ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය ඕවිටිගලගේ සමන්ත මරා දැමීයැයි චෝදනා ලබා සිටි විසි දෙදෙනාගෙන් 11 දෙනෙක් මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් අද නිදහස් කරනු ලැබූහ.
ඔවුනට එරෙහිව සාක්කි නැති නිසා නිදහස් කරන බව විනිසුරුවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවට මේ ගොල්ලන් කරන අපරාධ වල සාක්ෂිත් නැහැ (නි)
ජනිත්,අසංක,රණසිංහ,ඔයාලාගේ අදහස් කියෙව්වාම ඇසට කදුලක් ඉනුවා. ඒ අපරාධය කළ අය සහ ඔවුන්ට අනුබල දුන් අය සාක්ෂි නැතුව එළියට ගියත් හදවත් වලට එයාලට බොරු කරන්න බැරිවෙයි. ජිවිත කාලයම ඒ ගැන මතක් කර කර දුක් විද විද ඉන්න වෙයි. (නි)
එවකට ජපුරෙහි නවක වද විරෝධී පිලේ සිටි මගේ සොයුරියට එල්ල කළ මරණ තර්ජන වලින් ඇයව බේරා ගැනීමට අදාල දේශපාලන පක්ෂයේ ලොක්කන් හමුවී උදව් ඉල්ලීමට මාහට සිදුවිය. (නදී)
යුක්තිය ඉටුවෙන්න යන කල් නේද. මිනිස්සු ඉස්සර වෙන්නේ ඒකයි .. .මිනි මරුවාට හොඳක් නම් සිද්ද වෙන්නම එපා. (නදී)
අසංක, මට නම් මතක විදියට මොහු අංක එක අවංක පුද්ගලයෙක්. ඔබට නිවන් සුව!... (ස)
එතකොට සමන්තව මැරුවේ කවුද ? (ස)
මෙම සිද්ධිය ඉතා කණගාටුදායක එකක්.එක අම්මා කෙනෙක් තම පුත්‍රයාගේ වියෝවෙන් තැවෙද්දි තවත් අම්මලා ඒ සිදුවීමට සැකපිට බන්ධනාගාරයේ ඉන්න තම පුත්වරුන් වෙනුවෙන් හඩනවා.ඔවුන් තමන්ගෙ සියලු දේ වියදම් කරනවා නඩු කියන්න.මෙවන් දේ යළි නොවේවා! (නි)
මම මෙම කණගාටුදායක ඝාතනය සිදුවන කාලයේ සමගාමිකයකු වෙමි. මෙයට අමතරව විශ්ව විද්‍යාලය කලක් වසා දමා සිසුන්ගේ අධ්‍යාපනයටද මිළ කළ නොහැකි පාඩුවක් සිදුවිය. මෙවන් දේවල් නැවත සිදු වීම වැළැක්වීම බලධාරීන්ගේ වගකීමයි. (නි)
මරපු කෙනා හොයා ගන්න තව ගොඩක් කල් යාවි වගේ. (ස)
ඝාතනයෙහි නියම සැකකරු සොයාගන්න තව කොච්චර කලක් ගන්නද? හරි කෙනා කොහොමද හොයන්නෙ? අවසාන වසයෙන්, සමුහයක් විසින් කළ ඝාතනයක් නිසා, කවුරුත් නැතිවෙයිද? (නි)
සමන්ත ඝාතනය කෙරුනේ මෙයට වසර 11කට පෙරදීය.මෙම පුවත එදා මිනිසුන්ගේ හදවත් සලිත කළ මහා පුවතක් විය.සමන්තගේ නිවසේ සිට විජෙරාම කනත්ත දක්වා මහා ජන ගඟක් ගැලුණි.මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන විශ්ව විද්‍යාලය තුළත් නොමිලේ ඉගෙන ගනිමින් ත්‍රස්තවාදීන් ලෙස හැසුරුණු කිසියම් පිරිසක් තම සහෝදරයෙක්ම ඝාතනය කොට ලෝක විශ්ව විද්‍යාල පද්ධතියටම කලු ලකුණක් එක් කලේය.ඝාතකයා නීතිය ඉදිරියේ කෙසේ වෙතත් හදවතේ සාක්ෂිය ඉදිරියේ හඩා වැටෙනු ඇත.ඝාතකයා එය ජීවිතය පුරාම විදවනු නොඅනුමානය.ඒ ඝාතකයාට ලැබෙන හොඳම දඩුවමයි.අවසානයේ වූයේ සමන්ත රටට, දෙමාපියන්ට අහිමි වීම පමණි.සමන්ත ඔබට නිවන් සුව. (ස)
මෙය කියවන විට මට ඉමහත් දුකක් දැනේ. මන්දයත් සමන්ත අප විශ්වවිද්‍යාල සමගාමිකයකු වන බැවිනි. මා දැනට වරලත් ගනකාදිවරයකු ලෙස විදේශ රටක සේවය කරමි. සමන්ත ජිවත්ව සිටියානම් ඔහුත් අප වැනිම රටට වැඩ ඇති පුරවැසියකු වීම නියතය. මන්ද ඔහු මට වඩා දක්ෂයකු වන බැවිනි. (නදී)
මෙතන කණගාටුදායකම කරුණ නම් මේ සිසුන් 11 දෙනා වසර 10 පමණ තිස්සේ සැකකරුවන් කොට මේ නඩු ඇදී යාම්යි. තවමත් නඩුව නිම වී නැත. මේ නඩුවේ යුක්තිය ඉටුවන විට සමන්ත මැරුනු තැන්වල මහ ගස් පැලවී තිබෙනු ඇත. මේ සිසුන් වරදක් නොමැතිව( නිදහස් වූ 11දෙනා,සාක්ෂි රහිතව වසර 10 සැකකරුවන් ලෙස,මිනීමැරීම් නඩුවක) වසර 10තිස්සේ සමාජය ඉදිරියේ වරදකරුවන් ලෙස හංවඩු ගැසී අවසානය. ජීවිතය ඔවුන්ට අලුතින් ඇරඹීමට හැකි වේවා.!(නදී)
මමත් සමන්තත් එකම "නවකවද විරෝධී" කණ්ඩායමේ වැඩ කලෙමු... සමන්තගේ වියෝවින් අදත් ඔහුගේ දෙමාපියන් හඩා වැටෙන බව මම දනිමි... අන්තරේ සිසු අරගල කාරයන්ගේ ලේ පිපාසිත ක්‍රියාකාරකම් වලට නීතියෙන්වත් දඩුවම් ලැබෙනතුරු අපි බලා සිටියෙමු..! නමුත් අදෝමැයි... නීතියේ දෙවඟන දෙඇස් වසා තද නින්දේමය..! (ස)
අසංක, ඔබගේ නිහතමානී වදනට මාගේ ප්‍රණාමය, සමහර අය සිතා සිටින්නේ ඔවුන්ට වඩා දක්ෂ අය වෙන කොහෙවත් නෑ කියාය, (ස)
මේක හරි අමුතු රටක් ... (නි)