ජගත් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරු පහ පසුවී මද වේලාවකට පසු විවෘත බස් රියකින් කටුනායක සිට මීගමු - කොළඹ මාර්ගය ඔස්සේ එද්දී මඟ දෙපස රැස්ව සිටි ජනයා ජාතික කොඩි වනමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.
(ගාලු මුවදොර පිටිය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(කොළඹ - සංජීව නිරෝෂණ)
(කටුනායක - ජාඇළ / ජයමාල් චන්ද්‍රසිරි)
(කටුනායක - කොළඹ /අශේන් සේනාරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලන් අමාරුවෙන් දිනා ගත්තු අවසන් තරගය යුවරාජ්ට ගහන්න බැරි උණු නිසා කියල අපහාසයට ලක් කරන්න එපා' එක හැමෝගෙම එකමුතුවෙන් කැපවීමෙන් සහ දක්ෂතාවෙන් දිනාගත්තේ (ස)
ගෆූර් මහත්මයාගේ අදහස් ඉතා අගනේය. මෙවැනි පුද්ගලයින් තමයි අද අපේ රටට අවැසි. ජය වේවා. (නදී)
නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී. මොකද මේ වෙලා තියෙන්නෙ අපේ අයට. ටිකක් හොඳට හිටියොත් තව ටිකකින් ගෝරි. මේ වෙලාවෙ අපි එකට එකතුවෙලා සතුට සමරමු. පස්සෙ බැරියැ ගෝරි දාගන්න. (ස)
ජය වේවා රටම දිනවූ වීර පුතුනි! (නි)
පාකිස්තානය ලෝක කුසලන දිනපු වෙලේ එහි නායකයා කළේ ඔවුන්ට ලබුණු තෑගී මුදලින් කොටසක් ආරෝග්‍ය ශාලාවක් හදන්න වැය කළා. එය මහා පිනක්. අපේ ක්‍රීඩකයන්ටත් එවැනි අදහසක් පහල වෙනවනම් කොතරම් වටිනවද?? අපේ කණ්ඩායමට සුබ පතමි. (ස)
ජය වේවා! ජය වේවා! අපේ වීරයන්ට ජය වේවා! (නි)
ඔබට මම ආදරෙයි මගේ ශ්‍රී ලංකා! (නි)
ජය ශ්‍රී , ශ්‍රී ලංකා! (නි)
රටටම කීර්තියක් ගෙන දුන් වීරෝධාර කොල්ලන්ට ජයවේවා! අපේ රටටත් මුළු මහත් ජනතාවටමත් ජයවේවා! (නි)
කොහොම හරි ලංකාවට ජයග්‍රහණය ගෙනදුන් ඔබට අපගේ ස්තූතිය! (නි)
අපේ වීරයන්ට මගේ සුභ පැතුම්! (නි)
1996 දී අප කණ්ඩායම විසින් දිනා ගන්නා ලද ලෝක කුසලානයට වඩා මේ ජග්‍රහණය විශාල වෙනසක් ඇතිකර තිබෙනවා. එදා අපි ජයගත් ජගත් කිරුල ත්‍රස්තවාදයට ගොදුරු වෙමින් තිබුණු යුගයක සමහර කොටස් අපෙන් වෙන්වී සිටියා. නමුත් දැන් අපි නිදහස් රාජ්‍යයක කිසිම ජීවිත තර්ජන නොමැතිව සමගියෙන් ජීවත් වීමට උත්සුක වන්නා වූ යුගයක්. සිංහල දමිල මුස්ලිම් සියලු ජාතීන් එක ධජයක් තුළ මෙම ජයග්‍රහණය භුක්ති විඳීමට ලැබීම මොනතරම් වාසනාවක්ද? මාගේ එක ඉල්ලීමක් තිබෙනවා. එනම් අපේ කණ්ඩායම උතුරටත් මෙම කුසලානය රැගෙන යා යුතුයි. එදා ඔවුන් එම ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරූ ආකාරය මාගේ මවිතයට කරුණක් වුණා. සංගා, මහේල හා මාලිංග අපේ රටට ලෝක කුසලානය පමණක් නොව ඒ සමගම සංහිදියාවත් රැගෙන ආවා. මෙවැනි ජයග්‍රහණයන් තව තවත් අපේ මාතෘ භූමියට ලැබේවා! සියලු ජාතීන් එකාමෙන් ජීවත් වීමේ වාසනාව අප සැමට හිමිවේවා! (නි)
ඔබට අපි සැමගේ සුභ පැතුම්! සැමට සුභ අනාගතයක්! (නි)
සියලුම දෙනාට උණුසුම් සුභ පැතුම්! (නි)
ෆස්රුල් ගෆූර්ගේ අදහසට දෙවරක් නොසිතා එකඟ වෙනවා. (නි)
අපේ හෘදයාංගම සුභ පැතුම් ඔබටයි! (නි)
උණුසුම් සුභ පැතුම්! (නි)
අපේ කොල්ලන්ට තව තව ශක්තිය වැඩි වේවා! (නි)
මෙම ජයග්‍රහණය නිසා ජාතීන් අතර එකමුතු බවකුත් ඇතිවුණා (නි)
අපේ රටේ ඉපදුන එක ගැන වඩාත්ම සතුටු වූ දවස් තුනක් මගේ ජීවිතයේ තියෙනවා.පළමුවැන්න 96 ලෝක කුසලානය දිනපු දවස ,දෙවැන්න ත්‍රස්තවාදය අවසන් කොට ජයග්‍රහණය කළ දවස, තුන්වැන්න මේ ලෝක කුසලානය.අපි කොයිතරම් බාධක අාවත් නැඟී සිටින්න පුළුවන් ජාතියක් (නි)
ෆස්රුල් ගෆූර්, ඔයාගේ අදහස රනින් ලියැවිය යුතු අදහසක් (නි)
අපි දුටුවා සෑම තරඟයකදීම මහේල හා සංගා දක්ෂ ලෙස කණ්ඩායම මෙහෙයවන ආකාරය (නි)
ඉන්දියානුවනි,ඔබගේ කණ්ඩායම පරාද වන අවස්ථාවේ ඔවුන් සමඟ සිටීමට ඔබට නොහැකි නම්, ඔවුන්ගේ ජයග්‍රහණයේදී ප්‍රීතිවීමටද ඔබට අයිතියක් නැත (නි)
