IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජය පිරිතේ බලේ අලුත් අයි.ජී.පී. කියයි

නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ පාසෙල් දී උණුසුම් පිළිගැනීමකට ලක් විය.

ඒහින් උද්දාමයට පත්ව සිටි මේ අාදි ශිෂ්‍යයා මහනුවර ධර්මරාජයේ අාදී සිසුන්ට පරණ කතාවක් කීවේය.

තමා පොලිස්පති වීමේ රහස ඔවුන් සමග බෙදා හදාගත්තේය.

ඒදා උදෙන් නැගිට්ටත් ඔහුට ශාරීරික ව්‍යායාම් කිරීම අමතක වුනාලු.

අලුයම 3.30ට නින්දෙන් නැගිට ගත් ඔහු මල් වට්ටි 35 ක් පූජා කලාලු. ඉන් පසු පන්සලට ගියාලු. ජය පිරිත හා අට විසි පිරිත කීවාලු.

පසුගිය අප්‍රේල් 18 වැනිදා ඒ් පිරිත් කියා දෙවියන්ගේ බැල්ම ඉල්ලුවාලු.

උත්සවයට පැමිණසිටි අමුත්තන්ගේ සිනා මැද ඔහු කීවේ ඔහුට පොලිස්පති කම ලැබීමේ රහස ඒය බවයි.

ජයසුන්දරගේ සමීපතම ප්‍රතිවාදියා වූ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ ද දෙවිනුවර උපුල්වන් දෙවාෙල් දී අලුයම 4.30 ට ඒවැනි පූජාවක් කලාලු.



අදහස් (0)

ජය පිරිතේ බලේ අලුත් අයි.ජී.පී. කියයි

ඇන්ජලෝ Thursday, 12 May 2016 12:44 AM

තමාගේ ආගම අදහන එක හොඳයි. නමුත් වැඩි කයිවරු අනවශ්‍යයි. මේ වගේ නිලයකට පත්වූවිට ටිකක් වැදගත් වුණොත් හොඳයි (නි)

:       0       0

රත්නායක Thursday, 12 May 2016 12:54 AM

ලංකාවේ ඉන්න පොලිස් මහතුන් දැන් එකසිය ගානට ජය පිරිත කියනවා ඇති රැයක් දවාලක් නොබලා. මොකද ඒ මහතුන්ටත් ඉහළට යන්න ආශා ඇති (නි)

:       0       0

අනිල් Monday, 09 May 2016 09:44 AM

අපි උද්දාමයට පත් විය යුත්තේ තමාට ලැබුණු පට්ටම නිසා නොව තමාගේ නිවැරදි ක්‍රියා කලාපය නිසාවෙනුයි.(හේ)

:       0       0

අමල් Tuesday, 10 May 2016 10:33 AM

බුදුන් තුන් වරක් වැඩිය රට මේක... ආසියාවේ ආශ්චර්ය. (ර)

:       0       0

කොබේවත්ත සුනිල් Tuesday, 10 May 2016 04:22 AM

ධර්මේ රකින්න, දෙවියන් රැක ගනියි! ඔබට ජය පතමු! (ර)

:       0       0

ජනක Monday, 09 May 2016 05:17 AM

බුදු දහමේ තියෙන හැම වචනයකම, හැම ගතවකම, හැම පිරිතකම බලයක් තියෙනවා. නමුත් එක මේ අවට ගියාට අපේ හාමුදුරුවරු කියන්න සේ හැම දේටම, හැම තැනම කියලා වැඩක් වෙන්නේ නැහැ. පංච සීලයේ හරියටම පිහිටලා, පිරිසිදුව බුදු දහම පිලි පදින යට තමයි එය හරියටම බල දෙන්නේ.එහෙම නැත්නම් අපේ හාමුදුරු වරු පිරිත් කියල නුල් ගැටගහන තරමට ලක්ව යස ඉසුරු පිරිච්ච මිනිසුන් ඉන්න තැනක් වෙන්න ඕනේ.(හේ)

