ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයත් ශිෂ්‍ය ප්‍රජාවත් එක්වී මැයි 13 වැනිදා සිට 18 දක්වා විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරීමට යයි.
බෞද්ධ සංගමය සහ කලා පර්ෂදය ඉදිරිපත් කරන මේ තොරණ සඳහා නිර්මාණ දායකත්වය සම්භාවනීය කලාකරුවන් පිරිසකගෙනි.ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ ‘අසක්දා කව’ සහ ආසංඛවතී ජාතකය පදනම් කැරගත් තොරණෙහි ප්‍රධාන චිත්‍ර ගුණදාස සපුතන්ත්‍රිගෙනි.විදුලි ආලෝකය ඇන් ජේ එදිරිසිංහගෙනි.‘අසක්දා’ කවෙන් උපුටාගත් ගුණදාස අමරසේකර පද්‍ය රචනා තොරණ සඳහා ගායනා කරන්නේ විශාරද නන්දා මලනීය සහ වික්ටර් රත්නායකයි.
සංගීතය රෝහණ වීරසිංහගෙනි.තොරණ විස්තරය ආචාර්යය ප්‍රණීත් අභයසුන්දර රචනා කරයි.විස්තර කථනය හරේන්ද්‍ර ජයලාල්ගෙනි.පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ සහ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධීක්ෂණයෙන් මෙම වෙසක් තොරණ ඉදි කැරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. අන්තරේ එක්ක පෙළපාලි යනවට වැඩිය මෙහෙමවත් දෙයක් කරනවා නම් කොච්චර හොඳද? (නි)
ඇත්තෙන්ම සිතට හරිම සතුටක් දැනෙන කරුණක් මක් නිසාද යත් අපේ නැතිවෙලා යන උරුමය එක්කාසු උන වෙලාවක් සියලුම කලා කරුවන් එකතුවෙලා මේ ගැම්ම් දිගටම ගෙනියමු .. හරිම අද්‍රශමත් පින් (දී)
සෑම වසරකම ජපුර මහා ශිෂ්‍ය සංගමය හා එක්ව "උත්තම පූජා හා සහෘද යාත්‍රා යටතේ පුස්තකාල දෙකක් හදනවා (ස)
ඉතා හොඳ ක්‍රියාවක්. ආලෝක පූජාව උතුම් පූජාවක්නෙ. සාදු සාදු සාදු !!!! (ස)
තොරණ කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි ඒ රටා ගන්න පහසුවෙන් බැහැ (දී)
මහාචාර්ය සුනිල් ආරියරත්න සර් මටත් උගන්නලා තියෙනවා (දී)
මේවා ඇත්තටම අගය කරන්න ඕන වැඩ මෙවන් කලාවක් ලංකාවේ තියෙනවා කියලා ලෝකෙටම කියන්න හොද අවස්තාවක් (දී)
රජින්ද, ස්තුතියි! භාෂණය , ලේඛණය, සහ චින්තනය වෙනුවෙන් පවත්නාවූ මුලික අයිතියට මම දිවිහිමියෙන් හිස නමා අචාර කරමි. ඔබටත් තෙරුවන් සරණම පතමි!!! (දී)
වෙසක් තොරණක් නිර්මාණය කිරීම උතුම් ශ්‍රද්ධා ජීවී ක්‍රියාවක් තමයි. ඒත් මේ සා වූ උගතුන් බුද්ධිමතුන් පිරිසකගෙන් මීට වඩා ප්‍රශස්ත ක්‍රියාවක් ඉටුවිය යුතුයි කියල තමයි මට නම් හිතෙන්නේ. පුස්තකාලයක් නැති අහිංසක දරුවෝ ඉන්න පාසලකට පුස්තකාලයක් හදල පොත්පතුත් ලබාදෙන්න මෙහෙවරක් ආරම්භ කළානම් කෙතරම් ප්‍රඥාගෝචර වන්නේද. තෙරුවන් සරණයි!!! (ස)
ඇසළ නුගතෙක් වගේ කතා කරන්න එපා (දී)
හෙළයේ මියැසිය...! (නි)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා ගුරුවරුන්ට සහයෝගයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා නම් මීට වඩා බොහෝ දායාද ලාංකික සමාජයට ලැබෙනු ඇත. (ස)
රංග, එතකොට කුහක දේශපාලන පක්ෂයකට කඩේ යන එක නොතේරෙන එකද උගත්කම? අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි, කඩේ යන එකයි දෙකක් කියලා තේරුන දවසක නැවත කතා කරමු. (නි)
මහවැලි, තේරුම් ගන්න.... මේක ආමිස පුජාවක්... හුදී ජනයාගේ සිත් වලට අලුත් යමක් දෙන්න කරන වැඩක්..!! ඔබ කියන විදිහට ලංකාවෙන් තොරන් කලාව තුරන් වෙන එකද වෙන්න ඕන? පුස්තකාල පමණක් නෙවෙයි ගොඩනැගිලි පවා හදල දීල තියෙනවා කලින්. වසරකට එක වරක් පමණක් අපට ලැබෙන මේ සද් ක්‍රියාව අතීශය ප්‍රඥාගෝචර ක්‍රියාවකි. මුළු හදවතින්ම මේ ක්‍රියාවට සුභ පතමු...!!! (ස)
හොඳ වැඩක්, එතන තොරණක් ඉදි කිරීමටත් නැරඹීමටත් ඉඩ ඇත්ද ? (නදී)