මගේ සොයුරන්ට ජය ශ්‍රී! ඔබ තමයි අද සිටින ලෝක ශූරයෝ.අපිට ඔබ සැමදා වීරයෝයි (නි)
කවුරු මොනවා කිවුවත් මාලිංග තමයි විශිෂ්ට (නි)
අර පුංචි එකා හරිම ලස්සනයි (නි)
යුවරාජ් නොහිටින්න හීන් සීරුවේ ගෙදර එන්න තමා වෙන්නේ (නි)
විස්සි විස්ස අවසන් ලෝක කුසලානය දා... මාලිංග පෙරටුකොට පිටියට බැස ආ දා... ලක් දෙරණේ පුතුන් පෙළහර පාදා... කුසලානය දිනුවේ අපගේ සිත් පහදා.... දෑසට කදුළු ඉනුවේ දුකකට නෙමෙයි පුතේ... ඔල්වරසන් දුන්නේ හදවතේ සතුටටයි පුතේ... ජාතික ධජය ලෙළදෙනවා අද ඔබට පුතේ.... ලක් මෑණියොත් සුභ පතනවා අද ඔබට පුතේ... (නි)
අපේ වීරයන්ට ජය වේවා! (නි)
ඔබ සැමට සියලු දෙවි රැකවරණයි! (නි)
ජයවේවා ! ශ්‍රී ලංකා කණ්ඩායමටම ගෞරව කර අදහස් පළ කරන්න. සියලුම ක්‍රීඩකයන්ට ප්‍රශංශාව හිමි විය යූතූයි. (නි)
හැමෝම දක්ෂයෝ. හැමෝටම සියලු දෙවි රැකවරණ ලැබේවා! (නි)
ගෆුර් මහතා,වෙන කිසිවෙක්ට නොසිතුනු අදහසක් ඔබට සිතුනේ.මමත් එම අදහසට 1000% එකඟයි. (නි)
දැන් උදාවී ඇත්තේ ඔබගේ වාරයයි. සිංහයිනේ,නුඹට ජය! (නි)
පොදු අපේක්ෂකයාට අවංක දක්ෂ සංගක්කාරව පත් කළා නම් අපේ වාසනාව තමයි. (නි)
දැන් රට ගැන හිතලා වැඩට බැස්සොත් හොඳයි (නි)
ෆ්ස්රූල් ගෆුර්, ඔබගේ අදහස ඉතාම හොඳයි. මම එය අනුමත කරමි. අපේ සමගිය ලොවට පෙන්නමු. අපේ මවුබිමට ජය වේවා! සුභ අනාගතයක් වේවා! (නි)
ලබන අවුරුද්දේදී පැවැත්වෙන ලෝක කුසලානෙත් අපිටම ලැබේවා! (නි)
නායකයා වෙනස් කළ නිසා අපි ගොඩ ගියා. මේ වගේ දේශපාලනයටත් කළොත් මොකද වෙන්නෙ (නි)
ෆස්රූල් ගපූර් වෙත,මම නම් ඔය යෝජනාවට එකග නැහැ.පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මම කියන්නේ මොකක්ද කියලා. යාපනය කියන්නේ අපේම රටේ තව පෙදෙසක් විතරයි. කුසලානය උතුරට ගෙනයාම නිසා එයාලා තව කොන්වෙන්න පුළුවන්.මොකද රට බෙදිලා තිබුනා නම් එහෙම කමක් නැහැ.අනික යාපනයට ගෙනියනවා නම් රට වටේම ඉන්න මිනිසුන් තරඟය බැලුවා නේද? මම මේ ජාති ආගම් බේද ඇති කරන්න කියනවා නෙමෙයි. මම හරි සතුටු වුණා අපේ උතුරේ අය කණ්ඩායමට සුභ පතමින් තරගය නැරඹීම පිළිබඳව.මෙය රට වටේ යනගමන් යාපනයට ගියාට කමක් නැහැ.අපේ වීරයෝ මෙපමණ මහන්සි වෙලා ලබාගත් ජයෙනුත් වැඩක් නැති වෙනවා තනි මිනිහෙක් කට කැඩිච්ච කතාවක් කිව්වොත් (නි)
විජේ සිරිවර්දන, කට පරිස්සමින්. ඕකට තමයි කියන්නේ හැමදාම හොඳ කරනකොට එක දවසක් හොඳ නැති වෙනවා කියලා (නි)
අගය කළ යුතුයි අප සැවොම ෆස්රුල් ගෆූර්ගේ යෝජනාව සහ ඉල්ලීම (නි)
ජය වේවා! (නි)
අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්!කෝ ඉස්සර මාලිංගට බැනපු අය?? (නි)
ජය වේවා ශ්‍රී ලංකා! ශ්‍රී ලංකා! ශ්‍රී ලංකා! (නි)
නසාර්,ඔයා නම් සැබෑම ශ්‍රී ලාංකිකයෙක්. (නි)
ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මම දැන් නම් හදවතින්ම සතුටු වෙනවා (නි)
අපේ වීරයන්ට ජය වේවා! ඒ සමඟම මම ගෆූර්ගේ විශේෂ කියමනට එකඟ වෙනවා. එනම් අප මෙවර ලෝක කුසලාන සතුට අත් විඳින්නේ බෝම්බ පුපුරන්නේ නැති, යුද්ධයක් නැති නිදහස් රටක. ඒ ගෞරවය නියතවම පක්ෂ බේදයකින් තොරව මේ රටට නිදහස ලබාදුන් ගරු ජනාධිපතිතුමාට හිමි විය යුතු වෙනවා. ජයවේවා! (නි)
අපේ මිනිස්සුන්ට යුද්ධය අවසන් කළාට පස්සේ සන්තෝෂය සමරන්න ලැබුණ හොඳ වෙලාවක්. ලංකාවේ මේ වෙලාවේ හිටියා නම් මාත් ඔතන. (නි)
අපේ සිංහයින්ට උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබ සියළු දෙනාටම අපේ උණූසුම් සුභ පැතුම්! (නි)
ඇස් වලට කඳුළු උනන්නේ මේ වගේ අවස්ථාවල අපේ මිනිසුන්ගේ එකමුතුව දැක්කමයි. නැඟී සිටිය හැක එක්සත්වී බෙදී ගියොත් රට යයි සුන්වී පිබිදෙවු පිබිදෙවු! (නි)
