ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාවේ වහලයට උඩින් ඊයේ පෙරෙයිදා දුම්පිට වෙනු දුටු හුඟදෙනෙකුට පුදුමයක් දැනී තිබුණි.
එක වෙලාවකට ඒ දුම් වලින් කැවුම් බැදෙන සුවඳ දැනෙද්දි තවත් වෙලාවක වන්ඩු තැමිබෙන සුවඳක් දැනෙන්නට විය
ඒත් සමඟ තවත් මොහොතකින් උළුඳු වඩේ තෙලෙන් බැදෙන සුවඳත් දුම් දමන තෝසේ වළින් හමන සුවඳක් ද දැනුණේය
අලකාර ගැමි පරිසර ආකෘතියක් සැකසූ සුමංගල ශාලාවේ පුංචි මංගල්‍යයකි
අළංකාර දේශිය ඇඳුමින් සැරසී ඔබ මොබ යන තරැණ සිසුසිසුවියෝය
ඇතැමුන් එක්ව තැනක කැවුම් පිසිති තවත් තැනක වෙල්ල වැහුම් පිළියෙළ කරති තවත් තැනක වෙනස් කෑම පිසිති ඒ මුස්ලිම් තරැණියෝ පිරිසකි. තවත් තැනක වඩේ බදිමින් දෙමළ තරැණියෝ පිරිසක් සිටිති
සර්ව ජාතින් නියෝජනය කරමින් මෙසේ සුදානම් වී තිබුණේ ඔවුන්ගේ ජාතික සංහිඳියාව පිළිඹිඹු කරන ව්‍යාපෘතියයි
විශ්ව විද්‍යාල උපකුලපති ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම වැඩසටහනින් සත්කෝරළයම නියෝජනය කරමින් ප්‍රදේශවලට අවේණික ආහාර සියළු ප්‍රඡාවට බෙදා ගැනීම අරමුණ වීය
ප්‍රවිණ සූපවේදි පබිලිස් සිල්වා ,ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා සම්පත් දායකයෝ වූහ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි.පොඩි දුකකුත් හිතට දැනුණා ඒ අපිට එන්න නොලැබුණු හින්ද (දිල්)
මෙවා නම් පුහු අාටෝප වගෙ වැඩ. සිංහල අය තමන්ගෙ රට බෙදල දෙන්න දඟලන තරමක් කියලයි හිතෙන්නෙ. රැවටෙන්නෙ සිංහල අයම තමයි. දෙමළ අයට උතුර ඕන. මුස්ලිම් අයට නැගෙනහිර ඕන. එහෙ සිංහල මිනිස්සු එලවන බව කොළඹ අය දන්නෙ නැතුව වගේ. (ස)
ජාතික සංහිදියාව වැඩ සටහන් පටන් ගන්න ඕන ළදරු පාසලේ සිටය. ජනතාව බලාපොරොත්තු වන්නේ ජාතික මට්ටමේ ක්‍රමවත් වැඩ පිලිවෙලකටය. (ස)
"අඳුරට දෙස් තියනවට වඩා එක පහනක් වත් පත්තු කිරීම හොඳයි" කියන කීම අහලවත් නෑ වගේ සමහර අදහස් දමන මහත්තුරු. (අ)
කාගේ වුනත් සංකල්පයනම් ඉතා හොඳයි, නමුත් මීට වැඩිය ටික්කක් බරදාලා කරලා තිබනම් වැඩ හොඳයි. (ස)
අපේ නැණ පැහැදූ ජයවර්ධනපුර සරසවිය දිනේවා! අද අපි පිටරටවලට වෙලා සැපට ඉන්නේ ගරු නම්බු ලබන්නේ ඔබට පින්සිදු වෙන්නයි, සරසවි මෑණියනි..... (නි)
මේවා හොදයි ටෙලිනාට්‍ය වලට. අපේ සිංහල අය හිතන්නේ මේගොල්ලෝ එකට හිටගත්තහම ඔක්කොම හරිය කියල. මෙතනින් එලියට ගිහාම අායෙත් යන්නේ ඒගොල්ලන්ගේ ලෝක වලට. තමන්ගේ ජාතිවාදී න්‍යායාපත්‍ර අනුව වැඩ කරනවා. නිකම් බොරුවට හිත රවට්ටගන්න එපා. (ස)
මෙහෙම ඉන්නවා නම් කොපමණ හොඳද? ඒත් අපේ සමහර සංවිධාන මේවාට අකමැතියි නේද? (නි)
සම්පත් ඔබේ කීම අනුමත කරනවා. මේව බොරු සෝබන වැඩ යතාර්ථය මීට වෙනස්. (ස)
සම්පත් හරි. සංහිදියාව කියන්නේ මේ වගේ ප්‍රදර්ශන වලට නෙවෙයි. එ්කට ජාතික වැඩ පිළිවෙලක් ඕන. මේවා හොඳයි ටෙලිනාට්‍ය වලට. අපේ සිංහල අය හිතන්නේ මේ ගොල්ලෝ එකට හිට ගත්තම ඔක්කොම හරි කියල. මෙතනින් එළියට ගියාම අායෙත් යන්නේ ඒ ගොල්ලන්ගේ ලෝක වලට. තමන්ගේ ජාතිවාදී න්‍යායා පත්‍ර අනුව වැඩ කරනවා. නිකම් බොරුවට හිත රවට්ට ගන්න එපා. (ස)
නෙතට කඳුළු ආවා, සතුටට. සැමට සුභ අනාගතයක් වේවා. (ස)
අපේ සිංහල රට බෙදාගන්න සිංහලයෝම කරන මේ උත්සාහය මට නම් විහිළුවක්. (ස)
මගේ දෙනෙත් පෑදු සරසවි මෑණි දිනේවා (දිල්)
ලෝකයේ දියුණු වූ රටවල මේ වගේ තමයි වැඩකරන්නේ. එහෙම වුණා කියල තම ජාතික අනන්‍යතාවට හානියක් කරගන්නේ නැහැ. මෙය හොද වැඩක් (දිල්)