකයේ අත්සන් තැබීය.
කිසිවකුටත් අසාධාරණයකින් තොරව සාධාරණ යුක්ති ධර්මය අපක්ෂපාතීව ඉටු කරන බව පවසමින් මෝදි සිය ප්‍රතිඤ්ඤාව දී අවසන් කිරීමෙන් පසුව රැස්ව සිටියෝ අත්පොලසන් දී සිට සතුට පළ කළහ.
ඉන් පසු ඔහුගේ ඇමැතිවරු දිවුරුම් දුන්හ.
කැබිනට් ඇමැතිවරු 23 දෙනෙක් ද, කැබිනට් නොවන ඇමැතිවරු 10 දෙනෙක් ද, උප ඇමැතිවරු 11 දෙනෙක් ද දිවුරුම් දීම ඇරැඹූහ.
සුශ්ම ස්වරාජ් විදේශ කටයුතු ඇමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
ඝාම්භීර ලෙසත්, දැකුම්කළු ලෙසත් ඉන්දියාවේ රාශ්ට්‍රපතිභවාන්හි දී පැවැති මේ උත්සවයේ දී කතා කළ නරේන්ද්‍ර මෝදි පැවසුවේ තම කටයුතු තවත් විනිවිද ආකාරයෙන් පවත්වාගෙන යමින් ඉන්දියා ජනතාවට වඩාත් සමීප වන බවයි.
තමා සමග සෘජුවම අදහස් හුවමාරු කර ගැනීම සඳහා වෙබ් අඩවියක් ද ඇරැඹූ බව නව නායකයා ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනතාවට සැළ කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ හැමදේම කොපි කරන අපේ රටේ අය මේකත් කොපි කලොත් තොච්චර හොඳයිද? (නදී)
පොලවේ වැලිකැට ගානට සෙනග සිටින රටක ඇමති මණ්ඩලය ඔන්න. වැඩකාරයට බොරු බැහැ කියන්නේ ඕකයි.(නදී)
අප රටෙි වෙලාවට මෝදි ඉංදියාවෙි අගමැති වුණේ. ඔහු ගේ තියන ජාතික මමත්වය ආසන්න රටෙි ඉන්න අපිට හොද ආදර්ශයක්. රටවල් දෙක අතර දේශපාලන පැටිකිරියන් සැමවිටම සංසන්දනය වෙිවි. කැබිනටි මණ්ඩලයම හොද උදාහරණයක්. මම පොඩි කථාවක් කියන්නමි,මා තමිල්නාඩුවට ගොස් සිටි වෙලාවෙි එක් දිනයක දුටුවා ඉංදියානු ඇමිබැසඩර් සුදු කාර් දෙකක් පහන් දල්වාගෙන තරමක හදිසියෙන් වගේ යනවා මම ඇහුවා මිත්‍ර ඉංදියානුවකුගෙන් මොකද ඒ කියලා, ඔහු කීවා ඒ අපේ අගමැති මනමෝහන් සිං මහතා රැස්වීමකට එනවා කියලා. මට දුකක් ඇතිවුනා ඇයි මම ඉංදියාවෙි ඉපදුනේ නැත්තේ කියලා. (නදී)
මෙච්චර අඩු ගානකින් රටක් පාලනය කරන්න පුළුවන් කම තියෙද්දී ද අපි මහා සේනාවක් නඩත්තු කරන්නේ.(නදී)
ලංකාවේ අපිට හොද පාඩමක් මේක. (නදී)
සිරි ලංකාවේ පොත කියවල නැතුව ඇති ගරු මෝදි අගමැති තුමා. (ස)