අපේ වීරයන්ට මගේ සුභ පැතුම්! ලබන අවුරුද්දේදී පැවැත්වෙන ලෝක කුසලානෙත් කොහොමහරි ගන්න බලමු (නි)
මේ ජයග්‍රහණයට සුබ පැතුවත් මගේ අදහස මේ නායකත්වය වෙනස් නොකර ඉන්න තිබුණු දෙයක් වගයි.චන්දිමාල් නායකත්වය දැරුවත් අද ඔය ජයග්‍රහණය අපි ලබනවා.නායකයෙක් කියන්නේ දාම් ලෑල්ලේ දාම් ඉත්තෙක් වගේ එහෙට මෙහෙට අදින එකෙක් නෙමෙයි.නායකත්වයේ වෙනසක් කරනවා නම් ඒක තරගාවලියට කලින් හෝ පසුව කරන්න තිබුනා.මේකෙන් බිංදුවට බැස්සුවේ දක්ෂ තරුණ ක්‍රීඩකයෙකුගේ පෞරුෂය.චන්දිමාල් පිටතින් හිනා වුණාට ඔහුත් මනුස්සයෙක්.ඔහුගේ හදවත අඩන හැටි මේ උද්දාම වෙලා ඉන්න අයට නොඇහුණත් මට හොඳට ඇහෙනවා.පිට පිටම තරඟ පහක් අසාර්ථක වෙලා සංගක්කාර අවසාන තරගයේ වීරයා වුණා. චන්දිමාල්ට පිත්ත අතට ගන්න වුණේ එක තරඟයකට විතරයි.ඔහු අසාර්ථක ක්‍රීඩකයෙක් වුණේ කොහොමද එක තරඟයකින් කියන එකයි මගේ ප්‍රශ්නය. මාවන් අතපත්තුටත් මෙහෙම දෙයක් වුණා.නමුත් ඒ ඔහුගේ අසනීප තත්ත්වයක් නිසා. මුළු කණ්ඩායමෙන්ම වුණ වරදක් නිසා චන්දිමාල්ට එළියේ ඉන්න වුණා.චන්දිමාල් කැමැත්තෙන් මේ තීරණය ගත්තා කියලා තේරීම් මණ්ඩලය කියනවා නම් ඒක ලොකු බොරුවක් මවාපෑමක් විතරයි.චන්දිමාල් නෙමෙයි කවුරු නායකකමේ හිටියත් මේ ක්‍රියාව නොවිය යුතු ක්‍රියාවක් මගේ අදහසේ හැටියට (නි)
මාගේ අදහසින් වැරදි අවබෝධයක් ඇති වුණ අය වෙත: මා ලියා තිබෙන්නේ "අපේ කණ්ඩායම උතුරටත් මෙම කුසලානය රැගෙන යා යුතුයි' එයින් කියවෙන්නේ කොළඹට පමණක් සීමා නොවුණු ලංකාවේ අනෙක් පළාත් වලටත් රථ පෙළපාලි මඟින් මෙම කුසලානය රැගෙන යා යුතු බවයි. එය එසේ නොවුණා නම් නුවර අපට වගේ අනෙක් අයටත් යම්කිසි අසාධාරණයක් ඇතිවිය හැකියි. ඒ වගේම උතුරේ ජනතාව මොනතරම් උද්යෝගයෙන් මෙම තරගය නැරඹුවාද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. ඒ උද්යෝගයට අපි යම්කිසි සාධාරණයක් ඉෂ්ට කළ යුතුය යනු මාගේ අදහසයි. (නි)
සියලු බාධක මැඩ ජයග්‍රහණය කළ ඔබ සැමට උණුසුම් සුභ පැතුම්! සියලු දෙවි රැකවරණයි (නි)
මට නම් සතුට දරාගන්න අමාරුයි (නි)
ගොරහැඩි රිදුම් දෙන ලෙදර් පන්දුවෙන් , ජනහද සිත් එකලු කර මටසිලිටු කරන්නට හැකිවීමත් ආශ්චර්යයක් (නි).
කොහොමද අපේ සිංහයන්ගේ වැඩ? 2014 වර්ෂයේ බංගලාදේශයේ පැවති තරඟ අපි ජයගෙන කුසලාන සියල්ලම පාහේ දිනාගන්න ලැබීම මොනතරම් වාසනාවක්ද? මේ ස්වර්ණමය අවස්ථාව ලැබීම ගැන අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ආඩම්බර විය යුතුයි. (නි)
වාද විවාද වලින් වැඩක් නැහැ.සියලු ශ්‍රී ලාංකිකයන් මේ ජයග්‍රහණය බුක්ති විදිය යූතූයි.ජය වේවා ශ්‍රී ලංකා! (නි)
ෆස්රුල් ගපූර්, ඔබගේ නිහතමානී ප්‍රකාශයට ස්තුතියි! කුමන හෝ ආගමකට අයිති වුණත් එකම රටක වැසියන් වශයෙන් ජයග්‍රහණය විඳීම සතුටට කරුණකි. හැම අවශ්‍යතාවයකදීම මෙලෙස සහයෝගයෙන් සිටින්නේ නම් කොතරම් අගනේද? (නි)
ඇත්තෙන්ම හරිම ආඩම්බරයි.වැජඹේවා ලක් මෑණි අපේ! ඔබ සැමට සියලු දෙවි රැකවරණයි! (නි)
වැජඹේවා ලක් මෑණි මගේ! (නි)
විජේ සිරිවර්ධන, මොනවද මේ ඔබ කියන්නේ. ඔබ මහන්සි වෙලා විභාගයක් පාස් කළොත් , ප්‍රශ්න පත්‍රය පහසු නිසා ඔබ පාස් වුණා කියලා මිනිස්සු කියනවට කැමතිද? (නි)
අපේ සිංහලුන්ට ජයවේව (දී)
සන්තොස් කියා ගන්න බැහැ ඇත්තමයි (දී)
ජාති බේද අයින් කරලා අපි වීර කොලන්ලන්ගේ ජයග්‍රහණයේ ජයපැන් බොමු. මෙන්න ජාතික සමගිය. (දී)
කොල්ලනේ අපේ මේ කට්ටියත් එක්ක රට වටේම යන්න මුස්ලිම් ටැමිල් සිංහල ඔක්කොගේම ආශාව මේක (දී)
දියුණු රටවල් වල නොයෙක් කෙනෙහිලි මැද,නින්දා අපහාස ලැබෙන අපේ රටට ,ලෝක කුසලානය දිනාදීමෙන්, අපේ ක්‍රිකට් කණ්ඩායම රටට කල මෙහෙය මිල කල නොහැකියි. ශ්‍රී ලංකා නාමය ලෝකයේ අවධානයට ලක්වීම රටට ඉතාම වාසිදායකයි.ක්‍රිකට් තරු, ඉදිරියට තව තවත් බැබලේවා කියා ආශිර්වාද කරමි. (දී)
