ප‍්‍රති සංවිධානය කිරීමේ අදහසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (11) සිට විසුරුවා හළ සෞඛ්‍ය අමාත්‍යංශය ලබන සතියේ සිට නව පාලක මණ්ඩලයක් පත් කිරීමට යයි. සභාපති ද සෞඛ්‍ය ඇමැති නියෝජිතයෝ තිදෙනෙක් ද විශේෂඥ වෛදවරු දෙදෙනෙක් ද, අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුළු වූහ. මීට අමතරව රෝහලේ අධ්‍යක්ෂ සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂ ජනරාල් සහ භාණ්ඩාගාර නියෝජිතයෙක් ඊට නිලබලයෙන් පත්වෙති.