මේක සංවාද මණ්ඩපයක්. එකිනෙකාගේ අදහස් විවේචනය වෙනවා. එ්ක ටිකක් ඉවසන්න පුරුදු වෙන්න ඕන. අපි කව්රුවත් පුද්ගලිකව දන්නා කියන අය නෙමෙයි..පුදගලිකව කාගෙන්වත් කාටවත් වැරදි උන අය, කළ අය නෙමෙයි. (ස)
ඉතින් අපෙත් කැබිනට් මණ්ඩලයත් හරි පොඩියිනේ. (ස)
ඉන්දියාව ඉහලටම ඔසවන්න මෙතුමාට හැකියාව ලැබවා....(ස)
මෝදි අගමැතිතුමනි, ඔබ තුමාගේ මේ ආරම්භය සුබයි. ඒ වගේම ධූූූර කාලය අවසානයත් සුබම සුබ වෙන්න ප්‍රර්ථනා කරනවා! (ස)
ලංකාවේ පිරිහීමට මූලිකවම වගකිව යුත්තේ හරයක් නැති ඇමති මණ්ඩලයි. මෙය වහාම 15කට අඩු කරන්න. (ස)
සුභ දිගු ගමනකට ආසිරි පතමි! (ස)
ඉන්දියාවේ ඇමති මණ්ඩලය කුඩායි, රට ඉතා විශාලයි. එත් අපේ....රට කුඩායි, ඇමති මණ්ඩලය ඉතා විශාලයි. හේතුව අපේ අහේතුව. (ස)
හරිම ආදර්ශවත් නායකත්වයක්. (නි)
ඉන්දියාවේ ජය ලොකු වෙන කොට ඇමති මණ්ඩලය අඩු වෙනවා. අපේ රටේ ජය ලොකු වෙන කොට ඇමති මණ්ඩලය වැඩි වෙනවා. (නදී)
දැන් පිටරට ඉන්න ලාංකිකයෝ අදහස් ලියනවා අඩුයි. මෙහෙ ඉන්න සමහර අයගේ කට කැඩිච්ච කතා නිසා වත්ද ? මොනවා වුනත් ඔබේ අදහස් දිගටම ලියන්න. ඒවා අතර වටිනා අදහස් තියනවා. මෙතන එක්කෙනෙක් විතරක් ලංකාව බදු අරගෙන වගේ අදහස් ලිව්වට ඔබලා ගණන් ගන්න එපා. බහුතරයක් මෙතන ඉන්නේ උගත් විචක්ශ්න බුද්ධියෙන් යුතු උදවිය. (නදී)
අපේ මුළු ආණ්ඩුවම කැබිනෙට් එකනේ. අපේ මුදල් වලින් කරන දේවල් වලට හොඳක් නම් වෙන්න එපා. (ස)
මේවගේ ජනතාවගේ අවංක අදහස් අරගෙන ඒවා සියල්ලම ලංකාවේ කැබිනට් එකට ඉදිරිපත් කිරීමටත් ඇමතිවරයෙක් පත්කලොත් හොඳයි කියලයි මගේ අදහස. (නදී)
අපේ රටෙත් ඇමති මණ්ඩලය එච්චර නැහැනේ ඉතින්.... (නි)
එහේ නැද්ද දන්නැ සීනි වලට සීනි ඇමති කෙනෙක්,පොල් වලට පොල් ඇමති කෙනෙක්..? (නදී)
රටක දියුණුවට බලපාන වැදගත් තීරණයක් (දිල්)
කැබිනෙට් එක 23 යි මෙච්චර ලොකු රටක...එතකොට අපේ? (නදී)
අපේ කැබිනට් එක ලොකු වෙලා ඇත්තේ ඇමති වරුන්ගේ මොලේ කුඩා හින්ද වෙන්ඩ ඇති. (ස)
ඉංග්‍රීසි කියමනක් තියනවා, කෝකියන් වැඩි වුනාම සුප් එක නරක් වෙනවා කියලා. අපේ රටේ ඇමති මණ්ඩලයටත් ඒක තමා වෙලා තියෙන්නේ. (ස)
අපේ උන්නාන්සේලාටත් ඉගෙනගන්න හොඳ පාඩම.(නදී)
අැයි අපේ රනිල් මහත්තයා ගියේ නැද්ද? (නදී)
ඔහොම යන්, ඔහොම යන්. (නදී)