කියන්න බැරි තරම් සතුටුයි ජාතක ගිය කියූ හැම දවසකම ඇස් වලට කඳුළු ඉනුවා අපේකමට ජයශ්‍රී විරයිනි (දී)
කියා ගන්න බැරි සතුටක් හා අභිමානයක් දැනෙනවා (දී)
ඉස්සර මාලිංගට බැනපු අයට මොකද කියන්න තියෙන්නේ දැන් !!!! (දී)
ඇත්තටම විජේසිරිවර්දන ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද? මොනවද මේ ඔබ කියන කට කැඩිච්ච කතාව. යුවරාජ් තියා, කවුරු හිටියත් අපි දිනනවා දිනනවාමයි !!!! . (දී)
මිනිස්සුන්ගේ තියෙන අනුවන මතයක් තමයි ඒ කට්ටිය ක්‍රිකට් ගැහුවට අපිට සල්ලි හම්බෙනවද, අඩු තරමේ අපේ විදුලි බිලවත් ගෙවනවද කියලා. මම කාරුණිකව ඉල්ලනවා ඒ කතාවනම් කියන්න එපා මිට පස්සේ (දී)
ෆස්රුල් ගෆුර්, ඔබේ අදහස ඉතාමත් අගය කළ යුතුයි. උතුරේ ජනතාවත් මේ ජයග්‍රහණයේ කොටස්කරුවන්. ගෆුර්ගේ අදහසට විරුද්ධව මේකේ අදහස් දක්වා තිබෙන අය උතුරේ ඉපදුනා නම් කියයි සිංහලයෝ ජාතිවාදීන්, අපිත් ශ්‍රී ලාංකිකයෝ, අපිට කුසලානේ බලන්න අයිතියක් නැද්ද කියලා. ඔය මෝඩ ආකල්ප නිසා මේ රට අවුරුදු සිය ගණනක් ආපස්සට ගියා. දැන්වත් මනුස්සකමින් අනිත් අය ගැන හිතන්න. මුළු රටම ජාති ආගම් භේදයක් නැතුව සතුටු වෙන වෙලාවේ ඒ අහිංසක මිනිස්සුන්ගේ හිත්වල ගිනි අවුලන්න එපා (නි)
නොනැවතී ඉදිරියටම යමු (නි)
අපිට හැම තිස්සෙම රිද්දන්න බලාගෙන ඉන්න අපේ ලොකු අයියාට අපේ කොල්ලෝ රිද්දුවේ නැවත පාඩම් ඉගෙන ගන්න කියලයි. උතුරේ දකුණේ හැම දෙනාම එක වගේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය අගය කළා. තවත් ජාතික සංහිදියාව , බල බෙදීම්, දෙමළ ප්‍රශ්න කියලා අපිව රිද්දන්න එපා. (නි)
බන්දුල මහත්තයෝ, චන්දිමාල් අපට සිටින හොඳ අනාගතයක් ඇති ක්‍රීඩකයෙක් බව ඇත්ත. නමුත්, ඔහු නායකයා නොවුණා නම් කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. මන්ද, ඔහු ලකුණු අතර නොසිටි නිසා. තරඟ 26දී සාමාන්‍ය 13.30. සංගක්කාර අපට සිටින වඩාත්ම පළපුරුදු පිතිකරුවා. ඒ බව ඔහු මොනවට විදහා දැක්වුවා අවසාන තරඟයේදී. වඩා වැදගත් වන්නේ කණ්ඩායම් හැඟීමයි. චන්දිමාල් එය බාරගැනීමට තරම් නිහතමානී වුණා. (නි)
බන්දුල පෙරේරා ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. (නදී)
ජය වේවා ශ්‍රී ලංකා!
බන්දුල පෙරේරා ඔයා ක්‍රිකට් ගැන දන්නෙ නැත්නම් කතා නොකර ඉන්න. ඔය දේශපාලනයෙදි ඡන්දෙට අපේක්ෂකයො දානවා වගෙ ක්‍රිකට් ටීම් හදන්න බෑ. චන්දිමාල් නැතිවු දවසෙ එයා වෙනුවට දාපු කෙනා තමයි හොඳටම සෙල්ලම් කළේ. ඒ නිසයි එයාට තීරණයක් ගන්න වුනේ.. (ස)
ෆස්රුල් ගෆූර්, මගේ දෑතම ඔසවල ඔයාගේ අදහස අනුමත කරනවා. නසාර්, ගෆූර් කිව්වේ උතුරට ගෙනියන්න කියල මිසක් උඩින් ගෙනියන්න නොවෙයි. කොහොමද යාපනයට කෑගල්ල, කුරුණෑගල නුවර, මාතලේ කැකිරාව, අනුරාධපුරය හරහා ගියොත්. පාසල් නිවාඩු කාලේ එක සතියක් රට වටේ ගියොත්?.ක්‍රීඩකයෝ මාස ගණනක් තමන්ගේ පවුල් වලින් ඈත වෙලා මන්හසිවෙලා හිටියත්. රට වටේ ගියොත් ලැබෙන උණුසුම් ප්‍රතිචාර ඒ සියල්ල නිවා දමයි. 08/4-- 20.50 අදහස් දමපු ටෙනිසන් මහත්තයෝ ඔන්න මම කොටසක් එල්ල ගත්ත කරුණාකරලා ඒක ඔයාගේ නමට අමුණගන්න එපා. (ස)
අපේ ක්‍රීඩකයින් ඉතාමත් අගනේය. ඒ වගේම අපේ බොහෝ ජනතාවත් කොමෙන්ට්ස් දමන අයත් හුඟක් ආදරය සහ මනුස්සකම ඇති අය කියා දැනුනා. මෙවන් රටක ඔබලා සමග ජීවත් වීමට ලැබීම වාසනාවකි. තව බොහෝ ජයග්‍රහණ ලැබේවා කියා පතමි.(නදී)
ටෙනිසන්- මොරටුව, ඔබගෙ අදහසත් නියමයි. අපිත් ආසයි අපේ ක්‍රිකට් තරු අපේ ගමටත් එනවට.ඔවුන්ව සුහදව පිළිගන්න.අනේ දකුණයටත් එනවනම් කොච්චර දෙයක්ද? අපේ විරුවන්ට ජය. (ස)
