නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ පාසෙල් දී උණුසුම් පිළිගැනීමකට ලක් විය.
ඒහින් උද්දාමයට පත්ව සිටි මේ අාදි ශිෂ්‍යයා මහනුවර ධර්මරාජයේ අාදී සිසුන්ට පරණ කතාවක් කීවේය.
තමා පොලිස්පති වීමේ රහස ඔවුන් සමග බෙදා හදාගත්තේය.
ඒදා උදෙන් නැගිට්ටත් ඔහුට ශාරීරික ව්‍යායාම් කිරීම අමතක වුනාලු.
අලුයම 3.30ට නින්දෙන් නැගිට ගත් ඔහු මල් වට්ටි 35 ක් පූජා කලාලු. ඉන් පසු පන්සලට ගියාලු. ජය පිරිත හා අට විසි පිරිත කීවාලු.
පසුගිය අප්‍රේල් 18 වැනිදා ඒ් පිරිත් කියා දෙවියන්ගේ බැල්ම ඉල්ලුවාලු.
උත්සවයට පැමිණසිටි අමුත්තන්ගේ සිනා මැද ඔහු කීවේ ඔහුට පොලිස්පති කම ලැබීමේ රහස ඒය බවයි.
ජයසුන්දරගේ සමීපතම ප්‍රතිවාදියා වූ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ ද දෙවිනුවර උපුල්වන් දෙවාෙල් දී අලුයම 4.30 ට ඒවැනි පූජාවක් කලාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාගේ ආගම අදහන එක හොඳයි. නමුත් වැඩි කයිවරු අනවශ්‍යයි. මේ වගේ නිලයකට පත්වූවිට ටිකක් වැදගත් වුණොත් හොඳයි (නි)
ලංකාවේ ඉන්න පොලිස් මහතුන් දැන් එකසිය ගානට ජය පිරිත කියනවා ඇති රැයක් දවාලක් නොබලා. මොකද ඒ මහතුන්ටත් ඉහළට යන්න ආශා ඇති (නි)
අපි උද්දාමයට පත් විය යුත්තේ තමාට ලැබුණු පට්ටම නිසා නොව තමාගේ නිවැරදි ක්‍රියා කලාපය නිසාවෙනුයි.(හේ)
බුදුන් තුන් වරක් වැඩිය රට මේක... ආසියාවේ ආශ්චර්ය. (ර)
ධර්මේ රකින්න, දෙවියන් රැක ගනියි! ඔබට ජය පතමු! (ර)
බුදු දහමේ තියෙන හැම වචනයකම, හැම ගතවකම, හැම පිරිතකම බලයක් තියෙනවා. නමුත් එක මේ අවට ගියාට අපේ හාමුදුරුවරු කියන්න සේ හැම දේටම, හැම තැනම කියලා වැඩක් වෙන්නේ නැහැ. පංච සීලයේ හරියටම පිහිටලා, පිරිසිදුව බුදු දහම පිලි පදින යට තමයි එය හරියටම බල දෙන්නේ.එහෙම නැත්නම් අපේ හාමුදුරු වරු පිරිත් කියල නුල් ගැටගහන තරමට ලක්ව යස ඉසුරු පිරිච්ච මිනිසුන් ඉන්න තැනක් වෙන්න ඕනේ.(හේ)
ඕක තමයි කියන්නේ "ධර්මේ රකින්න, දෙවියන් රැක ගනියි (හේ)
දවසේ පැය 24ම පිරිත් කියන, බණ කියන රටක් මේක. ඒත් අපාරාධවල අඩුවක් නෑ. (බ)
පිරිත් වල බලයක් ඇති යයි මම විශ්වාස කරන නමුත් රටක පොලිස්පති වැනි තනතුරක් දරන කෙනෙක් එය ලැබුනේ පිරිත් කියා මල්වට්ටි පුජා කර ලැබුණු දේවවරමකින් යයි කීම හාස්‍ය උපදවන්නකි. (ර)
සමහර දුෂණ සහ චර්යාව පිළිබඳ චෝදනා ඇති ළඟදි පපුව පුම්බාගත් ආදී ධර්මරාජයෙක් ඔබත් සමග ඡායාරූප වලට බලෙන් රිංගන බව කවුරුත් දන්නවා. අහුවෙන්න එපා. (බ)
අනේ අනිච්චේ දුක්ඛේ! දැන් මේ රටට මොනවා වෙලාද මන්ද? ජෝකර්ලා හැම තැනම. (බ)
ඔබ පිරිසිදු වාර්තාවක් ඇති රාජ්‍ය නිලධාරියෙකි. දුෂිතයන් ලෙසින් හංවඩු ගැහෙන නිලධාරින් සමග එකට ඡයාරුපයකට වත් නොඉන්න වග බලාගන්නා මෙන් මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලමි. මොවුන් ආදී ධමරාජයන් වුවද කම් නැත. (ර)
ඔබතුමාගේ කතාව අගය කරනවා (නි)
නිමල් රාජපක්ෂ, ඔබ එහෙම කිවුවට එතුමා කියන්නේ පිරිත් බලයට ලැබුනා කියලනේ. කව්ද හරි? (නි)
පිරිත් කියන්නේ පුදුමාකාර හාස්කම් ඇති දෙයක් (නි)
අනේ ඉතින් එහෙම කියලා අපිට තියෙන සෙත මොකක්ද රටේ කුඩුකාරයො, කප්පම්කාරයො, වංචා, දුෂණ අඩු නොවුණොත්? එහෙම අඩුවක් කරලා වෙනසක් පෙන්නන්න. (නි)
මෙය තමුන්ගේ දක්ෂතාවයට, උගත්කමට, කැපවීමට හා වාසනාවට ලැබුන තනතුරකි. ඔබට තනතුර අාභරණයක් නොවුණාට, තනතුරට ඔබ අාභරණයකි. ඔබට ජය පතමු! (නි)
ඔබතුමා මෙහෙම කිවුව එක හොඳයි. අද කාලේ ළමයින්ගෙන් මේ දේවල් ඈත්වෙලා (නි)
මේවා අහන පොලිස් පොඩ්ඩෝ හොරු ඇල්ලීම පැත්තක තියලා උදේ හවස දෙයියන්ට මල්වට්ටි පුදන්න පටන් ගනියිද දන්නෙ නැහැ උසස්වීම් ලබාගන්න. (නි)
ධර්මරාජයේ ආදි සිසුන් පවා ඔබතුමා වෙනුවෙන් කැපවී කටයුතු කළ බව මමත් දන්නවා (නි)