ඉන්දියාව ලංකාවට වැඩ 60 ගුණයක් විශාල රටක්. ඒත් ඇමති මණ්ඩලේ 44යි. එතකොට ලංකාවේ? ලංකාව අගාදෙට යන එක අහන්නත් දෙයක්ද ? (නදී)
අපේ ජනාධිපතිතුමා සිංහ රාජයෙක් වගේ තේජවන්තයි.(නදී)
මහා උගත්කම් නැති වුනාට මෝදී මහතා බුද්ධිමතෙක් විය යුතුයි, ගණන් කරන්න බැරි තරම ලොකු ඇමති මණ්ඩලයක් පිහිටවාගෙන , හදිස්සියට රාජකාරියකට ,පණිවිඩයක් යවලාවත් රටේ නායකයාට ඔවුන්ව ඉන්න තැනකින් හොයාගන්න බැරි තත්වයක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ කියලා හිතන්න ඇති. (ස)
අපේ රට පුංචියි..... ඇමති මණ්ඩලය අති විශාලයි. (නදී)
අපේ කැබිනට් එකත් කුඩා වෙයිද? (නදී)
ලබන සැරේ ජන්දේ එකම පක්ෂයකට දුන්නොත් ඇමති මණ්ඩලේ අඩු කරන්න පුළුවන්. එහෙම නැතිනම් දොල පිදේනි ඇමතිවරුත් එක්ක අඩුම 150 ක් වත් වේවි අපේ ඇමති මණ්ඩලේ. ඉන්දියාවේ රට පාලනයට ඇමතිවරු අපේ රටේ ආණ්ඩුවේ බලය රැක ගැනිමට ඇමතිවරු.(නදී)
ඉෂ්වර්, මොකක්ද වෙලා තියෙන්නේ රටට, විනාසේ මිසක් වෙන දෙයක් ඉතුරු වෙලා තියෙනවද? (ස)
ඉන්දියාව ලංකාවට වැඩිය කොච්චර ලොකු රටක් උනත් ඇමති මණ්ඩලය අතින් අපට කිට්ටුවෙන්න වත් බැරි තරමට දෙවැනි වෙලා. දැන් තමිල්නාඩුවේ අය උද්ගෝෂණ කරයිද දන්නේ නැහැ ඇමති මණ්ඩලය වැඩි කරන්න කියල. අර අපේ කට්ටිය ලයිට් බිල වැඩිකලාට විරුද්ධ නැහැ කියල පෙළපාලි ගියා වගේ. පුදුමයි! මනමෝහන් සිං මහත්මය පලවෙනි පේලියේ වැඩිවෙලා ඉන්නවා. මම හිතුවේ එතුමා වෙලහකට හිරේ ඇති කියලයි.(නදී)
අපේ රටෙත් මෙහෙම වුනා නම් කොච්චර හොඳද.(නදී)
ලංකාව වගේ 60 ගුණයක් ලොකු රටකට මේ වගේ පුංචි ඇමති මණ්ඩලයක් මොනවා කරන්නද? අද ලංකාවේ දියුණුවේ රහස මේ තරම් දූෂිත ඇමති මණ්ඩලයක් ඉන්න එක කියලා ඉන්දියාව දන්නේ නැතිව ඇති (නදී)
අපේ ඇමති මණ්ඩලේ = ආසියාවේ ආශ්චර්ය (නදී)
ඇමති මණ්ඩලය කෙසේ වෙතත් අර පළා බබා ලාගෙන් නම් රටට වෙන සෙතක් නැහැ. වාර්තාවක් තිබුනා , රාජකාරි දවසකත් එලි වෙනකන් නිදා ගත්ත නවක මන්ත්‍රී තුමියකට දුරකතනයට සම්බන්ධ කර ගන්න බැරි වුන නිසා ඉහල තැනකින් හොඳටම දොස් ඇහුවා කියලා. මේ කෙනා ට ඡන්දෙ දුන්න උදවියත් තාම නිදි ඇති.(නදී)
අන්න ඕක තමයි ආසියාවේ ආස්චර්‍ය.(නදී)