අපේ සිංහ පැටවු අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොච්චර දෙයක් කරල තියෙනවද? ඔවුන් ඊයෙ දවසම අපි වෙනුවෙන් වෙන් කරල තිබුණා. ඒක කොච්චර දෙයක්ද? අපේ කණ්ඩායමේ සියලුම දෙනාට බුදු සරණයි. (ස)
ජය වේවා අපේ කොල්ලන්ට......... හැබැයි මේකේ සංවිධානය නම් අඩුයි. බස් එකේ අපේ ජාතික කොඩියක් ගහලවත් නෑ. අනික මුලින්ම ජාතික අභිමානී ගීයක් ගැහුවා නම් කොයි තරම් හොඳද? දෙවැනියට ඉන්දියන් කාරයන්ගේ ගීතයක්. ඇයි අපිට බැරි අපේ දේ අගය කරන්න. අපේ රට පිට රට එවුන්ට පේන්නේ ඉන්දියාවේ කොළණියක් වගෙයි.. (ස)
බන්දුල පෙරේරා, දන්නෙ නැත්නම් දැනගන්න. මැච් එකක් බලපු කෙනෙක්ගෙන් අහගන්න. මුලු තරඟාවලිය පුරා සියලුම ක්‍රිඩකයන් ජයග්‍රහණයට දායක වුණා. එක තරඟයක් ක්‍රිඩා කළ සික්කුගෙ පවා. (ස)
නියමයි. ජය වේවා. අපිට එන්න බැරිවුණා අපේ විරුවො සියැසින්ම බලන්න.ඒත් අපි රූපවාහිනියෙන් දැක්කා ඔවුන්ව. අපේ මාධ්‍ය ආයතන වලටත් ස්තූතියි.අපිට ඒ අවස්ථාව උදාකර දීම ගැන. (ස)
කුසලානය උතුර විතරක් නෙවෙයි රට වටේම අරන් යන්න ඕන. අපේ පොඩි වුන්ට කියල දෙන්න ඕන අධිෂ්ටානය තියනවා නම් ලබාගත නොහැකි දෙයක් නෑ කියා. අද කන්ඩායමෙ නායකයා දකුණේ. උතුරෙනුත්, නැගෙනහිරිනුත් ජාතික කණ්ඩායමට දක්ෂයින් බිහි කරන්න. ඒක තමයි වැදගත්ම දේ.. (ස)
නිලන්තිගෙ කතාව ඇත්ත. අපේ කොල්ලො වැස්සෙම අපි වෙනුවෙන් ඔවුන්ගෙ කාලය වෙන්කරා. ඔවුන්ගෙ නිහතමානීකම සියලු දෙනාටම ආදර්ශයක්. මේවා දැක්කම අපිට මාර සතුටක් එන්නෙ. ලංකා මවගේ සිංහ පැටව් ලොවටම ආඩම්බරයක්. ජය වේවා. (ස)
මේක චන්දිමාල් වෙනුවෙන් කරන කියන දෙයක් නෙමෙයි රකිත මහත්තයෝ..නායකත්වයේ ඉන්න ඕනෑම කෙනෙක් වෙනුවෙන් කරන සාධාරණය ඉල්ලීමක්..කණ්ඩායම් හැගීමක් තිබුණා නම් පිට පිටම තරඟ අසාර්ථක වෙද්දී සංගක්කාරට එම තීරණය ගන්න තිබුණා..චන්දිමාල් අති දක්ෂ කඩුළු රකින්නෙක්.සංගක්කාරගෙන් පස්සේ කඩුල්ල අයිති වෙන්නේ ඔහුට. එහෙම නැත්නම් කුසල් හිටියා. බටහිර ඉන්දීය කොදෙව් තරගය දිගටම පැවත්වුවා නම් සමහර විට අපි එළියට විසි වෙන්නත් තිබුණා. කුසල්ගේ දැවී යාමෙන් පස්සේ පරිනත ක්‍රීඩකයින්ගේ අපරනිත දුවද්දී දැවී යාමත් ඒ සමගම වුණු සංගක්කාරගේ දැවී යාමත් නිසා වුනු කඩා වැටීම පසු පෙළ ක්‍රීඩකයින් නිසා යම් තරමකින් ගොඩ ආවත් කොදෙව්වන් එම ලකුණු ප්‍රමාණය හඹා යන්න ඉඩ තිබුණ වර්ෂාව නොවෙන්න..වාසනාව එදා අපේ අතේ තිබුණ සාමි කිව්වා වගේ..මේ තරගාවලියේදී සෑම තරගයක්ම තීරණාත්මක තරග ..නවසීලන්තය සමග පවතී තරගය විතරක් නෙමෙයි තීරණාත්මක.එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් ලකුණු 190 ආරක්ෂා කර ගන්න බැරි උනෙත් අපි ඔය අගය කරන පන්දු යවන්නන්ටම තමයි.ක්‍රීඩාව කියන්නේ ඒකයි.සිතු දේ නොම වෙන්නත් නොසිතුදේම සිදුවෙන්නත් පුළුවන් ..වැදගත් වෙන්නේ මේ ක්‍රීඩාවේ තියෙන මහත්මා ගතිය අවබෝධ කර ගැනීම ජයග්‍රහණයටත් වඩා. (ස)
දැන් ඉතින් බේද බින්න ඇතිකරපල්ලා. (නදී)
මම නම් හිතන්නේ රට පුරාම සමරු උත්සව සංවිධානය කරලා අපේ ක්‍රීඩකයන්ව අගය කළ යුතුයි. ඒ වගේම ඒ උත්සව වල මෙම කුසලානය ප්‍රදර්ශනය කර අපේ අනිත් පළාත් වල ඉන්න මිනිසුන්ට එය දැක බලා ගැනීමේ වරම් ලබා දිය යුතුයි. (ස)
අපේ සිංහ පැටවුන්ට ජය වේවා. 2015 කප් එකත් ලංකාවට ගේන්න ශක්තිය ලැබේවා !!!! (ස)
නියමයි! (නදී)
අපේ සිංහ පැටව් කොහොමත් දක්ෂයි. ඒක ආයෙත් ඔප්පු කරල පෙන්නලා තියෙනවා ලෝකෙටම. දක්ෂකමයි, කැපවීමයි, උනන්දුවයි තියෙනවනම් ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. සැරදේ ලක් මෑණියනි. (ස)
