IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජපුර සරසවියෙන් තොරණ කලාවට සවියක්

 

ශ්‍රී ජයර්ධනපුර  විශ්ව විද්‍යාලයීය  අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයත්  ශිෂ්‍ය ප්‍රජාවත්  එක්වී මැයි 13 වැනිදා සිට 18 දක්වා විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරීමට යයි.

බෞද්ධ සංගමය සහ කලා පර්ෂදය ඉදිරිපත් කරන මේ  තොරණ සඳහා  නිර්මාණ දායකත්වය සම්භාවනීය කලාකරුවන් පිරිසකගෙනි.ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ ‘අසක්දා කව’ සහ ආසංඛවතී  ජාතකය පදනම් කැරගත් තොරණෙහි  ප්‍රධාන චිත්‍ර ගුණදාස සපුතන්ත්‍රිගෙනි.විදුලි ආලෝකය  ඇන් ජේ එදිරිසිංහගෙනි.‘අසක්දා’ කවෙන් උපුටාගත්  ගුණදාස අමරසේකර පද්‍ය  රචනා තොරණ  සඳහා ගායනා කරන්නේ විශාරද නන්දා මලනීය සහ  වික්ටර් රත්නායකයි.

සංගීතය රෝහණ වීරසිංහගෙනි.තොරණ විස්තරය  ආචාර්යය ප්‍රණීත් අභයසුන්දර රචනා කරයි.විස්තර කථනය හරේන්ද්‍ර ජයලාල්ගෙනි.පාලි හා බෞද්ධ  අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ  අභයතිස්ස හිමියන්ගේ  සහ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධීක්ෂණයෙන් මෙම වෙසක් තොරණ ඉදි කැරේ.



අදහස් (0)

ජපුර සරසවියෙන් තොරණ කලාවට සවියක්

ඇසළ Tuesday, 22 April 2014 05:28 PM

හොඳ වැඩක්. අන්තරේ එක්ක පෙළපාලි යනවට වැඩිය මෙහෙමවත් දෙයක් කරනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

අරුණ Tuesday, 29 April 2014 06:31 PM

ඇත්තෙන්ම සිතට හරිම සතුටක් දැනෙන කරුණක් මක් නිසාද යත් අපේ නැතිවෙලා යන උරුමය එක්කාසු උන වෙලාවක් සියලුම කලා කරුවන් එකතුවෙලා මේ ගැම්ම් දිගටම ගෙනියමු .. හරිම අද්‍රශමත් පින් (දී)

:       0       0

ජගත් Sunday, 04 May 2014 08:09 AM

සෑම වසරකම ජපුර මහා ශිෂ්‍ය සංගමය හා එක්ව "උත්තම පූජා හා සහෘද යාත්‍රා යටතේ පුස්තකාල දෙකක් හදනවා (ස)

:       0       0

නිලන්ති Wednesday, 23 April 2014 09:50 AM

ඉතා හොඳ ක්‍රියාවක්. ආලෝක පූජාව උතුම් පූජාවක්නෙ. සාදු සාදු සාදු !!!! (ස)

:       0       0

ජීවන්ත Tuesday, 29 April 2014 08:12 PM

තොරණ කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි ඒ රටා ගන්න පහසුවෙන් බැහැ (දී)

:       0       0

අශෝක Tuesday, 29 April 2014 08:57 PM

මහාචාර්ය සුනිල් ආරියරත්න සර් මටත් උගන්නලා තියෙනවා (දී)

:       0       0

අජන්ත Tuesday, 29 April 2014 08:15 PM

මේවා ඇත්තටම අගය කරන්න ඕන වැඩ මෙවන් කලාවක් ලංකාවේ තියෙනවා කියලා ලෝකෙටම කියන්න හොද අවස්තාවක් (දී)

:       0       0

මහවැලි Tuesday, 29 April 2014 09:16 PM

රජින්ද, ස්තුතියි! භාෂණය , ලේඛණය, සහ චින්තනය වෙනුවෙන් පවත්නාවූ මුලික අයිතියට මම දිවිහිමියෙන් හිස නමා අචාර කරමි. ඔබටත් තෙරුවන් සරණම පතමි!!! (දී)

:       0       0

මහවැලි Tuesday, 29 April 2014 02:34 PM

වෙසක් තොරණක් නිර්මාණය කිරීම උතුම් ශ්‍රද්ධා ජීවී ක්‍රියාවක් තමයි. ඒත් මේ සා වූ උගතුන් බුද්ධිමතුන් පිරිසකගෙන් මීට වඩා ප්‍රශස්ත ක්‍රියාවක් ඉටුවිය යුතුයි කියල තමයි මට නම් හිතෙන්නේ. පුස්තකාලයක් නැති අහිංසක දරුවෝ ඉන්න පාසලකට පුස්තකාලයක් හදල පොත්පතුත් ලබාදෙන්න මෙහෙවරක් ආරම්භ කළානම් කෙතරම් ප්‍රඥාගෝචර වන්නේද. තෙරුවන් සරණයි!!! (ස)

:       0       0

රංග ප්‍රදීප් කහඳ Tuesday, 22 April 2014 11:16 PM

ඇසළ නුගතෙක් වගේ කතා කරන්න එපා (දී)

:       0       0

ඩෑම් Wednesday, 30 April 2014 01:31 AM

හෙළයේ මියැසිය...! (නි)

:       0       0

මංජුල Tuesday, 29 April 2014 04:22 PM

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා ගුරුවරුන්ට සහයෝගයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා නම් මීට වඩා බොහෝ දායාද ලාංකික සමාජයට ලැබෙනු ඇත. (ස)

:       0       0

නුවන් Wednesday, 23 April 2014 05:05 AM

රංග, එතකොට කුහක දේශපාලන පක්ෂයකට කඩේ යන එක නොතේරෙන එකද උගත්කම? අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි, කඩේ යන එකයි දෙකක් කියලා තේරුන දවසක නැවත කතා කරමු. (නි)

:       0       0

රජින්ද Tuesday, 29 April 2014 04:38 PM

මහවැලි, තේරුම් ගන්න.... මේක ආමිස පුජාවක්... හුදී ජනයාගේ සිත් වලට අලුත් යමක් දෙන්න කරන වැඩක්..!! ඔබ කියන විදිහට ලංකාවෙන් තොරන් කලාව තුරන් වෙන එකද වෙන්න ඕන? පුස්තකාල පමණක් නෙවෙයි ගොඩනැගිලි පවා හදල දීල තියෙනවා කලින්. වසරකට එක වරක් පමණක් අපට ලැබෙන මේ සද් ක්‍රියාව අතීශය ප්‍රඥාගෝචර ක්‍රියාවකි. මුළු හදවතින්ම මේ ක්‍රියාවට සුභ පතමු...!!! (ස)

:       0       0

සුනේත්‍රා Tuesday, 22 April 2014 04:01 PM

හොඳ වැඩක්, එතන තොරණක් ඉදි කිරීමටත් නැරඹීමටත් ඉඩ ඇත්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site