මදි මදි හොදටම මදි .ලංකාවේ ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා (දිල්)
ලංකාවෙන් ඉගෙන ගන්න ගොඩක් පාඩම් තියෙනවා මොදිට. පළවෙනි එක ගිනේස් රෙකොර්ඩ් ඇමති මණ්ඩලේ, දෙක, තුන, හතර මේකේ ලියන්න ඉඩ නැහැ (අ)
මෙහෙනම් පරාජිතයන්ට ඔහොම ගරුත්වයෙන් ඔයවගේ උත්සවයකට සහබාගි වෙන්න පුළුවන් වේවිද? මෙලහකට අපේ රටේ නම් පරාජිතයා හිරේට අරගෙන, නැතිනම් පහර කාලා ඉස්පිරිතාලේ. ඉන්දියාව අපිට වැඩිය කොච්චර විනය ගරු රටක්ද? (නදී)
කාට හරි ලියන්න පුලුවන්ද ලංකාවේ ඉන්න ජේෂ්ඨ ඇමතිවරු, ඇමතිවරු, උප ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා මහා ඇමතිවරු, පළාත් සභා ඇමතිවරු, මෙකි නොකී ඇමතිවරු එකතුව කොච්චරද කියල. (අ)
ඉන්දියාවෙන් අපිට පාඩම් ගොඩක් ඉගෙනගන්න තියනවා (නදී)
එහේ එහෙම වුනාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ.(නදී)
සුනිල් ඇත්තමයි. අපේ රටේ පරාජිත නායකයින්ට තියා පරාජිත ඡන්ද දායකයින්ටත් ගෙදරකවත් ඉන්න බැහැ. මට මතකයි මා කුඩා කල අප්පච්චි අපිවත් අරන් රෑ එළිවෙනකන් කැලේ හැංගිලා හිටියා. කොහොම උනත් කමක් නැහැ මෝදි මහත්මයා අපේ රට ගැන අවබෝදයෙන් කටයුතු කරත්වා කියා මා පතනවා! (නදී)
සමහර වෙලාවට මම මගේ කටට ආ පලියට ඉන්දියාව අවතක්සේරු කරලා කතාකරලා තියෙනවා. නමුත් ඉන්දියාවෙන් අපිට ඉගෙනගන්න දහසකුත් දේවල් තියෙන බව මෙයින්ම ඔප්පු වෙනවා..මිලියන් 1270 ක අති විශාල ජනගහනයක්. එකිනෙකට වෙනස් භාෂා 57 ක් පමණ කතාකරන ප්‍රධාන ආගම් 8 ක් අදහන ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රට ස්වයං පෝෂිත රටක්. 1947 නිදහස ලබපු ඉන්දියාව 1948 සුපිරි නිදහසක් ලබපු අපේ රටට වඩා ගව් දහස් ගණනක් ඉදිරියෙන් ඉන්නවා කියලා මම කිවුවොත් බුද්ධිමත් ඔබ එකග නොවෙනවාද...? (නදී)
මෙන්න අවන්කවම රට ගැන හිතන මිනිස්සු ..ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (අ)
මිලියන 40 කට 1ක කැබිනට් අමාත්‍ය දුරයි.එතකොට අපේ රටේ මිලියන 21 කට ඇමති වරු කීයද (අ)