චන්දිමාල්ගේ ඉවත්වීමත් තිරිමාන්නගේ පැමිණීමත් දෙකම සිදුවුනේ ලංකාවේ කණ්ඩායමේ යහපත පිණිස බව තේරුම් ගන්න. අපට අවශ්‍ය උනේ මීට පෙර පස් වතාවක් කුසලානය අත ලගටම ඇවිත් ගන්න බැරි උන එකේ ආයෙත් එම තත්වයට පත් නොවීමට වග බලා ගැනීමයි. අපේ සියලු ක්‍රීඩකයෝ සියලු කැපවීම් කර එය කළා. අන්තිමේ අපි කුසලානය ගත්තා. දැන් මොනවද මේ දොඩවන විකාර කතා. රටක් දිනවපු ක්‍රීඩකයන් වෙනුවෙන් අපේ උපහාරය පුදනු හැර අපට කල හැකි වෙනත් කිසිවක් තවත් ඉතිරිවී නැත. නං දෙඩවීම් පසෙකලා එය ඉටු කරන්න මහත්මාවරුනේ.(නදී)
ෆාතිමා කියන කතාව ඇත්ත. පාරක් දෙපාරක් අසාර්ථක වුණාම බණින එක නෙවෙයි වැදගත්. ඒ ක්‍රීඩකයාගේ දුර්වලකම් හදාගෙන ඉදිරියට එන්න වචනෙකින් හරි ශක්තියක් වෙන එක කියලා මම හිතන්නෙ.හැමදාම සාර්ථක වෙන්නත් බෑ. අසාර්ථක වෙන්නත් බෑ. (ස)
මමත් කියන්නේ ඒකම තමයි, බන්දුල මහත්තයෝ. චන්දිමාල් පමණක් නොවේ වෙන ඕනෑම නායකයෙක් වුණත් කණ්ඩායම වෙනුවෙන් කැප කිරීම් සිදු කළ යුතුයි. තීරණය ගැනීම සිදු කරන්නේ තේරීම් කමිටුව. එම තීරණයට ක්‍රීඩකයන් හිස නැමිය යුතුය. එංගලන්තය සමග තරඟයේදී නායකත්වය දැරුවේ කවුද? පන්දු යවන්නන් මෙහෙය වීම සහ පන්දු රකින්නන් රැඳවීම තරඟයක ජයග්‍රහණයට බලපානු බව ඔබ නොදන්නවා යැයි නොසිතමි. සංගක්කාර ක්‍රීඩා නොකර චන්දිමාල් අවසාන තරඟය ක්‍රීඩා කළා නම් අපට කුසලානය අහිමි වෙන්නත් තිබුණා. සංගා පෙර තරඟ වලදී අසාර්ථක වූ බව ඇත්ත. නමුත්, ඔබට ආසියානු කුසලානය ලබා ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය ඔබට අමතකද? චන්දිමාල් තවම පරිණත වී නැත. ඔහුට සංගාගේ තැන ගැනීමට තව බොහෝ කල් ක්‍රීඩා කළ යුතුය. කොදෙව් තරඟය නතර කරනවිට ඔවුන්ට පන්දු 37කදි ලකුණු 81 ලබා ගැනීමට තිබිණ. මෙය ඉතාම අසීරු ඉලක්කයක් බව ඒ අවස්ථාවේ මාලන් සැමුවෙල් ක්‍රීඩා කළ අයුරු බලා සිටි ඕනෑම කෙනෙකුට පෙනේ. අවසාන වශයෙන් ඔබට මතකද වරක් ලෝර්ඩ්ස් වල චන්දිමාල්ට ශතකය ලබා ගැනීමට මැතිව්ස් එක පැත්තකින් තට්ටු දැම්මා. (ස)
ජය වේවා ශ්‍රී ලංකා! (ස)
අපේ කොල්ලො මෙහෙම දකිද්දි මාර අභිමානයක් අපේ හිතට එන්නෙ. අනේ අපේ පළාත්වලටත් මොවුන්ව කැදවගෙන එන්න.අපිට සියැසින්ම දැකගන්න ආසයි. (ස)
මම නම් කොහොමත් දැනගෙන හිටියා මේ පාර අපේ කොල්ලො ටික කප් එක උස්සනවා කියලා. අපේ රටේ වාසනාවට පහල වුණු කොල්ලන්ට සුභ පැතුම්. (ස)
මේක එකමුතුවෙලා සමගියෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්. කණ්ඩායමක් හැටියට වැඩ කළාම ඕන දෙයක් පහසුවෙන් ජයගන්න පුළුවන්. මුළු කණ්ඩායමටම තෙරුවන් සරණයි. (ස)
කාරුණික ඉල්ලීමක් ! දැන් මේ සතුටු දායක මොහොතේ , ජයග්‍රහණය ලැබුවේ කොහොමද එහෙම නොවුනොත් මොකද වෙන්න තිබුනේ, අහවලා ක්‍රීඩා කළා නම් ආදී වශයෙන් අනවශ්‍ය මතබේද ඇති කරගැන්නවාට වඩා , සාමකාමීව ලැබුන ප්‍රීතිය බෙදා හදා ගැනීම වැදගත් නේද ? (නදී)
ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට ජය වේවා! (ස)
අපේ වීර සිංහ පැටවුන්ට ජාතියේම ප්‍රණාමය පුදකරනවා. ජය වේවා. (ස)
චාන්දනීගේ කතාවට මමත් එකඟයි. මෙතන බැන බැන ඉන්නවට වඩා සතුට සමරන එකයි වැදගත්.මොකද අපි පිට්ටනියට ගිහින් සෙල්ලම් කරන්නෙ නෑනෙ. ඒකෙ අමාරුව දන්නෙ අපේ ක්‍රීඩකයො විතරයි.අපිට පුළුවන් රූපවාහිනිය ඉදිරියේ ඉදගෙන ඔවුන්ට බනින්න.ඒත් සෙල්ලම් කරන්න ගිහාම අපි හිතන තරම් ලේසි නැතුව ඇති. (ස)
ගෆුර් මහත්මයාණෙනි, ඔබ තුමාගේ අදහස් වලට ජය වේවා !! අපේ ලක් වීරයන් කුසලානය ජයගත් සතුට හා සමාන සතුටක් මගේ සිතට ඔබ තුමාගේ අදහස් කියවීමෙන් ලැබුවෙමි. (ස)
කප් එක දින්නට පස්සේ ඇවරිය දාගෙන ඉන්න අපේ පාලක මණ්ඩලයේ කට්ටියට දැන්වත් අපේ කොල්ලන්ගේ අගේ තේරුණොත් හොඳයි. කොච්චර අසාධාරන කම් කළත් අපේ කොල්ලෝ බැට් එකෙන් ඒ තීරණය වැරදි කියල ඔප්පු කළා.දැන්වත් මේගොල්ලොන්ගේ මැටි මොළ පාදුනොත් ලොකු දෙයක්.අපේ කොල්ලන්ට ජය ශ්‍රී... (ස)
