ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට‘ කෙටි නාට්‍ය උළෙල 2015 සමාප්ති උළෙල හා සම්මාන රාත‍්‍රිය සිකුරාදා (6) පස්වරුවේ එම විශ්වවිද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ.
මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොල්කටු තිස්දාහකින් නිර්මාණය කළ තොරණ එම විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපස මෙසේ ඉදිකර ඇත.
තොරණෙහි අකුරු ද පොල්කටුවලින් සකස් කර තීන්ත ආලේප කර ඇත. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා සිසුහු මෙම තොරණ ඉදිකිරීම ස`දහා නිර්මාණාත්මක හා ශ‍්‍රම දායකත්වය දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දස්කම් තියාගෙනද මේ දරුවෝ සතියකට සැරයක් පෙළපාලි යන්නේ? දැන්වත් මෝඩ තීරණ නොගන්න. (නි)
මෙන්න මෙහෙම නිර්මාණාත්මක අළුත් දේවල් නේද සරසවි සිසුන් වුණාම රටේ ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ? (නි)
අලුත් දේවල් රටට ඉදිරිපත් කරන්න ඉගෙනගන්න කාලය තුළ. සමාජයේ ඔබට ඇති වටිනාකම තේරුම්ගෙන රටට වැඩදායි පුරවැසියෙක් වශයෙන් මේ මිහිතලය ජයගන්න බලන්න! (නි)
තම ඉගෙනුම කටයුතු වලට බලපාන පරිදි විවිධ ප්‍රශ්න යොමුකර තම අගනා කාලය නාස්ති කරන්නේ නැතිව මෙවැනි නෙත් පිනවන කලාත්මක කෘති වල යෙදෙන දරුවන් රටටම ආදර්ශයකි (රේ)