අහිංසා දන්නා තරම්.ඉන්දියාව ස්වයන්පොෂිත රටක්ලු...අහිංසා ඉන්දියාව ගැන අවශ්‍ය දේවල් දැනගෙන නැහැ..ඔය හින්දි චිත්‍රපටිවල පෙන්නන සුන්දරත්වය ඉන්දියාවේ නැහැ .අපේ රටේ බඩ ගින්නේ මැරෙන බඩ ගින්නට මඩ කන මිනිස්සු නැහැ...මැච් එක පරද වුණාම ගෙවල් ගිනිතියන ප්‍රේක්ෂකයෝ නැහැ.පාරවල් ටොයිලට් කර ගත්ත මිනිස්සු නැහැ..පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් සිය ගණන් දහස් ගණන් මිය යන අනාථවන ස්ත්‍රී දුෂණ වන ජාතිවාදී ආරවුල් නැහැ.අපේ රට මොනවා උනත් අපිට හොදයි ඉන්දියාවට වඩා සිය දහස් ගුණයක්..අපේ ඇමති මණ්ඩලය ගැන බය වෙන්න එපා..ඊළගට එන රජය ඒක ඉන්දියාවට වඩා අඩු කරයි.එතකන් ඉවසල ඉන්න..ඔයා ඉන්නේ ලංකාවේද කියන්නකෝ (අ)
අග්නිදිග ආසියානු කලාපයේ මහජන චන්දයෙන් තේරී පත්වුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයින් නියෝජනය කල මෙම දිවිරුම් දීමේ උත්සවය ඉතාමත් සුවිශේස අවස්ථාවක් ලෙස ඉතිහාස ගතවනු ඇති. මෙම නායකයන් අතරේ ක්‍රියාවෙන්ද,බලයෙන්ද, එමෙන්ම ආරෝහ පරිනාහ දේහ විලාසයෙන්ද අපේ ජනාධිපති තුමා කැපී පෙනීම සුවිශේසය. දෙරට අතර විදේශ සම්බන්ධ තාවය ගැන සැලකීමේදී ද දැන් විශේසත්වයක් ද පෙනේ. ඉන්දීය විදේශ ඇමතිනී ශුෂ්මා ස්වරාජ්ය. විදේශ ලේකම් සුජාතා සිං ය. ශ්‍රී ලංකා විදේශ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්නය. ත්‍රිත්වයම මාතාවන්ය. දෙරටේ විදේශ සම්බන්දතා කළමනාකරණයේ දී දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනාටත් අපේ විදේශ ඇමැතිතුමාටත් මේ ත්‍රිත්ව සුසංයෝගය බෙහෙවින්ම මහෝපකාරී වනවාට කිසිදු සැකයක් නොමැත.(නදී)
මේ අතර නව රජය යටතේ කැබිනට් අමාත්‍යවරුන් 23 දෙනෙක් ද ස්වාධීන කාර්ය අමාත්‍යවරු 10 දෙනෙක් හා කැබිනට් නොවන අමාත්‍යවරු 11 දෙනකු දිවුරුම් දීමට නියමිතය. (අ)
මදි, මදි හොඳටම මදි. ලංකාව වගේ 80 ගුණයක් විතර ලොකු රටක, ජනතාවත් ඒ වගේ ප්‍රමානයකින්ම වැඩි රටක ඇමති වරු 250 ක් වත් ඉන්න ඕනේ. (නදී)
"නරේන්ද්‍ර මෝදි පැවසුවේ තම කටයුතු තවත් විනිවිද ආකාරයෙන් පවත්වාගෙන යමින් ඉන්දියා ජනතාවට වඩාත් සමීප වන බවයි". (නදී)
අහිංසා හරි. ඉන්දියාව ආහාරවලින් 100% ස්ව්‍යන්පොෂිත රටක්. බෙහෙත්වලින් 100% සහ කර්මාන්තවලින් 100% ස්ව්‍යන්පොෂිතයි. එ්ක නිසා තම බිල් ක්ලින්ටන්ට සිද්දවුනේ ඉන්දියාවට දමාපු සම්බාදක ඉවත්කරගන්න. අපේ රටට එහෙම ලොකු සම්බාදකයක් දැම්මොතින් බලාගන්න පුළුවනි අපේ ස්ව්‍යන්පොසිත බව. (නදී)