චාන්දනී මහත්මිය කියන දේ හරි. මෙච්චර අමාරුවෙන් අවුරුදු 18 ක් බලාගෙන ඉඳල ලෝක කුසලානයක් ලැබුණා. ඒකේ සතුට බෙදා ගන්නවා වෙනුවට මෙතන ක්‍රීඩකයන්එව විශ්ලේෂණය කරනවා. ලෝක කුසලානය දිනා ගත්තට වඩා ක්‍රීඩකයින් විවේචනය කිරීම වැදගත් ද ? (ස)
අනේ මේ බන්දුල පෙරේරා කියන කෙනා දන්නා දේකුත් නැහැ නොදන්නා දේකුත් නැහැ .හැම දේටම කට දානවා මහා පණ්ඩිත ක් වගේ. (ස)
ගෆුර් මහත්තයගෙ කියමන විශිෂ්ටයි. ඔබතුමාගේ අදහස් වලට මම හිස නමා ආචාර කරනවා. අපේ රටටත් ඕන ඔබ වැනි පුද්ගලයන් තමයි. (ස)
අපේ කොල්ලෝ දිනුවා. සන්තොසය නිම කරන්න බැහැ. 20/20 දිනුවා. යුද්ධය දිනුවා ඡන්දය දිනුවා, ජිනිවා පැරදුනත් ඉදිරියේදී එකත් දිනනවා.පිල්ලේ නෝනා දැන් සිරියාවට හැරිලා. එයාට වැඩ වරදින්නේ ඉදිරියට.අන්න ඒ වෙලාවට ස්වභාව ධර්මයා ශ්‍රී ලංකාව ජය ගෙන එනවා.ඊළඟට 2015 වර්ල්ඩ් කප් අපේ කොල්ලෝ අරගෙන එනවා. ජයවේවා. (ස)
එල.... තව කටුනායක පොටෝස් ටිකක් දාන්නකො. (ස)
මල් මාලා දමා පිළිගනිමු අපේ වීරයෝ.. ජය ශ්‍රී...... (ස)
අනේ මේ බන්දුල පෙරේරා කියන කෙනා දන්නා දේකුත් නැහැ නොදන්නා දේකුත් නැහැ .හැම දේටම කට දානවා මහා පණ්ඩිතක් වගේ. ෆස්රුල් ගෆූර්, මගේ දෑතම ඔසවල ඔයාගේ අදහස අනුමත කරනවා. (ස)
චාන්දනී මහත්මියගෙ අදහසට මමත් එකඟයි. මේ වෙලාවේ අපේ විරුවන්ට සුබ පැතීමයි කළ යුත්තෙ. (ස)
චාන්දනී, කිව්වා වගේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේ සතුටු වෙන්න ලැබුණ අවස්ථාවේ සතුටු වෙමු. හැමදාම මෙහෙම සතුටක් ලැබෙන්නේ නැහැ. චන්දිමාල් ක්‍රීඩා කළාද, මාලිංග නායකයා වුනේ කොහොමද එහෙම නැතිනම් යුවරාජ් ගෙදරට ගල් ගැහුවේ කවුද කියලා කල්පනා කර කර ඉන්න ගියොත් ඊළඟ ලෝක කුසලානය වෙනකම් වාද කර කර තමා ඉන්න වෙන්නේ. (ස)
අපේ සිංහ පැටව් දැම්ම ඉඳන් වැඩට බැස්සොත් 2015 කප් එකත් ලංකාවට ගේන්න පුළුවන් වෙයි. ඔවුන් එයට ශක්තිය ලැබෙන්න කියල මම මගේ මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා. අපේ කොල්ලන්ට ජය වේවා. (ස)
ගොඩක් කාලයකින් හොඳ අදහස් ටිකක් දැක්කා. අපි කොච්චර එකමුතු ජාතියක්ද කියල හිතෙන්නේ දැන් තමයි. ලංකාවේ සිංහයන්ට (සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, බර්ගර්) අයට එකමුතු වෙන්න මේක හොඳ අවසථාවක්. මම හරි කැමතියි අපේ ටීම් එකට උතුරෙන් සහ නැගෙනහිරින් ක්‍රීඩකයන් එක් වෙනවා නම්. අපේ සිංහයන්ට ජයවේවා. (ස)
අපේ විරුවන්ට ජය වේවා. නියමයි. සුබ පැතුම් සිංහ පැටවුන්ට. සංගා මහේලටත් සුබ අනාගතයක්. (ස)
අපේ සිංහයන්ට ජයවේවා!! (ස)
බන්දුල මහත්මයෝ ඔබතුමා දන්නවද? ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම සෑම අවස්ථාවකම ඉතා ඉහල මට්මක තිබිය යුතුයි. ඒ සඳහා පළපුරුද්ද ජාත්‍යන්තර හා දේශීය පිටිය තුළත් පරිනතභාවය ගොඩක් වැදගත්. මේ ලෝක කුසලාන තරඟයේ අප ක්‍රීඩා කළ අවසන් තරග 3 අති විශිෂ්ඨ දස්කම් තුළින් ලැබුණු ජයග්‍රහණයන්. නවසීලන්තය සමඟ පැවතී තරගයේදී අපේ ක්‍රීඩකයින් ලකුණු 119 කට දැවී ගිය විට 95% ලාංකික ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුනුවිසුනු වී ඇතැයි මා තරයේ විශ්වාස කරමි. නමුත් අපේ ක්‍රීඩකයින්ගේ තිබුණු පීඩනය නවසීලන්තයට පරිවර්තනය කර නොතිබුණු ජයක් අපි ලැබුවා. ඒ ජයග්‍රහණයට හේතුව මා සඳහන් කළ ඒ මානසික මට්ටම්. චන්දිමාල් කියන්නේ දක්ෂ පිතිකරුවෙක්. නමුත් ලෝක කුසලානය වගේ තරගයක නායකයෙකුවීමට තරම් ඔහුට පළපුරුද්දක් තිබෙනවාද කියා මා දැනගන්න කැමතියි. මේ ඔහුගේ වරදක් නොව බලධාරීන්ගේ වැරද්දක්. අපි දුටුවා සෑම තරගයකදීම මහේල හා සංගා කණ්ඩායම මෙහෙය වූවා. ඒ නිසා උසස් මානසික මට්ටමින් සිටිය අවසන් පූර්ව (බටහිර ඉන්දීය කොදෙව්) තරගයේ ක්‍රීඩා කළ 11 දෙනා අවසන් මහා