:       0       0

ජනක Monday, 09 May 2016 05:19 AM

ඕක තමයි කියන්නේ "ධර්මේ රකින්න, දෙවියන් රැක ගනියි (හේ)

:       0       0

ජයවික්‍රම Monday, 09 May 2016 05:39 AM

දවසේ පැය 24ම පිරිත් කියන, බණ කියන රටක් මේක. ඒත් අපාරාධවල අඩුවක් නෑ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 May 2016 06:43 AM

පිරිත් වල බලයක් ඇති යයි මම විශ්වාස කරන නමුත් රටක පොලිස්පති වැනි තනතුරක් දරන කෙනෙක් එය ලැබුනේ පිරිත් කියා මල්වට්ටි පුජා කර ලැබුණු දේවවරමකින් යයි කීම හාස්‍ය උපදවන්නකි. (ර)

:       0       0

නවරත්න Tuesday, 10 May 2016 02:55 PM

සමහර දුෂණ සහ චර්යාව පිළිබඳ චෝදනා ඇති ළඟදි පපුව පුම්බාගත් ආදී ධර්මරාජයෙක් ඔබත් සමග ඡායාරූප වලට බලෙන් රිංගන බව කවුරුත් දන්නවා. අහුවෙන්න එපා. (බ)

:       0       0

නිම්මි Monday, 09 May 2016 02:31 PM

අනේ අනිච්චේ දුක්ඛේ! දැන් මේ රටට මොනවා වෙලාද මන්ද? ජෝකර්ලා හැම තැනම. (බ)

:       0       0

ධර්මරාජා-නුවර Monday, 09 May 2016 07:43 AM

ඔබ පිරිසිදු වාර්තාවක් ඇති රාජ්‍ය නිලධාරියෙකි. දුෂිතයන් ලෙසින් හංවඩු ගැහෙන නිලධාරින් සමග එකට ඡයාරුපයකට වත් නොඉන්න වග බලාගන්නා මෙන් මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලමි. මොවුන් ආදී ධමරාජයන් වුවද කම් නැත. (ර)

:       0       0

චාන්දනී Wednesday, 11 May 2016 06:46 PM

ඔබතුමාගේ කතාව අගය කරනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 May 2016 04:36 PM

නිමල් රාජපක්ෂ, ඔබ එහෙම කිවුවට එතුමා කියන්නේ පිරිත් බලයට ලැබුනා කියලනේ. කව්ද හරි? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 08 May 2016 11:13 PM

පිරිත් කියන්නේ පුදුමාකාර හාස්කම් ඇති දෙයක් (නි)

:       0       0

ටිකිරි Monday, 09 May 2016 12:54 AM

අනේ ඉතින් එහෙම කියලා අපිට තියෙන සෙත මොකක්ද රටේ කුඩුකාරයො, කප්පම්කාරයො, වංචා, දුෂණ අඩු නොවුණොත්? එහෙම අඩුවක් කරලා වෙනසක් පෙන්නන්න. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 09 May 2016 07:49 PM

මෙය තමුන්ගේ දක්ෂතාවයට, උගත්කමට, කැපවීමට හා වාසනාවට ලැබුන තනතුරකි. ඔබට තනතුර අාභරණයක් නොවුණාට, තනතුරට ඔබ අාභරණයකි. ඔබට ජය පතමු! (නි)

:       0       0

බන්දුල Monday, 09 May 2016 01:26 AM

ඔබතුමා මෙහෙම කිවුව එක හොඳයි. අද කාලේ ළමයින්ගෙන් මේ දේවල් ඈත්වෙලා (නි)

:       0       0

සීලරත්න Wednesday, 11 May 2016 07:02 AM

මේවා අහන පොලිස් පොඩ්ඩෝ හොරු ඇල්ලීම පැත්තක තියලා උදේ හවස දෙයියන්ට මල්වට්ටි පුදන්න පටන් ගනියිද දන්නෙ නැහැ උසස්වීම් ලබාගන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 09 May 2016 01:27 AM

ධර්මරාජයේ ආදි සිසුන් පවා ඔබතුමා වෙනුවෙන් කැපවී කටයුතු කළ බව මමත් දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site