මහවැලි හරියට හරි , නියම ජනතා නායකයන් අතරේ කවුද මේ කියල අපිත් බැලුවේ. (නදී)
අපට කියන්න තියන්නේ ජය පොඩියි ඇමති මණ්ඩලය ලොකුයි කියලා. (ස)
මෝදී ඉන්දියාවට ලොකු සේවයක් කරයි කියලා මට විස්වාශයි. විශේෂයෙන් ම ජාතියට තමන් ගේ ආගමට ! ඒ දේවල් එක්ක බලද්දී මෙහෙ වෙන දේවල් අදහන්නත් බෑ. (ස)
වැඩ බැරි මෝඩි කෙනෙක් වගේ. කෝ, සිනි වලට ඇමතිකෙනෙක් පත් කරලා නැහැනේ. (ස)
අැහැ ගහල බලන්න ඉන්දියාවේ මොනවද කරන්නේ කියල. කෝටි 100 ක් ඉන්න රටකට ඇමති වරු 50 ක් නැහැ. අහල තියෙනවද ඉන්දියාවේ විරුද්ධ පක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ අය විසින් පිස්තෝල අරන් පස්සෙන් පන්නනවා. අපේ රටේ වගේ විරුද්ධ පක්ෂයේ අයව බිලීබාගෙන ඇමතිකම් දෙනවද ඉන්දියාවේ. (ස)
තිලක් මහතාණෙනි ඊළඟට එන රජයට එක ඇමති කෙනෙක් ඇති මොකද අනිත් අයට කරන්නදෙයක් තවත් ඉතුරුවෙලා නැහැ රට වීනාසයි-ලන්ඩන් (ස)
මෝදි මහත්තයා ආදර්ශයක් දීල තියනව පුංචි ඇමති මංඩලයක් පත් කරගෙන. ශ්‍රී ලංකාව එතුමගෙන් මේ වෙලාවෙ ඉල්ලන්න ඕනෙ ඉන්දියාව අපට බලෙන් දීපු පළාත් සභා අහෝසි කරල අපේ පුංචි රටට මහ බරක් වෙච්ච ඒ උරචක්‍රමාලාවෙන් අපව මුදව ගන්න උදව් කරන්න කියලා. ඒ එක්කම ලංකාවෙ ඡන්දදායකයොත් ඉන්දියාව ආදර්ශෙට අරන් සන්ධාන ආණ්ඩු නොහදා තනි පක්‍ෂයක් බලයට ගේන්න උත්සහ කලොත් පුළුවන් වෙයි ඇමති මංඩලේ අඩු කරගන්න.(නදී)
අපටත් සිංහ රාජයෙක් ඕනේ. වංචා දුෂණයෙන් තොර. පිට පෙනුම නෙමෙයි වැදගත් ...ඇතුලාන්තය. (නදී)
තිලක් ඔයාගේ මොලය ටිකක් පරික්ෂා කරගන්න. (නදී)
කැබිනට් ඇමතිවරු 23 ද? ඉන්දියාව කොච්චර ලොකු රටක්ද-ඉතින් ඇයි අපිට වගේ හැටහුට හමාරක් ඇමතියන් නැත්තේ? ****ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. **** (නදී)
ඔවුන් සියල්ලන්ටම දුන්නේ ඉතා හොඳ ආදර්ශයක් (නි)
ලංකා තිලක් තරම් දේවල් දන්නා කෙනෙක් මේ ලෝකේ නැහැ. අනෙකුත් උදවිය මෝඩයෝ. කාන්තාවක් අදහසක් දැම්මොත් මුලග්ගාය හැදෙනවා. පිටරටක කෙනෙක් අදහසක් දැම්මොත් බෙරිහන් දෙනවා. අනුන්ගේ රටේ ස්ත්‍රී දුෂණ ගැන කතා කරන්නේ ඔබ අපේ රටේ එහෙම දෙයක් අහන්නවත් නැතුවා වගේ. බලාගෙන ඉන්න ඇමති මණ්ඩලේ පොඩි වෙනකන් (නදී)