තරගයට වෙනස් නොවේ ඉදිරිපත් කිරීම ඉතාමත් නිවැරදි තීරණයක් හැටියට සලකමි. මේ පුද්ගලිකව චන්දිමාල්ට යම් කිසි බලපෑමක් ඇති කලත් ඔහු පවා හොඳින් දන්නවා අවසන් 11 ඉතා හොද මානසික මට්ටමෙන් සිටින බවට. පිතිකරුවෙකු ලෙසක් අත්දැකීම නොමැති නායකයකු හැටියටත් පීඩනය ඔහුට දරාගන්න තරම් ශක්තියක් තිබේද කියා සැක සහිතය. නමුත් මාලිංග පන්දු යවන්නෙක් නිසා ඔහුට යම්කිසි පීඩනයක් ඇතිවුවත් හොඳින් පන්දු යවන්න බැරි තත්වයක් ඇතිවුණ ඊළඟ පන්දුවාරය නොයවා පොඩි විවේකයක් ගෙන පන්දුවාර 3-4 කට පසුව නැවතත් පන්දු යවන්න පුළුවන්. නමුත් චන්දිමාල් එක දුර්වල පහරක් එල්ල කර කඩුල්ල අහිමි කළොත් අනවශ්‍ය පීඩනයක් කණ්ඩායමට එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු කරුණු සලකා බැලීමෙන් ඉතාමත් පැහැදිලියි මාලිංග නායක ලෙස කටයුතු කිරීම අපේ කණ්ඩායමට 100% වාසි දායක වුන කියන එකත් චන්දිමාල් වෙනුවෙන් ලහිරු කැඳවීම් වඩාත් උචිත ක්‍රියාවක් ලෙසත්. දැන් චන්දිමාල් ටික කාලයක් විවේක ගෙන දේශීය තරවලට සහභාගී වී ලකුණු අතර ආ විගස ඔහුට පිතිකරුවෙකු ලෙස අවස්ථාව ලබාදීම තමා කළ යුත්තේ. මොකද ඔහු අපට සිටින දක්ෂ පිතිකරුවෙන් නිසා. (ස)
ඉතාමත් සතුටුයි. ඉන්දියාව පරදා ලබාගත් ජය ඉතාමත් විශිෂ්ටයි. (ස)
ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට ජය වේවා! (ස)
ගෆුර් මහත්තයා..මම ඔබට ගොඩක් ගරු කරන කෙනෙක්..මට හිතෙන්නෙම ඔබ සිංහලයෙක් කියල මිසක් මුස්ලිම් භක්තිකයෙක් ලෙසට නෙමෙයි..නමුත් මෙතැනදී මට ඔබ තුමාගේ තර්ක පිළිගන්න අමාරුයි මහත්තයෝ.ටෙස්ට් වරමත් එක්කම ක්‍රිකට් ක්‍රීඩාව ඇගටම ජීර්ණ වුණු මට එදා ඉඳලම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආපු මග ගැන හොද දැනීමක් තියෙනවා. කැපිලි කෙටිලි, කුලල් කා ගැනීම්, ජයග්‍රහණ පරාජයන්, පලි ගැනීම්, දේශපාලයේ බලපෑම්, ඔලුව උදුමවා ගැනීම්, මුදල තෘෂ්ණාව, ආපු මග අමතක කිරීම්, නවකයන් හෙලා දැකීම, ප්‍රවිණයනට ගරු නොකිරීම, ඔය ඔක්කොම ඒ අපු ගමන් මගේ තිබුණා.ඉදිරි ගමන් මගෙත් ඒවා එහෙම්මම තියෙනවා තව වැඩිපුරත් දේවල් එකතු වෙමින්ම.96 ලෝක කුසලානය දිනපු පිල 2000 දී පළමු වටෙන්ම ඉවතට විසි වුනේ මොකද කියල ක්‍රිකට් ගැන දන්නා කට්ටිය දන්නවා.පහු ගිය 20/20 තරගාවලියේදී මාලිංගගේ පතුරු යවපු, මාලිංගගේ ටෝක් එකට ඔහුව දෙකේ කොලේටම දාපු අයම තමයි අද මාලිංගව පුම්බන්නෙත්..හෙට අයෙත් දෙකේ කොලේට දාන්නෙත්.මේ ජයග්‍රහණයත් එක්ක අර ගමන් මගේ තියෙන නරකම දේවල් ආයෙත් එළි දකිනවා අනිවාර්යයෙන්ම.සංගාගෙයි මහේලගෙයි මාධ්‍ය සාකච්චාව ඒකට උදාහරණයක් .. (ස)
මේවා බොරු වැඩ .. දැන් රට ගැන හිතල වැඩට බැස්සොත් හොඳයි.. (ස)
උණුසුම් සුබ පැතුම්.(දිල්)
බන්දුල පෙරේරා මහත්මයෝ දැන් නම් මේ කොමෙන්ට් දැමිල්ල මෙතනින් නතර කරන්න කියල කියන තරමට එපා වෙලා. ක්‍රිකට් විචාරයට වෙනම පිටුවක් ඔබට වෙන් කරලා දෙන්න කියල මම කතුතුමා ගෙන් ඉල්ලනවා. දැන් මේ ජයග්‍රහණයට සතුටු උදවියට එය ප්‍රකාශ කරන්න ඉඩදීලා ඔබතුමාගේ ක්‍රිකට් විශ්ලේෂණය පසුව කරගන්නකො!. (නදී)
පාලි, ඔයා හරියට හරි, මේ බන්දුල පෙරේරා (මේ වගේම අදහස් දාන කෙනෙක් හිටිය වෙන රටක) මට පෙන්නේ මේ එයා වගෙයි. මම හිතන්නේ දැන් මෙතුමට ගොඩක් හොඳයි උණු වතුර ටිකක් නාල, කොත්තමල්ලි ටිකක් එහෙම බීලා, බණ පොතක් කියාගෙන හිටියානම් (ස)
පාලි මහත්තයගෙ කතාව ඇත්ත.අපි ජාතියක් හැටියට එකමුතු වෙලා සතුට සමරන්න ඕන වෙලාවක් මේක. අපේ සිංහයන්ට සුභ පැතුම්. (ස)
ඔන්න සුමිත් මල්ලි කකුලෙන් ඇද්දා. ඕක මල්ලි අපිට පරම්පරාවෙන් එන උරුමයක්. වැඩට බහිමු රට ගැන හිතමු ආකල්පයට ගරු කරනවා සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම්! (නදී)