හොඳ වෙලාවට අපේ විදේශ කටයුතු ඇමතිතුමා වෙන කෙනෙක්. ලංකා තිලක් වගේ කට කැඩිච්ච කතා කියන කෙනෙක් ඒ තනතුරේ හිටියානම් රටේම පටි රෝල්. (නදී)
අපිත් ඔවුන්ව ආදර්ශයට ගමුද? (නි)
අපේ සිය ගණනක් ඉන්නවා මදිවට තැනට සුදුසු අය කී දෙනෙක් ඉන්නවද? මම අහන්නේ එච්චරයි. අපරාදේ ජාතික ධනය, කාබාසිනියා වෙන හැටි. අපිට කොන්ද තියෙන, උගත්, දක්ෂ, ඇමතිවරු 10ක් හිටියා නම් හොදටම ඇති රට කරන්න.(නදී)
එක්කෙනෙක් කියනවා විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පමණක් රට දියුණු කරන්න බැරිලු. එ්ක නිසා ඇමති මණ්ඩලයත් අඩු කිරීමෙන් පමණක් රට දියුණු වෙන්නේ නෑ කියලා.(නදී)
අපිට හොඳ ආදර්ශයක්. මෙවැනි දේ අපි අගය කළ යුතුයි. (නි)
"කැබිනෙට් එක 23 යි මෙච්චර ලොකු රටක...එතකොට අපේ?" කැබිනට් එක ලොකුයි රට පුංච්යි. අපිත් මොකකින් හරි ලොකු වෙන්න එපායැ. කගේ කාගේත් පැවැත්ම හැබැයි ඔබෙයි මගෙයි නෙවෙයි.(නදී)
හමුදාපතිවරු සීරුවෙන් ඉන්න බව නම් පෙනෙනවා (නදී)
අපිටනම් තව ටික කලකින් අර සින්දුව කියන්න පුළුවන් [අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ (නදී)
අපි අපේ ඇමති මණ්ඩලේ පොඩි වෙනකම් බලාගෙන ඉමු. දැනටම ඉන්න හැමෝගෙම දූලා පුතාලා එකතු කරලා බැලුවාම ලංකාවෙන් එකයි. ඔය ටික එකතු කරලා ඉදිරියේ දී හදන කැබිනෙට් එක තියන්න වෙනම රටක් ඕන වේවි. (නදී)
ඉන්දීය අගමැතිතුමාට සහ නව රජයට සුබ පැතුම්. (නදී)
මම දකින්නේ මේක අනවශ්‍ය මහජන මුදල් නාස්ති කරන ලෝකෙට පරකාසේ පෙන්නන උත්සවයක් කියලා. දිව්රුම් දීමට මොකටද දකුණු ආසියාවේ සියලුම රාජ්‍ය නායකයන් ගෙන්න ගන්නේ? මේක චාම් විදියට තියල වැඩකරලා පෙන්නුවා නම් එච්චරයි. කොහොම උනත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට ආණ්ඩු මාරුවීම ගැන නම් ඉන්දියාව ප්‍රසංශාවට ලක් විය යුතුයි.(නදී)
ඉන්දීය මැතිවරණයෙන් අපට ගත හැකි අදර්ශ කීපයක් තිබේ. සාදාරනව ඡන්ද ගණන් කිරීම, විරුද්ද පක්ෂ අයගේ ගෙවල් ගිනි නොතැබීම, කුඩා කැබිනෙට් මණ්ඩලය (නදී)